රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත්තේ

ඒවා පොලිසියට ලබාදුන් පුද්ගලයා විසින්ම බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හඬපට සමාජ මාධ්‍ය වෙත ලබාදුන්නේ කව්රුන්ද යන කාරණය සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුල සංවාදයක් මතුවෙමින් තිබියදී ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එබව සඳහන් කළේය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලාවලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දුන්නේ.

රන්ජන් සෑම දුරකතන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන ඉන්නේ. දුරකතනයේ ඉඩ මදි වුණාම දුරකතනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක් වලට සීඩී තැටි වලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලිසියට ලබා දෙන්නේ.

මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකලේ එහෙම කලානම් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කලානම් මේ මහා අපරාධය, අධිකරනයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළි දරව් කරගන්න බැරිවෙනවා.

ඒ නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු මේවා ප්‍රසිද්ධ කලේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලිසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු සිල්ලර කාරණා.''

 

රනිල් පාර්ලිමේන්තුවේදී කියපු කතාව :

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුව තුලද සංවාදයක් මතුවූ අතර එහිදී අදහස් දැක්වූ එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පැවසුයේ, රන්ජන් මන්ත්‍රීවරයාගේ නිවසින් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හඬපට මේවනවිට පොදු දේපලක් ලෙස මාධ්‍යයට එමින් තිබෙන බවයි.

''මේ CD ටික රන්ජන් මන්ත්‍රීතුමාගේ මාදිවෙල නිවසේ සිට පොලීසිය භාර ගත්තේ. ඒත් දැන් පොලිසිය භාරගත් මේ තැටි හැම තැනම එනවා. මාධ්‍යයේ එනවා. හැම එක්කෙනාගේම පොදු දේපලක් විදියට. ඒ නිසා මං කැමතියි කථානායකතුමා හරහා පොලීසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මන්ත්‍රීවරු අපි ඕනෑම කාරණයක් දිහා බලලා කවුරුහරි වැරද්දක් කරලා තියෙනවනම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන්.'' යයි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

පොලිසිය සමාජ මාධ්‍යය වෙත මුදා හැරපු කතාව බොරුවක් - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන් මෙසේ එම හඬපට ගැන විවිධාකාරයේ ප්‍රකාශ කරද්දී, මෙවැනි දේශපාලනික කාරනා සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක නිරතව වගකීමක් සහිත සමාජය වෙත හෙළිදරව් කරන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසන්නේ, මෙම හඬපට 'ලීක්' කලේ පොලිසිය නොවන බවයි.

රන්ජන් රාමනායක ළඟ සේවයකළ දෙදෙනෙක් මෙම හඬපට සහිත CD තැටි වල පිටපත් ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට ලබාදී ඇත්තේ මිට සති කිහිපයකට පෙරදී බව උවිඳු පවසයි. 'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා පවසන පරිදි එම හඬපට පිලිබඳ ඔත්තුව ආණ්ඩුවේ බලධාරීන්ට ලබාදී ඇත්තේ එම ව්‍යපාරිකයාය.  

රන්ජන්ගේ නිවසින් හඬපටවල මුල්පිටපත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පසු මෙම ව්‍යාපාරිකයා, රන්ජන් රාමනායක ළඟ සේවයකළ දෙදෙනා විසින් තමන්ට ලබාදී තිබු හඬපට වල 'කොපි' සමාජ මාධ්‍යවෙත ටිකෙන් ටික මුදාහරිමින් සිටින බව උවිඳු කියා සිටියි.

ඔහු එම කාරණය සිය FB පිටුව හරහා වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ මෙසේය.

''සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි. රන්ජන් ගාව වැඩකරපු, රන්ජන් අස්කරපු කෙනා තමා හාඩ් ඩ්‍රයිව් එක කොපි කරගෙන -----ට විකුනල තියෙන්නෙ. ඒක ඒගොල්ල අහල, පස්සෙ පොලීසියට දීල තියෙනව. පොලීසිය ඒ උඩ තමා රන්ජන්ගෙ ගෙදර සර්ච් කරන්නෙ. කරන කොට පොලිස් නිලධාරියා කිව්ව හේතුව - පොලිස් නිලධාරීන් එක්ක කරපු සාකාච්ඡා හොයන්න කියල. පොලිසිය පස්සෙ කරේ ඒ ගොල්ල ගාව දැනටමත් තියෙන ඒව රන්ජන්ගෙ ගෙදරින්ම ඔර්ජිනල් එක ගැනීම. ඉතිං මේ දැන් ලීක් කරන්නෙ රන්ජන්ගෙ ගෙදරින් පොලිසියෙන් ගත්ත ඒවා නෙමෙයි..''

 

රන්ජන් කරපු වැරැද්ද !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන්  'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා සිය විවේචනය පළකර ඇත්තේ මෙසේය.

''මම රන්ජන්ගෙ ගේ සර්ච් කරපු දවසෙ කිව්වනෙ ජනමාධ්‍යවේදීන් ළඟටයි මහජන නියෝජිතයින් ළඟටයි තමා මිනිස්සු යන්නෙ ප්‍රශ්ණ කියන්න, ඒව ගබාඩා කර ගැනීම ඒ අයගෙ අයිතියක් කියල. ඒත් ඒව රෙකෝඩ් කරනව නම් කියන්න ඕනෙ "මම මේක රෙකෝඩ් කරනව" කියල. එහෙම කිව්ව නම්, අනිත් පැත්තෙන් කතාකරන කෙනා ඒ විදියටම කතා කරන්නෙ නැහැ. ඒකයි මේ රෙකෝඩ් කරන එකේ පදනම. මොකක්ද ඒ? අනිත් පැත්තෙ කෙනා දන්නව නම් රෙකෝඩ් කරනව කියල කතා කරන්නෙ වෙන විදියකට. හැම වෙලේම කියන්න ඕන "මම මේක රෙකෝඩ් කරනව" කියල.

දියුණු රටවල නම් පුද්ගලිකත්ව නීති යටතේ මේව තහනම් නීතියෙන්ම. නොකිය රෙකෝඩ් කරනව නම් ලොකු මහජන යහපත පිලිබඳ සධාරණීයකරනයක් අවශ්‍යයයි. ඒ යටතෙ තමා ඔය රහසිගත කැමරා අරගෙන යන්නෙ දේවල් මහජනයට එලිකරන්න. ඒත් සධාරණීයකරනය පුලුවන් වෙන්න ඕනෙ මේ ක්‍රමය හැර වෙන සාධාරන ක්‍රමයක් නැහැ මේ තොරතුරු ගන්න කියල..... ''

(සංස්කාරක සටහන : මෙම හඬපට සම්බන්ධයෙන් මේවනවිට අධිකරණ ක්‍රියාවලියක් ආරම්භවී ඇති බැවින් උවින්දුගේ FB සටහනනේ පලවී ඇති ඇතැම් කරුණු කපා හැරී බව කරුණාවෙන් සලකන්න)

 

සබැඳි පුවත් :

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්