විවිධ සේවාවන් ලබාගැනීමට රාජ්‍ය ආයතන වෙත පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් කොටුකර ගැනීම

සඳහා මේවනවිට බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත ද බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට රජය අවධානය යොමු කර ඇති බව 'නෙත් නිවුස්' සමග විශේෂ සාකච්ජාවකට එක්වෙමින් 'දිලූම් අමුණුගම ඇමතිවරයා කියා සිටියේය.

Text 4 2මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග පසුගිය 31දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ, දෛනික ජන ජිවිතයට වැදගත් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බවයි.

''අල්ලස් ගන්නන් වගේම අල්ලස් දෙන්නන් නීතියේ රැහැනට හසු කර ගත යුතුයි'' යයි එහිදී පැවසු ජනාධිපතිවරයා,  රාජ්‍ය සේවකයෙකු දුෂණ සහ වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බවත් එවැනි අයෙකුට යළිත් කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව ඉඩනොදෙන බවත් වැඩිදුරටත් පැවසිය.

 

සිංගප්පුරු මොඩලයක් !

රාජ්‍ය සේවයේ නිලධාරීන් විසින් සිදුකරන අල්ලස් ගැනීම් හා දුෂණ මැඩපැවැත්වීමට සුදුසු යාන්ත්‍රණයක් හඳුන්වා දීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර නීතිරීති හා අද්දැකීම් අනුසාරයෙන් ඒ සඳහා මෙරටට සුදුසු ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස විද්වතුන් කණ්ඩායමකට උපදෙස් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු වූ පරිදි ඥාති මිත්‍රකම්, දේශපාලන සම්බන්ධතා, ජාති ආගම් කුල ආදී කිසිවක් නොසලකා මෙරට අල්ලස හා දුෂණය මැඩපැවැත්වීමට දැඩි නීති පද්ධතියක් හඳුන්වාදීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

එහිදීඅල්ලස හා දුෂණය අවම කිරීමට සිංගප්පුරුව විසින් ගෙන ඇති නීතිමය ප්‍රතිපාදන කෙරෙහි එම විද්වතුන්ගේ අවධානය යොමුව ඇතැයි ද පැවසේ.

සබැඳි පුවත් :

රජයේ අල්ලස් හෝ දුෂණ මැඩපැවැත්වීමට සිංගප්පුරු මොඩලයක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image