එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් වෙනුවෙන් සටන් කරන පිරිස්, පක්ෂ ව්‍යවස්ථාවෙන් නායකයාට පවරා ඇති

අසීමිත බලතල ඉවත් කිරීමට සටනක් නොදෙන්නේ ඇයි දැයි 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විමසා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි ද 'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා පවසයි.

ඔහු එම කරුණු සඳහන් කර ඇත්තේ සිය FB පිටුවේ සටහනක් පළකරමිනි. එම සටහනේ මෙසේ සඳහන් වේ.

''ඔය යූඑන්පී ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී නැහැ, අනිත් ලංකාවෙ ගොඩාක් පක්‍ෂවල වගේම. අනිකෙ ඔක්කොම හරි අපේක්‍ෂකය හරි තෝරන්න අයියටනෙ බලය දුන්නෙ. ඒක පවුලෙ කේස් එකක් නෙ.

සජිත්ගෙ කට්ටිය රනිල්ගෙන් නායකකම ගන්න මහරාජා එක්ක ගේම් ගැහව්වට ඒ ව්‍යවස්ථාව වෙනස්කරන්න ඕනෙ කියල කියන්නෙත් නැහැ.ඒක වෙනස් කරගන්න කිසිම යූඑන්පී සම්මේලනයකදි ෆයිට් කරල නැහැනෙ ඔය කට්ටිය. ඒ කියන්නෙ එයත් ඇවිල්ල ඒ ව්‍යවස්ථාවම තියාගන්නද හදන්නෙ?

රටේ මිනිස්සුන්ට ඒ ව්‍යවස්ථාවෙන් නායකයට ලැබිල තියෙන අසීමිත බලතල ගැන කියල, එයා හෝ කවුරුහරි එන කෙනා ඒ පක්‍ෂ ව්‍යවස්ථාවට කරන වෙනස්කම්/ සංශෝධන රටට හරි - අඩු ගානෙ ඒ පක්‍ෂයෙ සාමජිකයින්ට හරි කියනවනම් හොඳයි.

රනිල්ගෙ සෙට් එකත් ඒ ගැන තමන්ගෙ අදහස ඒ විදියටම කියන්න ඕනෙ.''

(උපුටා ගැනීම අවසන්)

Gotabaya Mahinda''අනිකෙ ඔක්කොම හරි අපේක්‍ෂකය හරි තෝරන්න අයියටනෙ බලය දුන්නෙ. ඒක පවුලෙ කේස් එකක් නෙ. '

 

පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිලුත් කියලා !

'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයාගේ අදහස සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨ නායකයකු ගෙන්  theleader.lk කළ විමසීමකදී පැවසුයේ, මෙම කාරණය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ද අවධානය යොමුවී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපනට පසුගිය වසරේ (2019) දෙසැම්බර් 15දා දැනුම් දී තිබු බව ඔහු කියා සිටියේය.
 
රනිල් වික්‍රමසිංහ විසින් කළ එම දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිත බවත්, එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම රනිල් වික්‍රමසිංහගේ අරමුණ වී ඇති බවත් එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.
 
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතල, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙයට පෙර ප්‍රකාශ කර තිබුණි.
 
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබඳව තරුණ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එජාප නායකයා,  පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපනට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වන බව ඉහත මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්