විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙවර දුරුතු පෝදා සිට 'සිරි සදහම් සෙත' නමින් සෑම මාසයකම පොහොයදා

විපක්ෂනායක කාර්යාලයේ දී විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහි ආරම්භක ධර්ම දේශනාව ඊයේ (10) පොහොයදා පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ භාර්යාවද ආරාධිතයින් සැලකිය යුතු පිරිසක් ද එක්ව සිටියේය.

ඉදිරි සෑම පෝය දිනයකදීම තමන් විපක්ෂ නායක ධුරය දරා සිටින කාලය තුළ විපක්ෂ නායක කාර්යාලයේ මාසිකව  ධර්ම දේශනා පවත්වන බව සජිත් ප්‍රේමදාස  සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරය දරන සමයේ විපක්ෂ නායක කාර්යාලයේ මෙවැනි ධර්ම දේශනා පෝය දිනවල පවත්වා නැත.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප නායකයෝ භික්ෂූන් වහන්සේලාගෙන් සමාව ඉල්ලා සිටි අතර මේ රට සිංහල බෞද්ධ යැයි ද දස අතේ කියන්නට පටන් ගත්හ.

එහි ඊළඟ පියවර ලෙස මෙලෙස මාසික පෝදා ධර්ම දේශනා මාලාවක් ආරම්භ කර ඇති අතර මෙහි අරමුණ වී ඇත්තේ එජාපයට සිංහල බෞද්ධ ජන පදනම නැවත ලබා ගැනීම බව වාර්තා වෙයි.

 

පෝ දා සිතුවිලි

සජිත් ප්‍රේමදාසගේ පෝදා ධර්ම දේශනා වැඩසටහන සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.

ස' ගෙනියන්නෙ වෙනම සිස්ටම් එකක්. ඒක මහින්ද අයියට කිට්ටු වෙන්නවත් බැරි උන එකක්. බිස්නස්කාරයො කීපදෙනෙකුයි, මිලිටරිකාරයො කීපදෙනෙකුයි එක්ක ඒක ගෙනියන්නෙ. මහජන නියෝජිතයො වැඩක් නැහැ එයාගෙ පාලන ක්‍රමයට. ක්‍රිමිනල් ස්ටේට් එකක් තමා ඒක යටින් තියෙන්නෙ, උඩින් ජනප්‍රිය දේවල් ඔය එක එක ආයතනවලට ගිහින් සෙල්ෆි ගහනව වගේ ඒව තිබුනට. ආයතනවලට කඩා පනින්නෙම මහජන නියෝජිතයො, ඇමතිල නෙමෙයි මම තමා ඉශ්ඨ දේවතාව කියල පෙන්නන්නනෙ.

ඒකට මූණ දෙන්න විපක්‍ෂයට අලුත් දේශපාලනයක් හොයන්න වෙනව. මොකද ස' ඈත ධර්මපාලගෙයි, පසු ධර්මපාලගෙයි චින්තනය එකතුකරල තියෙන්නෙ. ජේආර්වයි බණ්ඩාරනයකයි එකතු කරල තියෙන්නෙ ස'.

ඒකට ඇමරිකාවෙ ඉඳල ගත්ත අත්දැකීමුත් එකතුකරල තියෙන්නෙ. ලංකාවෙ රාජ්‍ය නායකයෙක් වුණ දියුණුයි කියන රටක අවුරුදු දහයක් එක දිගට ජීවත් උන එකම කෙනා ස' ඔය යටත් විජිත කාලෙ ආණ්ඩුකාරයින්ට පස්සෙ.

නලීන්ට බුරුමෙ තානාපති කම දෙන්න යන්නෙත් එයා ලියන එක වලක්වන්න වෙන්න පුලුවන්. මොකද තානාපති උනාම පත්තරවල ලිපි ලියන්න බැහැ. දායන් ලිව්වෙ වෙන සිවිල් බලයක් උඩ තානාපතිකම තියාගෙන. ඒකත් නැවැත්තුව සිරිසේනගෙ අන්තිම කාලෙදි. ඒ තානාපතිලට ලියන්න බැහැ කියල.

 

ඒ අස්සෙ පුතාණෝගෙ සෙට් එක පෝදා බණ අහනව....Text 11 1 

ඒ අස්සෙ පුතාණෝගෙ සෙට් එක පෝදා බණ අහනව, ඒ ගොල්ල හිතන්නෙ බෞද්ධකම උඩින් ඡන්ද ගන්න. ඒ ගොල්ලන්ට ඡන්ද නැත්තෙ බෞද්ධ කේස් එකක් නිසා කියල හිතනව තාම. අනික රාජපක්‍ෂලම වගේ බොරු බෞද්ධ සෙට් එකක් නම් රට පාලනය කරන්න ඕනෙ, සජිත්ට වඩා රාජපක්‍ෂල හොඳයිනෙ. රාජපක්‍ෂලට වඩා බෞද්ධ වෙන්න ඔය කාටවත් ලැයිසන් නැහැ කියන එකවත් තේරෙන්නෙ නැහැ ඒ සෙට් එකට.

පුතාණෝ සිරස එක්ක සෙට්වෙලා සෑම පොහෝ දිනකම බෞද්ධ බණ කියන්න අරන්. "සාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගරු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස", තවතවත් ආගම ගැන පෙන්වීමෙන් දිනන්න පුලුවන් කියල හිතනව නම් ඒක බොරුවක් කියල අත්දැකීමෙන්ම දැන් ගන්න ඕනෙ.

සජිත් පන්සල් අස්සෙ රිංගල 50,000 ගානෙ දුන්නෙ මහින්දටත් ඉස්සර ඉඳන්, ඒත් මහින්ද සංඝයාට හැම අමාත්‍යාංශයෙන්ම දාල හොඳම කාර් රියදුරුලත් එක්ක දුන්නෙ.

"ඇන්ටි-පොලිටික්ස්" ගැන සජිත්ගෙ සෙට් එක කියවනව මදි වගේ..''

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් ඇති ‘දුරුදු පොහෝයේ වැදගත්කම්‘ නමින් වූ පෝස්ටුවක මෙසේ සඳහන්ව තිබිණි. 

Post Duruthu

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්