ජනාධිපති ගෝටාභය රාජපක්ෂ යටතේ රට ගොඩනැඟීමට එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු එබව සඳහන් කලේ ඊයේ (12) කැස්බෑව ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමිනි.
''අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩවලත් ලොකු වෙනසකුක් නෑ..'' යයි ද විපක්ෂ නායකයා එහිදී කියා සිටියේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අගමැති වුවනොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව වැඩ කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායකයා පවසද්දී, එම අවස්ථාවට එක්ව සිටි ජනතාවගෙන් ඉහල ප්‍රතිචාරයක් හිමිවිය.
විපක්ෂ නායකවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ ජනතාව තමාගෙන් අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින අවස්ථාවකදීය.
තුනෙන් දෙකක් නොලැබුනොත් ජනපතිට මොකද වෙන්නේ?
ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමට නොහැකි වනු ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
එහෙයින්, ජනතාව අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊලග මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
ඇමතිවරයා මේ බව සදහන් කළේ, කටාන හා මීරිගම පළාත් පාලන නියෝජිතයන් සමග ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවක දිය.
මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.
‘අපි මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ අමාරුවෙන්. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මේ වසර සදහා අයවැයක්වත් ඉදිරිපත් නොකරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වු වහාම අපි අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලයවත් නෑ. ඒ නිසා අපිට ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ දුෂ්කරතාවයන් තිබෙනවා. අපිට හැකි පරිදි ඒ වෙනස පරිවර්තනය සිදු කරමින් තිබෙනවා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ජනතාව සුවිශේෂි වෙනසක් අපේක්ෂා කලා.
ජනතාව අපේක්ෂා කල ඒ වෙනස සිදු කිරීමට නම් අපිට ඊළග මහා මැතිවරණයේ 2/3 ක බහුතර බලයක් ලබා ගත යුතුයි. එවිටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පසුගිය ආණ්ඩුව අත්සන් කළ රටට අහිතකර විවිධ අණපණත් සංශෝධනය කරගන්න හැකියාව ලැබෙන්නේ. අපිට මහා මැතිවරණයේ 2/3 ක බහුතරය ගන්න බැරිවුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමේ වාසිය ජනතාවට නොලැබෙන්න ඉඩ තියෙනවා.''
සබැඳි පුවත් :
ගෝඨාභයට බාල්දියක් : විජේදාස ගෙනා යෝජනා ආණ්ඩුවේ ඒවා නොවේ ලු !!' -මහින්ද කියයි
විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලට කුමක් වෙයි ද? :පාර්ලිමේන්තු පටිපාටිය මෙන්න
ජනපති ගෝඨාභයගේ 2020 ප්රමුඛ ඉලක්කය මෙන්න ! - අගමැති මහින්ද එකඟද ?නැද්ද ?
විජයදාසගේ ව්‍යවස්ථා සංශෝධන උගුලක් ලු ! - ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක්
'යළි JR යුගයකට යාමට කෙරෙන යෝජනාව පරාජය කළ යුතුයි' - ජවිපෙ
යළි විධායක බලය ජනපතිට : ගෝඨාභය, විජේදාස ලවා මුට්ටියක් දමා බලයි !
'ගෝඨාභය අද මෙහෙමහරි වැඩක් කරන්නේ මං ඉන්න නිසා''- මහින්ද කියයි
ජනපති බලතලවලට ප්රබුද්ධයෝ ගැටෙති ! මීළඟ ජනාධිපති 'පඹයෙක්' ද ? ලිපියට පිළිතුරක්