ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානගතව එක පෙරමුණක් යටතේ එක ලැයිස්තුවකින් ඉදිරිපත් වුවද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් පරාජය කිරීමේ සැලසුමක් 'පොහොට්ටුවේ' ප්‍රධානින් විසින් දැනටමත් දිස්ත්‍රීක් මට්ටමින් ආරම්භකර ඇතැයි වාර්තාවේ.

මේ අතර මෙම සති අන්තයේ 'අනිද්දා' පුවත්පත ද වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට තනිව ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ගෙන් ඉහළ ඉල්ලුමක් ඇතැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන් කිහිපදෙනෙක් පැවසූ බවයි.

Text 3 3එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන්වේ.

මේ වනවිට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් රැසක් සෘජුවම ශ්‍රීලනිපය විවේචනය කරමින් සිටින බවත්, ඉදිරි මහමැතිවරණ කාලසීමාවේදීද එම විවේචනයෙහි අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බවත් එම ප්‍රාදේශීය නායකයන්ගේ අදහස බව ඔවුන් පවසති.

මහමැතිවරණයේදී ශ්‍රීලනිපයට අඩු නාමයෝජනා ප්‍රමාණක් ලැබීමේ ඉඩකඩක් තිබෙන බවත් , ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිපදෙනාටද පොදුජන පෙරමුණේ වාග් ප්‍රහාර නිසා මනාප නොලැබීමේ ඉඩක් තිබෙන බවත් ඔවුන්ගේ අදහසය.

 

තනිව තරඟ කලොත් වැඩි මන්ත්‍රීධුර ගණනක් !

නිර්නාමිකව අදහස් දැක්වූ එම මධ්‍යම කාරක සභිකයන් ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ සමග එක්ව තරග කර ලැබිය හැකි මන්ත්‍රීධුර ප්‍රමාණයට වඩා වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් තනිව තරග කොට ලබාගන්නට හැකිවෙතැයි අනුමාන කළ හැකි බවයි.

ශ්‍රීලනිප ප්‍රාදේශීය මට්ටටම් නායකයන් පිරිසකට නාමයෝජනා ලබාදීමේ අවස්ථාවක් එයින් හිමිවන බවත්, එය දීර්ඝකාලීනව ශ්‍රීලනිපයට යහපත් වනු ඇති බවත්  එම නායකයෝ කීහ.

ඊට අමතරව ශ්‍රීලනිපයට ස්වාධීන පාර්ලිමේන්තු කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවීමත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වුවහොත් ආණ්ඩුවට විවේචනාත්මකව කටයුතු කිරීමට හැකිවීමත් වැදගත් බව ප්‍රාදේශීය නායකයන්ගේ අදහස බව පැවසේ.

එම යෝජනා පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අදහස් දැක්වු නායකයෝ පැවසූහ.

 

''ප්‍රශ්නය පොහොට්ටුව ද ? පුටුව ද ? කියන කාරණය නොවේ''

ප්‍රාදේශීය නායකයන් ප්‍රකාශ කර ඇත්තේ දැනට ඇති ප්‍රශ්නය පොහොට්ටුව ලකුණෙන් ඉල්ලනවාද, පුටුව ලකුණෙන් ඉල්ලනවාද යන්න නොවන බවයි. කුමන ලකුණින් මැතිවරණයට ඉදිරීපත් වුවද පොදුජන පෙරමුණේ නායකයන් මැතිවරණයේදි ශ්‍රීලනිපය දරුණු ලෙස විවේචනය කරමින් ශ්‍රීලනිප නායකයන්ට මනාප නොලැබෙන තත්වයක් ඇතිකිරීම බරපතළම ප්‍රශ්ණය බව එම නායකයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රීලනිප නායකයන් අතර තවම සාකච්ඡාවක් සිදුවී නැතැයි එම මධ්‍යම කාරක සභිකයෝ කීහ.  

ජනාධිපතිවරණයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපතිධුරයට පත්කිරීම වෙනුවෙන් මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වුවත්, ඉදිරි මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට තවම මධ්‍යම කාරක සභාව රැස්වී නොමැති බව එම නායකයෝ කීවෝය.

ඉදිරි මහමැතිවරණය ගැන හදිසියේ තීරණයක් නොගන්නා බවත්, පවතින දේශපාලන තත්වය සලකා බලා, ඉදිරියේදී තීන්දු ගන්නා බවත් ඔවුහු පැවසූහ.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්