ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මෙරට ව්‍යාපාරික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොහාන් ප්‍රනාන්දු පත් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපති කුමාරසිරි සිරිසේන ජනවාරි මස 06 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත.

රොහාන් ප්‍රනාන්දු තේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් හිමි අයෙකි. ඔහු ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.

2008 සහ 2009 වසරවල ඔහු ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. 

ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ සභාපතිවරයා වන රොහාන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ද සාමාජිකයෙකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්