ඊ.ටී.අයි. (ETI) මූල්‍ය සමාගම හා ස්වර්ණ මහල් සේවා සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව බාරයට ගෙන ඒවාහි වත්කම් විකිණිමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වේ. එම මූල්‍ය සමාගම් දෙකෙහි

ආයෝජනය කර ඒවා පවත්වාගෙන යෑමට අයෝජකයන් ඉදිරිපත් නොවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයට හේතුවී ඇත. 

එම තීරණය මහබැංකුව තැන්පතුකරුවන් ගොනු කර ඇති නඩුවලට අදාල අධිකරණවලටද දැනුම් දීමට නියමිතය. 

වත්කම් විකිණිමෙන් පසු ලැබෙන මුදල් ඒවාහි තැන්පත්කරුවන්ට ලැබෙනු ඇතත් තැන්පත්කරුවන්ගේ තැන්පත්තුවලට ප්‍රමාණවත් තරම් දේපල එම සමාගම් දෙක සතුව දැනට නැති බව වාර්තා වේ. 

ඊටීඅයි මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 24,000ක ප්‍රමාණයක් සිටින අතර ඔවුන් රුපියල් බිලියන 33ක් තැන්පත් තර ඇත. ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 2300ක් සිටින අතර ඔවුන් රුපියල් බිලියන 2.5 මුදලක් තැන්පත් කර තිබේ.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්