සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක් කළ බවට අන්තවාදී පිරිස්වල චෝදනාවට ලක්ව රාජ්‍ය සේවයෙන් ඉවත්කර සිටී

වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවීමට කටයුතු කරන්නැයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී ඇති නිර්දේශය වහාම අත්හිටුවන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් නියෝග කර තිබෙන බව වාර්තාවේ.

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කල වෛද්‍ය සාෆි ශාබ්දීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සී.අයි.ඩී පරීක්ෂණයක් අලුතෙන් ඇරඹීමට නව රජය මෙවනවිට තීන්දුකර ඇත.

වෛද්‍ය සාෆි යළි තනතුරේ පිහිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසමේ තීරණයට සිය විරෝධය දක්වා එය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇත්තේ එවැනි පසුබිමකය.

19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා තෙක් කොමිෂන් සභා විසුරුවිය නොහැක.

 වත්මන් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන්ගේ නම් පහත සඳහන් වේ.

ධර්මසේන දිසානායක

හුසේන් ඉස්මායිල්

ප්‍රතාප් රාමනුජන්

වී. ජෙගරාසසිංහම්

එස්. රනුග්ගේ

ඩී. ලක්සිරි මෙන්ඩිස්

ජී.එස්.ඒ. ද සිල්වා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්