වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යම් හෙයකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නම් එය මෙරට අධිකරණ ක්ෂේත්‍රයට බරපතළ වියවුලක් ඇති කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මෙහිදී නීතිපති දප්පුල ලිවේරාව දැඩි ලෙස විවේචනය කළේය.

නීතිපති දප්පුල ද ලිවේරා විසින් එම තීන්දුව ගත්තේ කුමන පදනමක් මත දැයි ප්‍රශ්න කර සිටි ඇමතිවරයා, ඊට වඩා බරපතල චෝදනා එල්ල වන විනිසුරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ පටවලින් හෙලිව ඇති බව නමුත් ඒ කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි සඳහන් කළේය.

සැබැවින්ම මෙම ප්‍රශ්නයේ දී පැමිණිලිකරු වී ඇත්තේ ගිහාන් පිලපිටිය විනිසරු බවත් දැන් ඔහු විත්තිකරුවෙක් කර ඇති බවත් කියා සිටි ඇමතිවරයා, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් කරණ ලද බලපෑම් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා විසින් පැමිණිලි කර ඇති තත්ත්වයක් යටතේ, නීතිපතිවරයා කුමන පදනමකින් ඔහු අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේ දැයි ප්‍රශ්න කළේය.

යහපාලනය විසින් විනාශ කරන ලද අධිකරණ පද්ධතිය රැක ගැනීමේ වගකීමක් ආණ්ඩුවට ඇති නිසා තමන් මෙම ප්‍රකාශය සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

වීඩියෝ 


පොලිසියට බලපෑම් කරන්නේ කව්ද ? ජනපති ගෙන් නියෝගයක් 

කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත්, කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොට ගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වැඩබලන පොලිස්පතිවරයාට පෙරේදා උපදෙස් ලබා දී තිබිණ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ට නිසි‍‍‍ ගෞරවයෙන් යුතුව කටයුතු කරන්නයි ද ජනාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට අවධාරණය කර තිබිණ. 

ගිහාන් පිලපිටියගේ වැඩ තහනම:

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගත්තේය.

ඒ අතර නීතිපති දප්පුල ද ලිවේරා 23දා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබුණේ එම විමර්ශනයේ දෙවන සැකකරු ලෙස විනිසුරු ගිහාන් පිලපිටියව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසයි.

අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණය කිරීම සඳහා මෙම විමර්ශනයේ පළමු සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇති බවද නීතිපති උපදෙස්වල සඳහන්වේ.

මෙවන් පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට අදාළව එම විමර්ශනයේ උධෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත් පංච පුද්ගල කමිටුවක් පත්කර ඇත.

ඒ අනුව විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන එම කමිටුවේ නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදීමට නියමිතය.

නීතිපති දප්පුල ජනපතිගේ කීමටවත් එකඟ වුණේ නෑ! – වාසු 

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කළ නියෝගය ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ඇතැමුන්ගේ විවේචනයට ලක්වූ අතර එහිදී ආණ්ඩුවේ පාර්ශවයෙන් ප්‍රකාශ වුයේ එය ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අනුදැනුමකින් සිදු නොවුවක් බවයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිපති දප්පුල ලිවේරා අමතා එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට නොගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය ද නීතිපතිවරයා එයට ද එකඟ නොවූ බවයි. 

මේ අතර නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ඊයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීනීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් විරෝධතාවයක් සංවිධාන කර තිබුණි.


සබැඳි පුවත් :
පොලිසියට බලපෑම් කරන්නේ කව්ද ? ජනපතිගේ නියෝගයෙන් 'කුමන්ත්‍රණයක්' ගැන සංඥාවක්!

'රන්ජන් රෙකෝඩ්ස්' : අධිකරණය රැකගන්න විනිසුරු පිලපිටිය බිල්ලට !

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාට එරෙහිව විනිසුරු පිලපිටියගෙන් ප්‍රබල සාක්ෂියක්! - කටඋත්තරය මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්