ජාතික තලයේ දී මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රාදේශීය ගැටළු සම්බන්ධයෙන් දශක කිහිපයක් පුරා එකිනෙකාට එරෙහිව කටයුතු කළ ද්‍රවිධ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා සමස්ථ ලංකා මහජන කොංග්‍රසය මින් ඉදිරියට එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට සාකච්ජා ආරම්භකර තිබේ.

ඒ 'පොහොට්ටු' ආණ්ඩුවෙන් සුළු ජාතීන්ට එල්ලවී ඇති තර්ජන බලපෑම් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, උතුරු -නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු යයි ස්ථාවරයක සිටි දෙමළ ජාතික සන්ධානය ද උතුරු -නැගෙනහිර ඒකාබද්ධ කළහොත් මුස්ලිම්වරුන්ට වෙනම කලාපයක් අවශ්‍ය යයි කී මුස්ලිම් කොංග්‍රසය ද උතුරු - නැගෙනහිර වෙන්වීය යුතු යයි දැඩි මතයක සිට කටයුතු කළ සමස්ථ ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂය ද මේ වනවිට එකී ප්‍රතිපත්තිමය කාරනා පසෙකලමින්, ගෝඨාභය- මහින්ද ආණ්ඩුව දිගින් දිගටම සුළු ජාතීන්ට එරෙහිව සිදුකෙරෙන කෙනෙහිලිකම් හමුවේ එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට කොන්දේසි විරහිතව එක්ව ඇත.

මහ මැතිවරණයේදී දෙමල-මුස්ලිම් පක්ෂ එකට !

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඇතිවී තිබෙන නව දේශපාලන තත්ත්වය තුළ ඉදිරි මහමැතිවරණයේදී මෙම දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ වෙනම සන්ධානයකින් තරග වැදීමේ සුදානමක් පවතින බව 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ. එම පුවත්පත් වාර්තාවේ මෙසේද සඳහන්වේ.

''ජනවාරි 01දා පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් රනිල් වික්‍රමසිංහගේ කොළඹ නිවසේ දී හමුවී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව පැවති කතාබහ තුළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉහත කී යෝජනාව පිළිබඳව අදහස් දක්වා ඇත. 

ද්‍රවිධ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකම ලකුණක් යටතේ එකට එක්ව තරග කරන්නට අදහස් කරන බව ඔහු එහිදී පවසා තිබේ.

මෙලෙස තරග වැදීමේ අරමුණ වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීම බව දැනගන්නට ලැබෙන අතර අවසානයේ ඔවුන් පාර්ලිමේන්තුව තුළ එජාපයට සහාය දැක්වීමට සුදානම් බවද දැනගන්නට ලැබේ. 

එක්සත් ජාතික පක්ෂයට සිංහල ජනතාව අතර අඩු ජනප්‍රියත්වයක් පැවතීමද දෙමළ හා මුස්ලිම් පක්ෂ වෙනම තරග කිරීමට හේතුවක් වී තිබේ. එමගින් එක්සත් ජාතික පක්ෂයට සිංහල ජනතාව ඉලක්ක කරගත් මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තු වී තිබේ. ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්