තමා මෙවර ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව අගමැති

මහින්ද රාජපක්ෂ සතිඅන්ත ජාතික පුවත්පතකට පවසා ඇත.

වෙනත් දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් වෙන ලෙසට ඉල්ලීම් ලැබුණත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එදාමෙන් මෙදත් තරඟ කරන බව අගමැතිවරයා සඳහන් කර ඇත.

මිට ඉහතදී 'පොහොට්ටු' පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ, අගමැති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිත බවයි.

 

භික්ෂූන් වහන්සේලා සඟ පෙරමුණෙන්…

මේ අතර මීළඟ මහ මැතිවරණයේදී 'පොහොට්ටුවෙන්' නාමයෝජනා නොදෙන්නේ නම්, දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ රාජගිරිය ප්‍ර‍ද්ශයේ පිහිටි විහාරස්ථානයක ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවට දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන, නියෝජනය කළ හා විවිධ සංවිධානවල ක්‍රියාකාරී ස්වාමීන් වහන්සේලා සහභාගි වී සිටියහ.

මේ දිනවල නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදී ඇති අවස්ථාව අනුව නව දේශපාලන පක්ෂයක් හෝ ඒ සඳහා ලියාපදිංචි කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් බද්දේගම සමිත හිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් පැවතියත් ප්‍රමුඛව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවයි.

‘‘දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා සුළු පිරිසයි ඉන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වුණේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන්. මම ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ලංකා සම සමාජ පක්ෂයට ලැබෙන අපේක්ෂක කෝටාවෙන් තමයි මම ඉල්ලන්නේ. තාම අපේක්ෂත්වය නොදෙනවා කියලා තීරණයක් නැහැනේ. එහෙම වුණොත් වෙනත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා කියලා පමණක් සාකච්ඡා කළා’’ යැයි සමිත හිමියන් සඳහන් කළහ.

 

'ජනාධිපතිතුමා මහ නාහිමිවරුන්ට පොරොන්දුවක් ලබාදුන්නා'' - මිහින්තලේ විහාරාධිපති හිමි

Mihinthale 

මේ අතර මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුයේ, ඉදිරි මහමැතිවරණයේදී තම පක්ෂයෙන් භික්ෂුන් Text 25 12වහන්සේලාට නාමයෝජනා ලබා නොදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ නාහිමිවරුන් වෙත පොරොන්දුවක් ලබාදුන් බවයි.  

 "භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම ජාතික ලැයිස්තුවෙන් හෝ නාමයෝජනා කිසිම පක්ෂයකින් ලබා නොදෙන්නය කියලා අපි පූර්ව දැනුම්දීමක් කළා අතිගරු ජනාධිපතිතුමාට.

 ඒක කණ වැටිච්චි ගමන් අතිගරු ජනාධිපතිතුමා විශෙෂයෙන් අපේ මහානායක ස්වාමින් වහන්සෙලාට - අපේ සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, නැත්නම් අස්ගිරි මල්වතු - ත්‍රෛනිකායික අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සෙලාට දැනුම් දීලා තියෙනවා අපේ පක්ෂයෙන් කිසිම නාමයෝජනාවක් ඒවගේම ජාතික ලැයිස්තුවෙන් හෝ නොදෙන බවට ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඒ අපට ඇති. 

 ඒවගේම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, අනෙකුත් පක්ෂවලිනුත් සමහර වෙලාවට අපි හිතනවා නොදෙයි කියලා. ඒ අයගෙන් අපි ඉල්ලීමක් කරනවා එහෙම දෙන්න එපා කියලා. ඒවගෙම ස්වාධීනව ඉල්ලයි, එහෙම ස්වාධීනව ඉල්ලුවොත් එක ඡන්දයක් නොදී ප්‍රතික්ෂේප කරන්න. අපේ අතේනෙ මේ කතිරය තියෙන්නෙ.

 පහුගිය කාලෙ උන්වහන්සෙලා පාර්ලිමේන්තුවට ඡන්දෙ දිනලා ගියා. මොනවද කළේ ? අපේ රටේ බුදුදහම වෙනුවෙන් මොන අණ පනතද සම්මත කෙරුවේ ? කිසිම එකක් නෑ. උන්වහන්සෙලා අර රුපියල් 20ට තියෙන දානෙ ටික වැළඳුවා, ඊට පස්සෙ රතු පාස්පෝට් එක ගත්තා ..." යයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්