ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යලි විධායක බලය ලබාදීමේ අරමුණින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී, විජේදාස රාජපක්ෂ විසින්
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් එල්ලවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් theleader.lk වෙත වාර්තාවේ.
විජේදාස මන්ත්‍රීවරයාගේ එම යෝජනා දෙකට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් ගණනාවක්ම විරෝධය පළකර ඇති බවත්, එම සංශෝධන ආණ්ඩුවේ යෝජනා ලෙස ඉදිරිපත් නොකර පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩුව තුළ එම යෝජනා පිළිබඳව එකඟතාවයක් නොමැතිවීම නිසා බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
එම සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් අතරවත් මෙතෙක් කිසිඳු සාකච්ජාවක් සිදුව නොමැත.
''ව්‍යවස්ථාවට ටින්කරින් එපා - අලුතින් එකක් ගෙන්න''
මේ අතර ඊයේ (02 වැනිදා) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්, 'ජාතික සංවිධාන එකමුතුවේ' වෛද්‍ය වසන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පවතින ව්‍යවස්ථාව ටින්කරින් නොකර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව බුල්ඩෝසර් කරමින් 2015 වසරේදී ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන 38ක් බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර එහිදී කියා සිටියේය.
එදා විජේදාස රාජපක්ෂ අශෝභන ලෙස හැසිරෙන අවස්ථාවේදී අසරණව බලා සිටි කථානායකවරයා අදත් පාර්ලිමේන්තුවේ ඇමැතිවරයෙක්ව සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඊට විරුද්ධ වූ එකම පුද්ගලයා ලෙස මන්ත්‍රී සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේ නැතත්, අනෙක් සියලු දෙනා එහි සිටීමෙන් විජේදාස රාජපක්ෂ නැවත වටයකින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම උගුල් ඇටවීමක් ලෙසද ඔහු අවධාරණය කර සිටියේය.
'ජාතික සංවිධාන එකමුතුව' ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා කරලීම සඳහා පසුගිය සමයේ විශාල කාර්යභාරයක් ඉටුකල සංවිධානයකි.
(මුලාශ්‍රය -Lanka Lead News)
සබැඳි පුවත් :
'යළි JR යුගයකට යාමට කෙරෙන යෝජනාව පරාජය කළ යුතුයි' - ජවිපෙ
යළි විධායක බලය ජනපතිට : ගෝඨාභය, විජේදාස ලවා මුට්ටියක් දමා බලයි !