ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව සමඟ එක්ව මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් සන්ධානපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.


තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ පොදු විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ශ්‍රීලනිපය තනියෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා එම පක්ෂයෙන් තරග කරන බවද වෙල්ගම වැඩිදුරටත් සඳහන් කරයි. 

එස්.බී.ගේ කතාවට දයාසිරිගෙන් 'ෂොට්' එකක් !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21 ) පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්‍රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් බවයි.

ඔවුන් පොහොට්ටුවට එක් වූවත් එම පක්ෂයේ කිසිවෙක් ඔවුන් ගණන් නොගන්නා බවත් දයාසිරි ඇමතිවරයා පැවසිය.

ඔහු එබව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවට එස්.බී. දිසානායක ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවට කිසිවකුට ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති කිරීමට කිසිවකුට නොහැකි යැයිද කී මහලේකම්වරයා ,එලෙස ප්‍රකාශ කරන අය ගමේ ඡන්දය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිවසේ සිට යැයි ද සඳහන් කළේය.

අද වනවිට හඟුරන්කෙත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සාමාජිකයෙක් නැති බවත්, ඔවුන් සියලු දෙනාම අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී අවසන් බවත් අද ඒ සියලු දෙනාටම නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් රාජ්‍ය ඇමති එස් බී දිසානායක පැවසුයේ, හඟුරන්කෙතදී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්