විරවිල ගුවන් හමුදා කදවුරේ සිට ගුවන් ගත වු ගුවන් හමුදාවට අයත්  වයි 12 ගුවන් යානය අද (03) උදැසන තම්බපිල්ලේ වතුයායට කඩා වැටුනේ ඇයි ද?

යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට විමර්ශන ආරම්භකර ඇත.

ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න පවසා සිටියේ, ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගොස් ඇති බවත්, එසේ මියගොස් ඇත්තේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවත්ය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙනි.

මෙම යානය ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව තිබු යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය  හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

 

Y-12 මගීන් ප්‍රවාහනයට අවසර නෑ

ගුවන් හමුදා නිලධාරයන් මරණයට පත් කරමින් කඩා වැටුණු Y-12 ගුවන් යානය මගී ප්‍රවාහනය මගින් ප්‍රවාහනයට අදාළව සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කිසිදු අවසරයක් ලබාගෙන නැති බවත් එය කිසිසේත් මගීන් නුසුදුසු බව මීට පෙර නැවත නැවත පෙන්වා දුන් බවත් මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි නාමිනි විජේදාස සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටී.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්