අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද(03) පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශේෂ අසුනක් වෙන් කිරීම සිදුවේ. ඒ, කතානායකවරයාගේ අසුන ඇති ස්ථානයේය.

නව පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ආසන පැනවීමේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා වෙත ආණ්ඩු පක්ෂයේ 08 වන අසුන වෙන් කර තැබෙනු ඇත. අගමැතිවරයාට 07 වන අසුන වෙන්වේ.

සභානායකවරයා ලෙස පත් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට හිමිවන්නේ 06 වන අසුනයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හට 05 වන අසුන වෙන් කර තිබේ.

 

රනිල්ගෙන් විශේෂ ඉල්ලීමක් !

විපක්ෂයේ ආසන පැනවීමේදී එහි 08 වන අසුන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙන් කර තිබේ. එය විපක්ෂ නායකවරයාට හිමි අසුනයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද දිනයේ දී විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නම් කිරීමට නියමිතව ඇත.

සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨත්වය මත 07 වන අසුන එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට වෙන් කර තැබීමට නියමිතව තිබුණ ද ඔහුගේ විශේෂ ඉල්ලීමකට අනුව ඔහු වෙනුවෙන් 09 වන ආසනය වෙන් කර තබන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසිය.

සෙසු ආසන පක්ෂ නායකයින්ගේ අනුපිළිවෙළින් වෙන් කර තැබෙනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වෙනුවෙන් විපක්ෂයේ අසුනක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ අසුන්ද අද දිනයේ වෙන් කිරීමට නියමිතය.

කෙසේවෙතත් ආසන පැනවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මීට පෙර පනවා තිබූ ආසන වෙනසක් සිදුනොවේ.

(මුලාශ්‍රය -නෙත් නිව්ස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්