එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගනු ලැබිය.

අනිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබිණ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු ගොනු කරනු ලැබූ අතර ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර විසින් එම වරෙන්තුව නිකුත් කරනු ලැබිය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් අතර සිදු වූවායැයි කියන දුරකථන සංවාද මෑතකදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර එම සංවාද පරික්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි කටයුතු වලට අනිසි බලපෑමක් සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

රංජන් රාමනායක මන්ත්‍රිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ (2) ව්‍යවස්ථාවෙන් කියවෙන ආකාරයට අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීමේ වරද සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබිය.

 110493771 361b4c35 6448 4ca9 b851 15d07939b094 Shanika Somathilake ගේ නිර්මාණයක්... 

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් රහසිගතව පටිගත කරන ලද දුරකථන සංවාද මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වී තිබේ.

දේශපාලනඥයන්, නළු නිලියන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් ඇතුළු පුද්ගලයන් සමඟ ඔහු පවත්වන ලද බව සැලකෙන දුරකථන සාකච්ඡා දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අඩංගු හඬ පටි පොලිසිය භාරයට ගනු ලැබ තිබේ.

පොලිසිය තවමත් එම හඬ පට අධිකරණය වෙත ඉදිරිපත් කර නැතත්, එම හඬපටවල ඇතුළත් ඇතැම් සංවාද දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වීම ද අවධානයට ලක් වී පවතී.

                    

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්