තමා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් සමාජ මාධ්‍ය හරහා ගෙනයන ප්‍රචාරය

මුළුමනින්ම පදනම් විරහිත බවත්, එවැන්නක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිඳු පුද්ගලයකු සමග සාකච්ජා කර නොමැති බවත් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අවධාරණය කර සිටියි.

ඉදිරි මාස කිහිපයේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී තම පක්ෂය විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව යලි ආණ්ඩු බලය ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු පවසයි.

රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා එබව කියා සිටියේ, ඔහු ආණ්ඩුවට එක්වීමේ සුදානමක් ඇතැයි ආණ්ඩුවට හිතවත් ඇතැම් සමාජ මාධ්‍යයන්හි පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් 'theleader.lk' කළ විමසීමකදී ය.

''ජනාධිපති සමඟ පැවති සාකච්චා සාර්ථකයි බදුදීන් ආණ්ඩුවට'' යන ශීර්ෂයෙන් යුතුව මිට දින කිහිපයකට පෙර වාර්තා පලකළ එවැනි මාධ්‍යය, ඊයේ වාර්තා කර තිබිනේ 'ආණ්ඩුවට රිංගන බදියුදීන්ගේ උත්සාහයට ජනපති පයින් ගසයි!'' යනුවෙනි.

 එවැනි මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්  ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායකයා සිය FB පිටුවේ මෙවැනි සටහනක් ද පළකර තිබේ.

Rizad Post
කෙසේවුවද ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ බලධාරීන්ගේ නියෝගමත මේවනවිට ඔහුට එරෙහිව පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඔහුව බිය ගන්වා ආණ්ඩුවට එක්කර ගැනීම ආණ්ඩුවේ බලධාරීන්ගේ උවමනාව බව දේශපාලන ආරංචිමාර්ග පවසති.

පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන එවැනි විමර්ශන වලට තම උපරිම සහය ලබාදෙන බව  රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබිණ.

සබැඳි පුවත් :

රිෂාඩ් බදියුදීන් කොටු කිරීමට තවත් මෙහෙයුමක්: හිටපු හමුදාපති මහේෂ්වත් කැඳවීමට යයි!!

හමුදාපති - බදුර්දීන් 'ගැටු‌‌මේ' ඇත්ත කතාව මෙන්න

පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව : 'රහස් පොලිසියට උපරිම සහය දෙනවා' - හිටපු ඇමති රිෂාඩ් කියයි

විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්