වංචා හා දුෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවත්කර

මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කර සිටින ඒ. බෝදරගම, යළි සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කරන්නැයි ආණ්ඩුවේ  බලධාරීන්ට දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින්නේ මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇමතිවරයකු හා රාජ්‍ය ඇමතිවරයකු බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඒ. බෝදරගම, යළි සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පත් කිරීම සඳහා වහාම මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂගේ නමින් කැබිනට් පත්‍රීකාවක් සකස් කරන්නැයි එම ඇමතිවරුන් දෙදෙනා අමාත්‍යංශ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවත් මොහුට ඇති චෝදනා බරපතල බැවින් අදාල අමාත්‍යංශ බලධාරීන් ඊට අදිමදි කරන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

 

රාජ්‍ය පරිපාලන සේවයට අයත් තනතුරක්, පිට අය එපා !

මේ අතර මෙම පත්කිරීමට විරෝධය පළකරමින් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, සුරාබසු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තනතුර රාජ්‍ය පරිපාලන සේවයට අයත් තනතුරක් බවත්, මෙම තනතුර සඳහා නිල ඇඳුම් අඳින කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු පත්කිරීම තුළින් දෙපාර්තමේන්තුව අනාගතයේ අරාජික වනු ඇති බවත්ය.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ වත ලිපියක් යොමුකරමින්, සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ සභාපති, ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර පවසන්නේ, දැනට සුරාබදු කොමසාරිස් තනතුර දරන නිලධාරී මහතා ඉවත්කොට රජයට අවශ්‍යතාවය ඇති වෙනත් පරිපාලන සේවයේ නිලධාරී මහත්මයෙකු පත් කරන ලෙසයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්.එල්.ඩී. විජේසේකර අගමැතිවරයාට යොමුකර ඇති ලිපියේ මෙසේද සඳහන් කර ඇත.

''සුරාබසු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් තනතුර රාජ්‍ය පරිපාලන සේවයට අයත් තනතුරක් වේ. මෙම තනතුර සඳහා නිල ඇඳුම් අඳින කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු පත්කිරීම තුළින් දෙපාර්තමේන්තුව අනාගතයේ අරාජික වනු ඇත.

එනම්, දෙපාර්තමේන්තු ගත නිලධාරියෙකු පත් කිරීම පොලිස් දපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා පත් කිරීම හා සමාන වනු ඇත. ඒ තුළින් පරිපාලනමය වශයෙන් ජෙනරාල්වරයා අකාර්යක්ෂමව කටයුතු කරනු ලබන අවස්ථාවක වුවද ඔහුව වෙනස් කිරීමට හැකියාවක් නොමැති වනු ඇත. එහෙත් පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීම තුළින් මේ තත්වය මගහැරී යනු ඇත.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කළ ඒ. බෝදරගම මහතා මේ වන විට මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප හට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව ඔහු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජෙනරාල්වරයා ලෙස පත්කිරීමට සූදානමක් පවතින බවයි.

එම තනතුර සඳහා ඔහු පත් නොකරන ලෙසත්, පසුගිය යහපාලන රජයේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු වන මොහු සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජෙනරාල් ලෙස රවී කරුණානායක ඇමතිවරයා පත් කළ අතර මාස ගණනකට පසු මංගල සමරවීර මුදල් ඇමතිවරයා වූ පසු රවී කරුණානායක සහ මංගල සමරවීර අතර ඇති විරසකය හේතුකොටගෙන ඒ. බෝදරගම මහතාට එම තනතුර අහිමිවිය.

ගරු අග්‍රාමාත්‍යතුමනි

දැනට සුරාබදු කොමසාරිස් තනතුර දරන නිලධාරී මහතා ඉවත්කොට රජයට අවශ්‍යතාවය ඇති වෙනත් පරිපාලන සේවයේ නිලධාරී මහත්මයෙකු පත් කරන්නේ නම් ඒ සඳහා අප විරුද්ධතාවයක් නොමැති බවද ගෞරවයෙන් දැනුම් දෙමි.''

Excise letter

සබැඳි පුවත් :

චෝදනා ලද බෝදරගම යළි සුරාබදු කොමසාරිස් ධුරයට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්