ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස පත් කිරීම

බරපතල වරදක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

සුරේෂ් සාලේ මුස්ලිම් ජාතිකයකු බවත් මේ වන විට ලංකාව ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන බවත් පවසන මන්ත්‍රීවරයා, මේ නිසා ළබැඳියාවන් අතර ගැටුමක් හටගන්නේ යැයි ද එහිදී කියා සිටියේය.

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි තනතුරේ කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ, යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයකින් පසු එම තනතුරින් ඉවත් කර විදෙස් සේවයට අනුයුක්ත කර තිබිණ.

පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ ශානි අබේසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක දුරකතන සංවාද ලෙස සැලකෙන හඬපටයකින් හෙළි වී ඇත්තේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා සුරේෂ් සාලේ යහපාලන ආණ්ඩුවට සහාය නොදුන් නිසා ඔහු දැරූ ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැලේ ජාතිකයකු වන බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ ජාතික බුද්ධි අංශයේ (SIS) ප්‍රධානියා ලෙස පසුගියදා පත් කළ අතර එය රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි ධුරයට හමුදා නිලධාරියකු පත්කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ.

ෆොන්සේකා මන්ත්‍රීවරයා මුස්ලිම් ජාතිකයකු යයි සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී සුරේෂ් සාලේ අවමානයට පත්කර ඇතත්, ෆොන්සේකා යුධ හමුදාවේ සිටි සමයේදී පවා නිලාබ්දීන්, මුතාලිෆ්, මීඩීන් වැනි හමුදා නිලධාරීන් යුධ මෙහෙයුම් වලදී විශාල කාර්ය භාරයක් ඉටුකර තිබිණ.

 

සුරේෂ් සාලේ කව්ද ?

Suresh Saleyෆොන්සේකා මුස්ලිම් ජාතිකයකු යයි සඳහන් කරන සුරේෂ් සාලේ මැලේ ජාතිකයකු වන අතර ඔහුගේ බිරිඳ සිංහල කාන්තාවකි. සුරේෂ් සාලේ අධ්‍යාපනය ලබා ඇත්තේ ද සිංහල පාසලකින් වන අතර ඔහුගේ ඥාතීන් බොහෝදෙනෙකු පොලිසියේ හා ආරක්ෂා හමුදාවන්හි ඉහල නිලතල දැරුවන්ය.

උතුරේ යුධ මෙහෙයුම් අවසන්වීමෙන් පසු කාල වකවානුවේදී විදෙස් බුද්ධි සේවා සමග සමීප සම්බන්ධතාවයක්  ගොඩනගා ගනිමින්, විදෙස්හි සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. ප්‍රධානි හා ඔවුන් සතුව තිබු විදෙස්හි තිබු නැව් ඇතුළු විශාල ධනකන්දයක් මෙරටට ගෙන ඒමට මුලිකත්වය ගෙන කටයුතු කර තිබුනේ බ්‍රිගේඩියර් සුරේෂ් සාලේය.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස සැලකුණ කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන් හෙවත් සෙල්වරාසා පද්මනාදන් විදෙස්හි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම ක්‍රියාත්මක වුයේද බ්‍රිගේඩියර් සුරේෂ් සාලේගේ මුලිකත්වයෙනි.

 

ලංකා මැලේ ප්‍රජාව:

විකිපීඩියා හි සඳහන් පරිදි, ලංකා මැලේ, සිංහල භාෂාවෙන් 'ජා' මිනිසුන් ලෙස හදුන්වන මැලේවරු ගිනිකොන ආසියාවේ සම්භුත ප්‍රජාවකි.

ඉන්දුනීසියාව, මැලේසියාව හා බෘනායි රාජ්‍ය වැනි මලය අර්ධද්වීපය වෙතින් පැමිණි මැලේ ජන වර්ගය ලංකාවේ පළමු හමුදා සේනාංකය වන මැලේ රෙජිමේන්තුව පිහිටුවනු ලැබිය.

යටත් විජිත කාලයේ කාන්තාවන් හා පවුල් පැමිණි අතර මැලේ රයිෆල් බලකාය විසිරුවා හැරීමෙන් පසු ලංකාවේ ස්ථිර පදිංචි විය. නිදහසින් පසු ආරක්ෂක සේවාවල හා ගිනි නිවන භටයන්නි ලෙස සේවයට එක විය.

මැලේ ජාතිකයෝ බුද්ධි අංශය හා පොලිසිය තුල කැපී පෙනෙන පිරිසක් බවට පත් විය.සුළු පිරිසක් ගොවිතැන් හා කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත්හ.

මැලේ ජාතිකයින් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40,000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ.

සැලකිය යුතු මැලේ ප්‍රජාවක් ශ්‍රි ලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත.1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ශ්‍රීධර්මරාජ මැලේ ජාතිකයෙකු වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්