රාජ්‍ය මාධ්‍ය හරහා තමාට එරෙහිව මඩ ප්‍රහාර එල්ල නොකොට, මුදල් ඇමති ලෙස තමාගේ ධුර කාලය කැළැල්ද? නොකැළැල්ද?

යන්න ජනතාවට තීරණය කර ගැනීම සදහා නිල පරීක්ෂණයක් සිදු කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, වත්මන් මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

සමරවීර මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුම හරහා එවැනි පණිවිඩයක් නිකුත්කර ඇත්තේ, 'වොයිස් කට්' සංවිධානයක ප්‍රකාශකයකු ආණ්ඩුවේ මාධ්‍ය හරහා ඔහුට එරෙහිව සිදුකළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

මංගල සමරවීර මුදල් ඇමති ලෙස කටයුතු කළ සමයේදී මත්පැන් බෝතල් සඳහා විශේෂ ආරක්‍ෂිත ස්ටිකර් (fool proof) මුද්‍රණ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමේදී හා එතනෝල් ප්‍රති අපනයනයේදී බරපතල වංචාවක් සිදුව ඇතැයි එම 'වොයිස් කට්' ප්‍රකාශකයා කියා සිටි අතර ජාතික රුපවාහිනිය ද ඊයේ රාත්‍රී සිය පුවත් විකාශයේ දී එම ප්‍රකාශයට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් ඉදිරිපත් කළේය.

Mangala twite

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්