බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද?

ද ලීඩර් ටීවී දෛනික පුවත් විවරණය,

මේ දෙවැනි කොටසේදී අපි ප්‍රශ්නය ටිකක් වෙනස් විදියකට අහනවා. ඒ තමයි, බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද 

වෝහාරික විගණන වාර්තාව ගැන කලබල වුන අජිත් නිවාඩ් කබ්රාල් පුවත්පත් පිරෙන්න ලියන ලිපි හරහා උත්සහ දරන මූලික කරුණ වෙන්නේ එම විගණනය සිදුකල ආයතනය පාක්ෂික බව පෙන්වාදී ඒ දත්ත සැකසහිත බව කියන්න.

නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි රුපියල් මිලියන 900ක් වියදම්කර මේ වෝහාරික විගණනය සිදුකරන්න භාරදුන් ආකාරයත් එකී ආයතනයත් කබ්රාල් හිතන තරම් ලේසියෙන්, නැත්නම් පොඩි මඩකින් සැකයි කියලා ඔප්පු කරන්න බැරිවීම.

අපි මුලින්ම ඒ ගැන අවධානය යොමුකරමු.

පත්තර වලට ලියන ලිපි හරහා කබ්රාල් කියන විදිහට මහ බැංකුවේ ප්‍රධානීන් තමන්ගේ හිතුමතයට වෝහාරික විගණනයේ විෂය පථය තීරණය කරලා.

නමුත් එය නිවැරදි නෑ . ඒ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික විගණන වාර්තා 5ක් ලබාගැනීම සඳහා විෂය පථයක් හඳුනාගෙන තිබුණේ නීතිපතිවරයාගේ උපදෙස් සහ නිරීක්ෂණ සහිතව වීම නිසයි.

ඒ වෙනුවෙන් වූ සාකච්ඡා 2018 ජනවාරි සිට මැයි මාසය දක්වා සිදුකර තිබුණා.

ඊට අමතරව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස්ද ලබාගෙන තිබුණා.

විගණන සමාගම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ලක් කර තිබුණා.

ඊට අමතර ප්‍රසම්පාදන කම්ටුවක් පත්කර තිබුණා. එහි නිරීක්ෂණකයෙකු ලෙස විගණකාධිපතිවරයාව පත්කර තිබුණා.

විගණන සමාගම් සඳහා ටෙන්ඩර් කැඳවූ දැන්වීම් ප්‍රසිද්ධ කර තිබුණා. එම සම්පූර්ණ ක්‍රියාවලිය දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර තිබුණා.

ඒ අනුව වෝහාරික විගණන වාර්තා කැඳවා ඇත්තේ විනිවිදභාවයෙන් යුතුව බව පිළිගන්නම වෙනවා.

ඒ වගේම මේ ක්‍රියාවලිය හරහා තෝරාගත් එක් සමාගමක් වන්නේ KPMG නම් ජාත්‍යන්තර සමාගම.

මේ සමාගම තම ක්ෂේත්‍රයෙහි ලොව දැවැන්තම විගණක සමාගම් හතර අතරින් එකක්.

වසර 33ක් පැරණි මේ සමාගමේ අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 29.75 ක්.

සේවකයන් සංඛාව 219,281ක්. රටවල් 154ක් පුරා ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

අනෙක් සමාගම් බීඩීඕ නම් විගණක සමාගම.

එය ක්ෂේත්‍රයෙහි ලොව පස්වැනි විශාලම සමාගම.

රටවල් 162ක ඔවුන් කටයුතු කරනවා.

ඔවුන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 8කට වැඩි ලාභයක් උපයනවා.

මෙතරම් දැවැන්ත සමාගම් දෙකක් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මහ බැංකුවේ පදයට නටන බව කබ්රාල් පැවසීම යතාර්ථයෙන් ඈත බවයි විචාරක මතය වී ඇත්තේ .

2008 සිට රාජපක්ෂ ආණ්ඩුව මහ බැංකු සෘජු නිකුතු ක්‍රමය අධික ලෙස පාවිච්චි කරන්නට පටන්ගෙන තිබුණා.

2014 දක්වා සිදුකළ බැඳුම්කර ගනුදෙනු අතරින් සීයට 90ක්ම සෘජු ක්‍රමයට ලබාදී තිබෙනවා.

එම ක්‍රමය වංචාවක් සිදුවීමට විශාල ඉඩක් තිබෙන ක්‍රමයක්.

මෙන්න මේ කියන තැන තමයි අජිත් නිවාඩ් කබ්රාල් හිරවෙන තැන.

2008-2014 කාලයේ විනිවිදභාවයක් නැති ක්‍රමයක් පාවිච්චි කරමින් බැඳුම්කර ලබාදී ඇති සමාගම් මොනවාද යන්න පසුගිය සමයේ අවස්ථා ගණනකදී මුල්‍ය වෙළඳපොල දත්ත ඇසුරෙන් අනාවරණයවී තිබෙනවා.

ඒ සමාගම් අතර එන්ට්‍රස්ට් සමාගමත් ඉන්නවා.

ලංකා විදුලිබල මණ්ඩලය , සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සතුව තිබුණු මුදල් එන්ට්‍රස්ට් සමාගමෙහි ආයෝජනය කරමින් රජයට රුපියල් බිලියන 12කට වැඩි හානියක් සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණා.

අන්න ඒ කියන කාරනා මේ වෝහාරික විගණන වාර්තාවේ අනිවාර්යයෙන් ඇතුලත් විය යුතුයි.

ඒ වගේම ආන්දෝලනයට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමටත් 2014 වසරේදී රුපියල් මිලියන 2500ක් වටිනා බැඳුම්කර සෘජු ක්‍රමය හරහා නිකුත් කර තිබෙනවා.

ඒ වගේම තමයි ඒ සෘජු ක්‍රමයට නිකුත්කළ බැඳුම්කරවලින් සීයට 57ක් අලෙවි කර ඇත්තේ බලාපොරොත්තු වුණාට වඩා අඩු මිලකට බව විගණකාධිපති වාර්තාවෙත් කියනවා.

ඒ අනුව පෞද්ගලික සමාගම්වලට එය ද්විතීය වෙළඳපොලේදී වැඩි මිලට අලෙවි කිරීමට අවස්ථා ලැබෙනවා වගේම ඔවුන්ට අනපේක්ෂිත ලාභයක් ලැබීමට පළමු ගනුදෙනුව දායක වන බවත් පෙනෙනවා.

මේ කරුණු විගණන වාර්තාවක් හරහා දල වශයෙන් අනාවරණය කළත් වැඩි විස්තරයක් එහි දැක්වෙන්නේ නෑ.

ඒ නැති විස්තර එලියට ගන්න තමයි වෝහාරික විගණනයක් අවශ්‍ය වෙන්නේ.

වඩාත් සරලව කිව්වොත් විගණකාධිපති වාර්තාව බැඳුම්කර නිකුත් කිරීමට අදාල කාරණා පමණක් සොයන විට වෝහාරික විගණන වාර්තාවෙන් ඊට සම්බන්ධ සේවක අර්ථසාධක අරමුදල ගැනත් සොයාබලනවා.

ඔබට මතක ඇති සේවක අර්ථසාධක අරමුදල රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී මහා පරිමාණයෙන් අවභාවිත කර තිබෙන බවට චෝදනා නැගුනා.

ඒ පිළිබඳව විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ සාමාන්‍ය විගණන වාර්තාවක් මීට පෙර නිකුත් කර තිබුණා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ගැනනම් , වෝහාරික විගණන වාර්තාවල රාජපක්ෂ ආණ්ඩුවට අතිශය අවාසිදායක කරුණු තිබිය හැකි බව පැහැදිලියි.

ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ජාලයක් විසින් නිකුත් කරන සන්ඩේ මෝනින් පුවත්පත පුවතක් මගින් පසුගියදා අනාවරණය කර සිටියේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරිමෙන් රුපියල් බිලියන 9ක පාඩුවක් සිදුව ඇති බව වෝහාරික විගණන වාර්තාවේ සඳහන්ව තිබෙන බවයි.

ඒ වගේම 2010- 2012 කාලසීමාවේදී වැඩිම පාඩුවක් සිදුව ඇතැයි එම වාර්තාවෙහි සඳහන් වන බවත් එම පුවත්පත අනාවරණය කර තිබුනා.

ඒ වගේම තමයි භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලදී, ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් 19ක් සමග සිදුකර ඇති ගනුදෙනු හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් රජයට සිදුව ඇති බවට මුල්‍ය වෙළඳපොල කටකතා පැතිර ගියා.

ඒ සමාගම් ප්‍රධානීන් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෘජු සාහකයන් වූ බවත් 2019 ආණ්ඩු පෙරළියට සෘජු දායකත්වයක් දුන්නා වගේම ඇතැමුන් වත්මන් ආණ්ඩුවේ තනතුරු ලබා ඇති බවටත් සඳහන් වෙනවා.

ඔන්න ඔතන තමයි ප්‍රශ්නය වෙන්නේ, සහ ගෝඨාභය සර් ගේ ආණ්ඩුවට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාරාවළල්ලක් බවට පත්වෙන්න ගන්නේ.

දැනටමත් 2015 යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර ගනුදෙනු සහ ඊට අදාළ විස්තර ගැන සමාජය දැනුවත්.

ඒත් 2008-2014 මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ගනුදෙනු, සෘජු ක්‍රමය හරහා බැඳුම්කර නිකුත්කර ඇති ආකාරයට, රජයට ඒ තුල සිදුවූ පාඩුව, නියමිත වටිනාකම් වලට අඩුවෙන් බැඳුම්කර මිලදීගත් ප්‍රථමික ගැනුම්කාර සමාගම්, ඒ සමාගම් වල අයිතිකරුවන්, ඔවුන් සහ පොදුජන පෙරමුණේ දේශපාලනය අතර ඇති සම්බන්ධතා, මේ විදිහට ජනතාව නොදැන සිටි බැඳුම්කර මගඩි රැසකට අදාළ තොරතුරු නම් ගම් සහිතව වෝහාරික විගණන වාර්තාව හරහා එලියට එන්න නියමිතයි.

අදාළ ගනුදෙනු තුල ළබැඳියාවන් අතර ගැටුමක් තිබෙනවාද , අල්ලස් ගැනීම හෝ ලබාදීම සිදුව තිබෙනවාද, අසාධාරණ ලෙස බලෙන් පැහැරගැනීමක් කර තිබෙනවාද යන සියලු කරුණු ඇතුලත්.

බැඳුම්කර ගනුදෙනු සහ සමාගම් ගිණුම් වාර්තා පමණක් නොවෙයි, ගනුදෙනු වලට මැදිහත් වුණ පුද්ගලයන්, ඔවුන්ගේ සම්බන්ධතා හා හැසිරීම් ගැනත් වෝහාරික විගනනයෙන් එලියට එනවා.

ඒ සියල්ලෙන් පසුව සාමාන්‍යයෙන් වෝහාරික විගණනයක් සිදුකළ කෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමත් සිද්ධවෙනවා.

ඒ තුල මෙතෙක් චෝදනා ලබා ඇති අය නිදහස් වන චෝදනා ප්‍රසිද්ධ නොවූ අය චූදිතයන් වීමටත් ඒ තුල ඉඩප්‍රස්ථා තිබෙන බවයි විචාරක මතයවී ඇත්තේ.

ඒ වගේම 2015 සහ 2016 වංචා ගැන දැන් අලුතින් හෙළිවෙන්නට දෙයක් නැහැ. ජනතාව අලුතින් දැනගන්නට බලාපොරොත්තු වෙන්නේ 2015 ට පෙර කාලසීමාව ගැනයි.

ඇත්තටම ගෝඨාභය සගේ ආණ්ඩුවට එන ලොකුම සහ දීර්ඝ කාලීනව දේශපාලන වශයෙන් අඛණ්ඩ ප්‍රහාරයකට ලක්වීමට නියමිත චෝදනා රැසක් මේ තුල ඇතුලත්වීම වැළක්විය නොහැකියි.

ඒ කියන්නේ අජිත් නිවාඩ් කබ්රාල් විතරක් නෙවෙයි, ගෝඨා ස ගේ ආණ්ඩුවටත්, රාජපක්ෂ පවුල් දේශපාලනයට සමීප ව්‍යාපාරිකයන් රැසකටත්, මහ බැංකුවේ සහ මුල්‍ය කේන්ද්‍ර ආශ්‍රිත ප්‍රධාන පෙලේ නිලධාරීන් රැසකටත් බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවට බය වෙන්න වෙන තත්ත්වයක් මතුව තිබෙනවා.

තත්ත්වය වඩාත් බරපතල වන්න නියමිතව ඇත්තේ 2015 යහපාලන සමයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් 2008- 2014 මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති බවට මුල්‍ය වෙළඳපොල වාර්තා සඳහන් කිරීමයි.

සැබැඳි  වීඩියෝව

මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි?

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්