මන්නාරම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් සිදුකරනු ලැබුයේ මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩු සමයේ

නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජන හමුවකදී ප්‍රකාශ කර ඇත.

විල්පත්තු වනය විනාශ කළා යැයි ඔහුට එල්ලවන චෝදනාවලට පිළිතුරු වශයෙන් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඒ බව කියා ඇත.

අලුතින් පත්වු විෂයභාර අමාත්‍යවරයා විල්පත්තුව සම්බන්ධයනේ තමා වරදක් කර ඇති බව ප්‍රකාශ කර  ඇති බවත් , අවුරුදු පහළොවක දහසයක තමා ඇමතිකම් දරා ඇති බවත් ඉන් අවුරුදු නවයක පමණ කාලයක් ඇමතිකම් දැරුවේ රාජපක්ෂලා යටතේ බවත් රිෂාඩ් බදියුදීන් කියා ඇත.

ඒ නිසා තමා හෝ තමාගේ සමාජය විල්පත්තු කැළයට හානි කළා නම් ඒ පිළිබඳ කොමිසමක් පත්කර දඬුවම් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යැවූ බවද බදියුදීන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා ඇත.

 

මන්නාරමෙන් එළවා දමන ලද මුස්ලිම් ජනතාව: Text 4 1

එල්. ටී.ටී.ඊ සංවිධානය මන්නාරමෙන් එළවා දමන ලද මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරනු ලැබුයේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය. එම පදිංචි කිරීම්වලදී යම් යම් අක්‍රමිකතා සිදුවී තිබෙන්නට හැකිය. එදා මන්නාරමෙන් එළවා දැමූ පිරිසටත් වැඩි පිරිසක් පදිංචි කරන්නටත් ඇත. ඒවා ඕනෑම නැවත පදිංචි කිරීමක නොවැළැක්විය නොහැකි හේතු බව  තේරුම්ගත යුතුය.

එසේම මෙම ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු කැලය කැපුවායැයි කීම අමුම ප්‍රලාපයකි. සිදුව තිබුණේ මෙම මිනිසුන් එළවා දැමීමෙන් පසු වැවුණු කැළෑ පසුව ගුවන් සිතියම්ගත කිරීමේදී විල්පත්තුව අවට පරිවාර රක්ෂිතවලට ඈඳීමය. ඒ සඳහා කොතෙක් සාධක ඇතත් ජාතිවාදී පරිසර පොරවල් ඇස් හැර බලන්නට කැමති නැත

එහෙත් සිංහල ජනයා පදිංචි කිරීම් වලදී රක්ෂිත හෝ කැලෑ කැපුවාට මේ පොරවල් කෑගැසුවේ නම් නැත.

(අනිද්දා පුවත්පතින් උපුටා ගන්න ලදී)

 

සබැඳි පුවත්

රහස් පොලිසියට ගිය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගනීද ? (VIDEO)

රිෂාඩ් අත්අඩංගුවට ගෙන අන්තවාදීන් සතුටු කිරීමේ සුදානමක්!

පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව : 'රහස් පොලිසියට උපරිම සහය දෙනවා' - හිටපු ඇමති රිෂාඩ් කියයි

CIDය රිෂාඩ් ගෙන් ප්‍රශ්න කිරීම :ජනාධිපතිට ලියපු ලිපියට ප්‍රතිචාරයක් ද ?

රහස් පොලිසිය හකීම් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි

subscribeYT

නවතම පුවත්