මාසයක් ඇතුලතදී දේශපාලනික හා ආර්ථික කාරනා සම්බන්ධයෙන් මුළුමනින්ම පාහේ අනාගෙන සිටින
වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමට තමාට ඔලුවේ අමාරුවක් නැතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.
මංගල සමරවීර මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, 'මංගල එජාපයෙන් ඉවත් වී ජනපතිට ළංවෙන සැලසුමක්!' ඇතැයි ආණ්ඩුවේ ප්රචාරක මධ්‍යස්ථානයක් විසින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබු පුවතක් සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදීය.
පවතින දේශපාලන තත්ත්වය තුළ මංගල සමරවීර මන්ත්‍රීවරයාට මාතර දිස්ත්‍රීක් එජාප ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ අඩු බැවින්, ඔහු එළඹෙන මහා මැතිවරණයේ දී එජාපයෙන් ඉවත් වී ස්වාධීන තරඟ කිරීමට තීන්දු කර ඇති බවත්, අනතුරුව ඉන් ජයගෙන ජනාධිපතිවරයා ප්රමුඛ පොදුජන පෙරමුණට සහාය ලබා දීමට ඔහුගේ හිතවතුන් සමග සාකච්ඡාකර ඇති බවත් ආණ්ඩුවට පක්ෂපාති එවැනි වෙබ් අඩවි කිහිපයකම පුවත් 'ප්ලාන්ට්' කර තිබිණ.
එම පුවත් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා, තමා මේ අවස්ථාවේදී මොනම හේතුවක් නිසා හෝ එජාපයෙන් ඉවත් නොවන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ද යළිත් එජාපයෙන් මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත් වන බවත් කියා සිටියේය.
සබැඳි පුවත් :
නැවතත් මාතරින් එනවා -මංගලගෙන් පාක්ෂිකයින්ට සහතිකයක් (VIDEO)