විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් 'දෙව් සුව සේවා' නමින් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන

දීගොඩ කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, 17 හැවිරිදි  රෝගී දරුවෙකුට විශ්ව ශක්ති වැඩසටහනදී ආහාර දීමෙන් පසු එම දරුවා දැඩිලෙස රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් පසුගිය වසරේ සැප්තැම්බර් 7 වනදා හොරොව්පතාන මහජන ක්‍රීඩා පිටියේදී දීගොඩ කුමාර පැවැත්වූ වැඩසටහනකදී දෙදෙනෙකු මියගොස් 18 දෙනෙකු අසාධ්‍යතත්ත්වයෙන් රෝහල් ගත කෙරින.

එහිදී මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව මහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පී. දිනුෂා ද සිල්වා නමැති කාන්තාවක සහ කුරගල දික්හේන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි හෘද රෝගියකු වන ඒ. එම්. රණවක නමැති පුද්ගලයෙකි.


p1 1හොරොව්පොතානේ වැඩසටහනට දහස් ගණනක් ඇවිත්...

අම්පාර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීද ඊට සහභාගී වූ කිහිප දෙනෙකු රෝගාතුර වීමේ තත්ත්වයක් නිසා  එම වැඩසටහන අත්හැර දමන්නට ද සිදුවිය. ඒ ජනතා විරෝධය හමුවේය.  

මෙම සිද්ධීන් වාර්තා කළ මාධ්‍ය ආයතනවලටද විටින් විට දුරකතන ඇමතුම් මගින් තර්ජන ද එල්ලවී තිබිණ.

කෙසේවුවද දීගොඩ කුමාර නමැත්තා එම වැඩසටහන් දිගටම පවත්වාගෙන යනු ලැබුවේ ජනතාව දහස් ගණනින් සහභාගී කරවා ගනිමිනි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 17 වනදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ද විශ්ව ශක්ති වැඩසටහනක් සංවිධානය කොට තිබු අතර නඩුවට අදාළ දරුවා දැඩි ලෙස රෝගාතුර වී ඇත්තේ එහිදීය.

මෙම නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ එම වැඩසටහනේ දී ලබාදුන් ආහාර ගැනීමෙන් අනතුරුව දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි.

අසාධ්‍ය තතත්වයේ පසුවූ දරුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පිළියන්දල පොලිසිය කරුණු දක්වමින්  අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත පොලිසියෙන් ප්‍රශ්න කළ අතර දණ්ඩනීති සංග්‍රහයේ 300 වැනි වගන්තියට අනුව මිනී මැරීමේ චෝදනාව යටතේ ඔහු  වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්