දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සංශෝධනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

විදේශ තානාපතිවරුන් හා එම කාර්යාල නියෝජිතයන් හමුවු අවස්ථාවකදී ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම දහතුන්වැනි සංශෝධනයේ සඳහන් පළාත් සභාවලට පොලීස් බලතල ලබාදීම නැවත සලකා බැලිය යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Text 12 1දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනආවේ රටේ වාර්ගික ප්‍රශ්නයකට යම් විසඳුමක් වශයෙන්ය. පළමුව තේරුම් ගත යුතු වන්නේ එයය. එම සංශෝධනයේ සඳහන් බලය බෙදීමද ප්‍රමාණවත් නොවන බව කලක පටන් වාර්ගික සුළුතරය ජිවත්වන උතුරු හා නැගෙනහිර පළාත්වලින් නැගෙන හඬකි.

දහතුන්වෙන සංශෝධනයෙන් ඔබ්බට යනවා තබා එහි ඇති පොලීස් බලතල පමණක් නොව ඉඩම් බලතලද තවමත් ආණ්ඩුව පළාත් සභාවලට ලබා දී නැත.

උතුර නැගෙනහිර පමණක් නොව රටේ දකුණේ පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබුණේ තිබෙන බලය පමණක් නොව තවත් බලතල පළාත් සභාවලට ලැබිය යුතු බවය.

 

පොලීසිය යනු හමුදාවක් නොවේ:

පොලීස් බලතල යනු මහා ලොකු දෙයක් නොවන බව ඇමෙරිකාවේ ජිවත්වු ජනාධිපතිවරයාට නොතේරෙන්නට හේතුවක් නැත. එහි සෑම ප්‍රාන්තයකටම පොලීසියක් ඇත. පොලීසිය යනු හමුදාවක් නොවේ. ලංකාවේදී පොලීසිය අර්ධ හමුදාවක තත්වයට පත්කර තිබෙන්නේ දේශපාලකයන්මය.

යහාපාලන ආණ්ඩුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙන්ව සිවිල් අමාත්‍යාංශයක් යටතට පත්කර තිබූ පොලීසිය නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ඈඳා තිබෙන්නේ ජනාධිපතිවරයාය. 19වෙනි සංශෝධනය වෙනස් කරන්නට බලය ඉල්ලන ඔහු 13වෙනි සංශෝධනට මොනවා නොකරාවිදැයි කිව නොහැකිය.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්