අද (16) දිනයේ දී එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස වෙත ලබා ගන්නා බව විපක්ෂ නායක කාර්යාලය තුල කඳවුරු බැඳ ගෙන සිටින එජාප සජිත් කණ්ඩායමේ මන්ත්‍රීවරු සඳහන් කරති.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ,  අද (16) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය ලබා නොදුනහොත්, විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. 

හඬපටය 


නායකත්වයේ වෙනසක් නැහැ - සජිත් කණ්ඩායම දැඩි ස්ථාවරයක  

කෙසේ වෙතත් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරමින් 'සිරිකොත' එජාප පක්ෂ මූලස්ථානයේ කඳවුරු බැඳගෙන සිටින රනිල් කණ්ඩායම පවසන්නේ, මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය වෙනස් කළ නොහැකි බවයි.

ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවිය යුතු බවද යෝජනාවක් සම්මත කර පක්‍ෂ සම්මේලනයෙන් සම්මත කල යුතු බවත් ඔවුහු සඳහන් කරති.

'සිරිකොත' එජාප මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රනිල් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත්  පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවත්ය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනත්, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂත් රටේ ජනපතිධුරයට පත්වූයේ පක්ෂ නායකත්වය, විපක්ෂ නායකත්වය තනතුරු නොමැතිව බවත් වජිර අබේවර්ධන මෙහිදී සඳහන් කළේය.

පක්ෂ නායකයාට පහරදුන්විට පක්ෂය විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ඔහු අවධාරණය කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙන්ම කරු ජයසූරියත් රනිල් වික්‍රමසිංහත් සමග එක්ව පක්ෂයට අහිමිවූ බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

නායකත්වය සම්බන්ධයෙන් කුමන රැස්වීමක් තිබුණත්  අමුතු තීරණයක් නොලැබෙන බවත් කී මන්ත්‍රීවරයා, වෙනත් පක්ෂ සැකසීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත්, පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන බලවේග සියල්ලක්ම  නියත වශයෙන්ම පරාජය කරන බවත් වැඩිදුරටත් පැවැසීය.

හඬපටය 


සජිත් කණ්ඩායම විපක්‍ෂ නායක කාර්යාලය තුළත් රනිල් කණ්ඩායම 'සිරිකොත' තුළත් මෙසේ එකම දිනක එකම කාරණයක් සම්බන්ධයෙන් එකිනෙකාට එරෙහිව මාධ්‍ය හමු පැවැත්වීම විශේෂත්වයකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්