වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනි රජ‍යේ අධි නීතිඥ නිශාර ජයරත්න මෙනවිය සඳහන් කළාය.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගෙන නියමිත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.

මීට අමරතව හිටපු විනිසුරුවරුන් වන පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අය රංජන්  රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකළ දුරකථන සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි අදාළ දුරකථන සේවා සපයන ආයතනවලින් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

Mohan text1රන්ජාගේ ඇමතුම් අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬපට හරහා අධිකරණයේ ස්වාධිනත්වයට හානියක් සිදුව ඇද්දැයි කෙරෙන සමාජ කතිකාව සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතේ විශේෂ වාර්තාවක් පළකර ඇත. එම පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් සම්පාදිත එම ලිපිය පහත පළවේ.

''පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬපට අතර අධිකරණ විනිසුරුවරුන්ගේ යැයි කියන හඩපට ගැන මාධ්‍යවල විශාල සංවාදයකට ලක්විය. ඒ හඬපට සැබෑ ඒවාද, ව්‍යාජ ඒවාද යන්න තවම ඔප්පු වී නැතත් ඒවා පිළිබඳව ඇතිවන සමාජ සංවාදය නතර කළ නොහැකිය. 

මෙම සංවාදයට ආණ්ඩුවේ දේශපාලඥයන් හා ආණ්ඩු හිතවාදී මාධ්‍ය හිතාමතාම පොම්ප කරන අදහසක් ඇත. ඒ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවලින් හිටපු ආණ්ඩුව අධිකරණයට බලපෑම් කළ බව ඔප්පු වන බවත් , ඒ නිසාම හිටපු ආණ්ඩුව සමයේ ලබාදුන් සියළු අධිකරණ තීන්දු විශ්වාස කළ නොහැකි බවත්ය. මේ අදහස පිළිබඳව අප කළ අදහස් විමසීමකි.

මේ වගේ විකෘති ජනමත ගොඩනැගුවේ ෆැසිස්ට් රටවල -නීතිඥ එස්.ජී. පුංචිහේවාpunchi hewa



මුලින්ම කියන්න ඕනෑ අධිකරණයේ දෝෂ තියෙන්න පුලුවන් බව. අධිකරණයේ ඉන්නෙත් මිනිස්සු. ඒ නිසා සුළු වැරදී තියෙන්න පුලුවන්. එහෙත් දැන් කතාකරන්නේ අධිකරණය සම්පූර්ණයෙන්ම විශ්වාස කළ නොහැකි බව. ඒක නම් පිළිගන්න බැහැ.

ලංකාවේ අධිකරණය පහුගිය කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී යුක්ති සහගත මට්ටමක තියෙනවා. දකුණු ආසියාවේ හොඳ මට්ටමක තියෙන අධිකරණයක් ලෙස ඒ ගැන සලකන අය ඉන්නවා. යම් වැරදි තියෙන්න පුලුවන් වුණාට ශ්‍රේෂ්ඨාධිකරණය පවා උසස් මට්ටමක පැවතුණා. ආණ්ඩුව අභියෝගයට ලක් කරන අන්දමේ  තීන්දු පවා ගත්තා. සමස්තයක් විදියට සලකද්දී අපේ අධිකරණයට පාලකයන්ටවත් බලපෑම් කරන්න බැරි අවස්ථා තිබුණා.

පසුගිය කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු වලින් ජනාධිපතිවරයාගේ ක්‍රියා පවා බළරහිත බව තහවුරු කළා. කිසිවෙක් කියන විදියට කටයුතු කළේ නැහැ. ස්වාධීණව කටයුතු කළා. අධිකරණයට හොඳ මට්ටමක් අපේ රටේ තිබුණා.

ඒ වගේම අධිකරණයට බලපෑම් කරන්න ඇමතිවරයෙක්ට හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක්ට කිසිම හැකියාවක් නැහැ. මෙවැනි නඩුවල තීන්දු මහාධිකරණයෙන් දීලා, ශ්‍රේෂ්ඨාධිකරණයේත් අනුමත වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය සාක්ෂි විශාල වශයෙන් ඉදිරිපත් වුණා. නඩු විමසීම ප්‍රසිද්ධියේ කරපු වැඩක්. හැංගි හොරා කළේ නැහැ. ඒ නිසා සාක්ෂි විකෘති කරන්න බෑ.

දැන් මෙගොල්ලෝ මවාපෑමක් කරන්නේ. තමන්ට ඕනෑ විදියයට ජනමතයක් ගොඩනැගීමට උත්සහා කරනවා. මේ වගේ විකෘති ජනමත ගොඩනැගුවේ ෆැසිස්ට් රටවල.  තමන්ට ඕනෑ දේවල් කරගන්න, තමන්ට ඕනෑ බලය මහජනයාගේ කැමැත්තෙන් ලබා ගන්නයි මේ වගේ හැසිරුණේ. ජර්මනියේ ගොබෙල්ස් තමයි මෙවැනි ප්‍රචාර කළේ.

රංජන් රාමනායක හඬ පටිගත කිරීම හොදයි කියලා අපි සදාචාරමය වශයෙන් කියන්නේ නැහැ. ඒත් ඒ හඬපට වැඩක් ඇති දේවල් නෙවෙයි. ඒවා මතුකරමින් විශාල කතාවක් ගොඩනැගීමෙන් හානියක් සිදුවිය හැකියි. මේ ෆැසිස්ට්වාදී මානසික තත්වයක මුල් බීජ. ඉන්පස්සේ වෙන්නේ සම්පූර්ණයෙන්ම ආයතන දූෂිත බවක් අමුතුවෙන් නඩු විභාග කරන්න ඕනෑ බවත් කීම. ඒක අධිකරණයට හානි කරයි. 

Mohan text 2
අධිකරණය දූෂිත බව කියනවානම් , දැන් ඔවුන් කියන්නේ රංජන් රාමනායක කියපු දේම තමයි. රංජන් රාමනායක මහතා අධිකරණය දූෂිත බව කීමෙන් පස්සේ ඔහුට එරෙහිව නඩු දැම්මා.

ආණ්ඩුව මේ නාටකයෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා. අනෙක් පැත්තෙන් දුමින්ද සිල්වාව නිදහස් කරන්නට ජනමතයක් ගොඬනගනවා. 

නීතියෙන් දුමින්ද සිල්වාගේ නඩුවෙහි කිසිවක් වෙනස් කරන්න බෑ. මහජන මතය ගොඩනගලා මහජනයාගේ ඉල්ලීම පිට කියලා ජනාධිපති සමාව දෙන්නයි මේ උත්සහා කරන්නේ. හැට නව ලක්ෂයක් ‍ඡන්දය දුන්නේ ඒ ටික කරවාගන්නද කියන ප්‍රශ්නය තියෙනවා. ''



පූර්වාදර්ශ කඩාවැටුණොත් පද්ධතියම දෙදරා යනවා - ආචාර්ය ජෙහාන් පෙරේරා


jehan piඑම දුරකථක ඇමතුම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදුව ඇති බව කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. එතැනින් ගොඩනගා ගන්නා උපකල්පන මත බොහෝ දේවල් නැවත ප්‍රශ්න කරන්න පුලුවන්. න්‍යායාත්මකව එසේ කළ හැකි බව මා පිළිගන්නවා.

එහෙත් ප්‍රායෝගිකව එසේ කළ යුතුද කියන ප්‍රශ්නය දරුණු ලෙස මතු වෙනවා. මේ වගේ සුළු ඇමතුම් කිහිපයක් මත රටේ අධිකරණයෙහි හැම තීන්දුවක් ගැනම සැක ඇති කරගැනීම සාධාරණද කියන ප්‍රශ්නය ඇතිවෙනවා. විශේෂයෙන්ම එසේ කළහොත් අධිකරණ පද්ධතියම ඇදවැටෙනවා.

අධිකරණය කියන්නේ අතීත තීන්දු මත විශාල වශයෙන් යැපෙන ක්ෂේත්‍රයක්. ඇතැම් අධිකරණ තීන්දු දෙන්නේ පෙර අධිකරණ තීන්දු පූර්වාදර්ශ ලෙස සලකමින්. ඒ අනුව හැම තීන්දුවක්ම පූර්වාදර්ශයක් බවට පත්වෙනවා. පූර්වාදර්ශ කඩා වැටුණොත් පද්ධතියම දෙදරා යනවා. අධිකරණයට එසේ වීම ශීලාචාර සමාජයකට සුදුසු තත්වයක් නෙවෙයි..

අපි දන්නවා රංජන් රාමනායකගේ දුරකථන ඇමතුම් පටිගත කර තිබුණා. එසේ පටිගත කළ ඇමතුම් ප්‍රසිද්ද කළා. එතැනදී රංජන්ව කොටු කිරීමක් සිදුව තිබෙනවා. එහෙත් ඒ විදියට කොටුවෙලා නැතත් ලංකාවේ විවිධාකාර දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිකයන්, නීතිඥවරුන් ආදී යම් යම් අය විනිසුරුවරුන් සමග කතාකළ බව අප ඕනෑ තරම් අසා තිබෙනවා. එවැනි සංවාද සිදුවෙන බව ප්‍රසිද්ධ රහසක්.

එවැනි පසුබිමක රංජන් රාමනායකව විනාශ කරන්නට උත්සහා ගැනීම පිළිගත නොහැකියි. විශේෂයෙන්ම ඒ ඇමතුම්වල වැඩි වශයෙන් තියෙන්නේ අතිශය පෞද්ගලික සංවාද ඔවුන් පෞද්ගලික අවකාශයේදී කතාකරන දේවල්. රංජන් රාමනායකගේ පමණක් නෙවෙයි, වෙනත් අයගේ පෞද්ගලික ජිවිත පවා විනාශ වෙන්න පුලුවන්. 

යම් දේශපාලන වාසියක් අපේක්ෂාවෙන් මිනිසුන්ගේ පෞද්ගලික ජිවිත විනාශ කරීම ගැන එකඟ වෙන්න බැහැ. මම නම් එය මුළුමනින්ම හෙළා දකිනවා.Mohan text3


අනෙක් අතට මේ ඇමතුම් වලදී මම දැනට දන්න විදියට රංජන් රාමනායක කිසිදු පරීක්ෂණයක් වෙනස් කරන්න උත්සහා කරලා නැහැ. අහවල් කෙනාට එරෙහිව බොරු සාක්ෂි හදන්නැයි කියලා නැහැ. අහවල් කෙනාට සුදුහුණු ගාන්නැයි ඉල්ලලා නැහැ.  ඒ වෙනුවට ඔහු කියන්නේ ඔබ කරන විමර්ශන හොඳින් කරගෙන යන්න කියලයි.

මම දන්නවා එහෙම කීම පවා වැරැද්දක්. කිසිම ආකාරයකින් එවැනි විමර්ශන ගැන කතා නොකළ යුතුයි. එහෙත් රංජන් රාමනායකගේ අරමුණ නරක බව පෙනෙන්නේ නැහැ. ඒ නිසාම මේ ඇමතුම් අල්ලාගෙන සම්පූර්ණ අධිකරණ පද්ධතියම බිමට ඇදලා දාන්න උත්සහා කිරීම ගැන මට කණගාටුවක් තියෙනවා.

විනිසුරුවරියකට අපහාස කිරීමෙන් ප්‍රශ්නය විසඳන්න බෑ -නීතිඥ නුවන් බෝපගේ

padm


Nuwan Bopage
අධිකරණයේ ස්වාධීනත්වය කියන සංකල්පය ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ බිහිවූ සංකල්පයක්. ඒක කාලාන්තරයක් තිස්සේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස බිහිව තිබෙනවා. ලංකාවේ අද තිබෙන ලිබරල් ආර්ථිකය තුළ අධිකරණය කියන ආයතනය පමණක් ශූද්ධවන්තද කියන ගැටලුව අපි අහන්න් ඕනෑ.

සමහර විට මිනිස්සු කියනවා. දැන් හාමුදුරුවන්, පල්ලි දූෂිත වෙලා ඒවයේ විනයක් නැති බව. විවිධ ආයතන දූෂිත බව මැසිවිලි ඇහෙනවා. එහෙත් ඇත්තටම මොන ආයතනයද ඒ තරමට විනයක් ආරක්ෂා කරන්නේ. 

මිනිස්සුන්ට පාරිභෝගිකයන් වෙනන බල කරන, ශුද්ධවන්තයක් වෙන්න බලකරන සමාජයක විනිශ්චයකාරවරු කියන පිරිසටත් ඒ චෝදනාව එල්ලවීම වැළැක්විය නොහැකියි. 

ඒ චෝදනාව හදිසියේ මතුවුණේ නැහැ. අපි පසුගිය දශක ගණනාවක් තිස්සේ ඒ ගැන දන්නවා නීතිඥයන් ආපන ශාලාවදී, සාදවලදි විවිධාකාර විනිසුරුවරුන් ගැන විවිධාකර දේවල් කියනවා. යුක්තිය බලාපොරොත්තු වෙන්න බැරි බව කියනවා. තවත් විනිසුරුවරුන් පෞද්ගලික ආතති මත තීන්දු ගන්න බව කියනවා. තවත් සමහරු තමන්ගේ පසුබිම මත තීන්දු ගන්න බව කියනවා.

අපි හොඳින්ද දන්නා ඇතැම් විනිශ්චයකාරවරුන්ගේ දරුවෝ පුද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබද්දී එවැනි විශ්වවිද්‍යාපවලට එරෙහිව යන නඩුවල තීන්දු දෙන්නට ඉඩ තියෙන බව.

ඊටත් අමතරව තව සමහරු හිතාමතා යුක්තියට හානි නොකළත්, යම් යම් කාරණා ගැන සංවේදී නොවි තීන්දු ලබාදෙනවා. 

උදාහරණයක් විදියට පාරිසරික ගැටලුවක් ගැන නඩුවකදී, විනිසුරුවරයා කිසිම පැත්තකට පක්ෂපාතී නැතත් පාරිසරික ප්‍රශ්නය ගැන සංවේදී නැතිව තීන්දු දිය හැකියි. යුක්තිය ඉටු නොකර පරිපාලන කාර්යභාරයක් බවට අධිකරණය පත් වෙලා. ඔවුන් ආර්ථික ක්‍රමයේම කොටසක්. එයින් මිදෙන්න බෑ.

මෙතැන තියෙන ප්‍රශ්නය රංජන් රාමනායකගේ හඬපටයේදී යම් විනිශ්චයකාරවරුන් සමග කතා කළ බව කීමයි. ඒත් ඇත්තටම ගැටලුව තියෙන්නේ ඔය නඩුවල සහ විනිශ්චයකරුවන්ගේ විතරක්ද කියන ගැටලුව එනවා. අපි සමස්තය දිහා බලන්න ඕනෑ. 

මෙයින් හෙළිවෙන්නේ විනිශ්චයකාරවරුන්ට ඇමතුම් දෙන්න පුලුවන් බව. විනිසුරුවරයා එක්ක පවතින නඩුවක් පිළිබඳව සංවාද කළ හැකි බව අපට නීතිඥවරුන් විදියට පහුගිය කාලයක් තිස්සේ අහන්න ලැබුණා.

Mohan text4ඒත් මෙවැනි චෝදනා අලුත් නැහැ. මොහාන් පීරිස් අගවිනිසුරුවරයා පහළ විනිසුරුවරුන්ට ඇමතුම් ලබාදෙන  බව චෝදනා තිබුණා. සරත් එන් සිල්වා පැහැදිලිව කීවා තමන් අහවල් නඩු තීන්දුව පක්ෂපාතීව දුන් බව. විනිසුරුවරුන්ට අදාල මෙවැනි සිදුවීම් ගණනාවක් ප්‍රසිද්ධ මහජන තලයේ තියෙනවා. ඒවා රංජන්ගේ හඬපටයෙන් හෙළිවුණ ඒවා නෙවෙයි. රටේ තිබුණු ප්‍රවණතාවයක්.

මේවා වෙනස් කරන විදියට නීතිමය රාමුව වෙනස් කරන්න ඕනෑ බව කෙනෙකු කියාවි. ඒකෙන් යම් තරමට මේ ගැටලුව විසදෙන්නත් පුලුවන්. ඒත් සමස්තය සැලකුවොත් නීතිය හා යුක්තිය ඇතුළු සියල්ලම බලය හා මුදල අනුව තීරණය වෙන ක්‍රමයක් තුළ අපි ඉන්නේ.

රංජන්ගේ හඬපටයේ නඩු නැවත විමසන්න ඕනෑ බව කීම ගැටලුවක්. හඬපටවල ඉන්නවායැයි කියන්නේ මහාධිකරණයේ එක් විනිසුරුවරයෙක් පමණයි. එහෙත් මහාධිකරණයේ ඒ නඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස්දෙනෙක් ඉදිරියේ ප්‍රසිද්ධියේ විමසුවා.

අනෙක් පැත්තෙන් බලවත් අයගේ නඩුවල කතාකරලා බලපෑම් කිරීම කලින් ආණ්ඩුවේ සිට මේ ආණ්ඩුව දක්වා තිබුණා. එසේ තිබියදී දුබල, කිසිවක් කරගන්න බැරි මිනිහාට අධිකරණයේදී කිසිම පිහිටක් නැහැ. අපි අධිකරණය දිහා බලන්න ඕනෑ දුමින්ද සිල්වාගේ පැත්තෙන් නෙවෙයි, පොඩි මිනිහාගේ පැත්තෙන්.

අපි මරණීය දණ්ඩනයට විරුද්ධව හඬනගද්දී සමහරු මරණ දඬුවම ඉල්ලුවා. ඔවුන් අද අහනවා දුමින්දට මරණ දඬුවම දුන්නානම මොකද වෙන්නේ කියලා. දුමින්ද සිල්වා වගේ නෙවෙයි, මේ රටේ බහුතරයක් අපරාධ නඩුවල වින්දිතයෝ බවට පත්වූ අය නීතියේ පිළිසරණක් නැතිව දුක් විඳිනවා. 

සමස්ත ප්‍රශ්නයට උත්තර හොයන්නේ නැතිව දුමින්ද සිල්වාව ගෙදර යැවීම හෝ එක් විනිසුරුවරියකට අපහාස කිරීමෙන් ප්‍රශ්නය විසඳන්න බෑ.

දේශපාලන හස්තයක් තියෙනවාමයි - ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා Srinath


මුලින්ම පැහැදිළිව කියන්න ඕනෑ රංජන් රාමනායක කියන්නේ ගඳ ගහන මනුස්සයෙක් බව. දෙවැනි කාරණය මේ හඬපටවල යම් යම් අන්තර්ගතයන් පිළිබඳව සමාජගත වූ දේවල් තියෙනවා. එහි තිබෙන ඇතැමි ප්‍රකාශ ව්‍යාජ ඒවා බව සමහර පුද්ගලයෝ අද වෙනතුරු ප්‍රසිද්ධියේ කියලා නැහැ. ඒ නිසා අන්තර්ගතය ඔවුන් බාරගන්නවා වගේ තමයි පෙනෙන්නේ.

ඒ කරුණු කෙසේ වෙතත් මට මතු කරන්න ඕනෑ කාරණාව මෙයයි. මට තේරෙන හැටියට මේ ක්‍රියාදාමය පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවාමයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒ හස්තය මේ ක්‍රියාවලිය යොමු කරන්නේ කොහේටද කියන කාරණා දෙසයි අපි බලන්න ඕනෑ. මේ හඬපට දවස ගාණේ යම් විද්‍යුත් මාධ්‍යවල දානවා. ඒ විද්‍යුත් මාධ්‍යයත් දේශපාලන හස්තිය සමග සමගාමීව කටයුතු කරන බව පේනවා.

මට තේරෙන විදියට කවුරුහරි හසුරුවන හස්තය කරන්න හදන්නේ, යම් රටේ විනිශ්චයකාරවරුන් හා පොලීසිය ඇතුලු රාජ්‍ය සේවකයින්ව බියගන්වා නිර්වින්දනය කිරිම. තමන්ට බලය ඇති කාලයේදීත්, බලය නැති කාලයේදීත් තමන් කළ කී දේවල් ගැන කතාකරන, පරීක්ෂණ කරන අයට ගැලවෙන්න දෙන්නේ නැති බවට පණිවුඩයක් දෙන්න තමයි මේ හදන්නේ.

අධිකරණ පද්ධතියට බලපෑම් වුණේ 2015 - 2019 කාලයේදී විතරක් නෙවෙයි. ඊට කලින් ඊටත් වැඩියෙන් සිද්ධවුණා. ඊට වඩා සූක්ෂම අන්දමින් අධිකරණයට අත පෙවීමේ ක්‍රියාවලියක යෙදුණා. ඒත් මේක අලුත් දෙයක් හැටියට සලකලා මේක පුම්බනවා.

මේ විනිශ්චයකාරවරුන්,  පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ව බිය ගන්වලා නිහඬ කිරීමේ ක්‍රියාවලියක්. ආණ්ඩුවේ අයට විරුද්ධව ඇඟිල්ලක්වත් උස්සන්නේ නැති තැනට තල්ලු කරන උත්සාහයක්. 

Srinath prera
ඇත්තෙන්ම ජනාධිපතිතුමා පළවැනිම සති හයේදී ක්‍රියාකල ආකාරය ගැන අපට බලාපොරොත්තුවක් ඇතිවුණා. මේ රට යහමඟට ගන්න ඔහු ක්‍රියාකරන බව හැඟුණා. දැන් ඒ බලාපොරොත්තු සියල්ල සුණුවිසුණු වෙලා. මේක ඒකාධිපතිවාදයක් කරා යන ක්‍රියාවලියක අතිවිශේෂ සන්ධිස්ථානයක් හැටියට මම දකිනවා. 

මට තියෙන අනෙක් ප්‍රධානතම ගැටලුව තමයි මේ හඬපට පොලීසියෙන් අරගෙන පැය එකහමාරක් යන්න කලින් ඒවායේ අන්තර්ගතය පිලිබඳව දේශපාලඥයින් මාධ්‍ය හරහා සමාජගත කළේ කොහොමද කියන එක. සියලු දෙනාම දකින විදියටම දකිනවාද කියා දන්නේ නැහැ. මම දකින්නේ මේක භයානක ක්‍රියාවලියක කොටසක් බව. 

දේශපාලන අරමුණක් කරා යෑමේ වුවමනාවෙන් අද පාලන බලයේ සිටින යම් හෝ කණ්ඩායමක් රට ඒකාධිපතිවාදයට ගෙනයෑමේ අරමුණෙන් කළ දෙයක් බව.''


සබැඳි පුවත් :
'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්