රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු ප්‍රකාශය හා හඬපට පාදකකර ගනිමින්

ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 'ජාතික වැඩපිළිවෙල' ක්‍රියාත්මක කිරීම සඳහා උගත් බුද්ධිමත් මහජන නියෝජිතයින් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගැනීම සඳහා වූ නිර්මාණාත්මක ප්‍රචාරක මෙහෙයුමක් ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයක් ඇතිකල පුද්ගලයකු දිවයිනේ ප්‍රසිද්ධම දැන්වීම් ප්‍රචාරක ආයතනයක් හරහා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහොමයක් මන්ත්‍රීවරුන් දුෂකයින් හා වංචාකාරයින් බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඉස්මතු කරමින්, රට ගොඩනැගීමට උගත් බුද්ධිමත් තරුණ මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත්කරවීම සඳහා ජනමතයක් ඇතිකරලීම මෙම ප්‍රචාරක මෙහෙයුමේ අරමුණ වී ඇත.

prasanna 

මෙම ප්‍රචාරක මෙහෙයුම සැලවීමත් සමග ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ද ජනාධිපතිවරය ශක්තිමත් කිරීමට වියතුන් පාර්ලිමේන්තුවට යැවීමේ අදහස අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කිරීමට ඉදිරිපත්ව ඇත.

පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ට පහරදුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රසන්න රණවිර ද පසුගියදා පැවසුයේ, මීළඟ මහ මැතිවරණයේදී ජනතාව උගත් බුද්ධිමත් පුද්ගලයින්ව පාර්ලිමේන්තු යැවිය යුතු බවයි.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 24දා ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

මහ පොළොව හඳුනන නායකයින් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි-නාමල්

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, විහිළු සපයන්නන් නොව, මහ පොළොව හඳුනන නායකයින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදිරිගිරිය ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැදිරිගිරිය ආසන බල මණ්ඩල රැස්වීම මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (26) පස්වරුවේ පැවැත් විය.

 

මේ අතර ආණ්ඩුවට පක්ෂපාතිව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පලකරන දසුන් එදිරිසිංහ (Dasun Edirisinghe) සිය FB පිටුවේ අද (ජනවාරි 27) පළකර ඇති ''ජනපති රැවටෙන ප්‍රෝෆෙෂනල් ගාය'' නමින් යුතු සටහනක මෙසේද දැක්වේ.

text 27 1''පසුගියදා අවසන් වුණු ජනාධිපතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළායැයි කියන්නේ යම් කිසි වෘත්තීකයන්ගෙන් සැදුම්ලත් (ප්රොෆෙෂනල්) වියත් සංවිධානයක් බවට ගෝඨාභය පාර්ශවයේ (මහින්ද පාර්ශවය නොව) ඇත්තන් පුරසාරම් දොඩති.

එසේම නව ආණ්ඩුවේ සංස්ථා, මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල තනතුරු බෙදා ගැනීමේදීද එම තනතුරු ලබා දුන්නේද (දෙමින් සිටින්නේද) ඔය කියන සංවිධානයේ සාමාජිකයන්ටය. මුලින් කී පරිදි කුමක්දෝ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා මැනවින් සුදුසුකම් සලකා බලා එම තනතුරු දෙන බව කීවත් එසේ වූයේ නැත.

දැන් එම සංවිධානයට සම්බන්ධයැයි කියන තරුණ පිරිස මෙන්ම වියත් යැයි කියා ගන්නා මැදි වියේ අයද ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තර්‍ග කිරීමට සැදී පැහැදී සිටී. ගම්පහ දිස්ත්‍රික්කයෙන් එසේ තරග කිරීමට බලාපොරොත්තු වන එවැනි වියතෙක් දැනටමත් තම කැම්පේන් එක සියනෑව සිසාරා අරඹා ඇත. තවත් වියතුන් රජයේ තනතුරු භාර නොගත්තේ මහ මැතිවරණයට තරග කිරීමට සිතාගෙනය. 

මෙම වියතුන් හමුවේ අදාළ ප්‍රදේශ නියෝජනය කළ පළපුරුදු ජේ‍ය්ෂ්ඨ දේශපාලකයන් පැත්තකට විසි වී ඇති බවක් පෙනෙන්නට ඇත. අට පාස් නැති කසිප්පුකාරයන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවට සැකයක් නැත. එහෙත් වියත් යැයි කියා ගන්නා ප්‍රෝෆෙෂනල් ගාය විතරක්ම දේශපාලනය කිරීමට සුදුසුකමක් නොවනු ඇති බව මතක තබා ගත යුතුය.

 

''මහ ජන ගගක් නුගේගොඩට ගෙනාවේ ඔය වියතුන් නොවේ''

Image result for නුගේගොඩ රැලිය මහින්ද රාජපක්ෂ'මහින්ද සුළඟ නුගේගොඩ : ''එදා ඔය වියතුන් සිටියේ ඒ ආණ්ඩුවට බයේ හැංගිලාය.''

 

උදාහරණයක් ලෙස පැවසුවහොත් 2015 දී මහින්ද රාජපක්ෂ රජය පැරදී කට උත්තර නැති වන විට ඊට මාස කිහිපයකට පසු මහ ජන ගගක් නුගේගොඩට ගෙනාවේ ඔය වියතුන් විසින් නොවේ. අර කියූ දේශපාලඥයන් විසිනි. එදා ඔය වියතුන් සිටියේ ඒ ආණ්ඩුවට බයේ හැංගිලාය. ටික දෙනෙක් රටෙන් පිටට ගොස් හැංගුණි. තව කිහිප දෙනෙක් යූ එන් පී එකට මුක්කු ගහන්න ගියේය. තවත් පිරිසක් එසේ ගොස් ආපසු ආවේ යූ එන් පී එකෙන් ප්‍රතික්ෂේප වුණු නිසාය.

ඔවුන් එනිසා මහින්ද ළග ඉතුරු වුණු නමුත් ඔවුන් පෙන්නුවේ මහින්ද මහත්තයාට තියෙන ලෙංගතුකමට එසේ කළා මෙනි.

කෙසේ වෙතත් එදා නුගේගොඩට හැමූ මහින්ද සුළගේ සිටම පසුගිය ජනාධිපතිවරණය දිනන තෙක් මහින්ද මහත්තයා කෙළින් කරගෙන තබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය පෙරටු කොටගත් පොදුජන පෙරමුණේ දේශපාලකයන් කළ මෙහෙය ඔය වියත් ප්‍රෝෆෙෂනල්ලාට කිරීමට තියා සිතීමටවත් නොහැකිය.

අයිය මලෝ වුණත් දැන් ප්‍රසිද්ධියේම මේ ආණ්ඩුව තුළ මහින්ද පාර්ශවය සහ ගෝඨාභය පර්ශවය ලෙස පාර්ශව දෙකක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. මහින්ද මහත්තයා තනි නොකර සිටි ජ්‍යෙෂ්ඨයින් එළියට විසි කිරීමට ප්‍රෝෆෙෂනල්ලා මාර්කට් කරමින් ඇත.

මැතිවරණ කියුම් හරිහැටි කෙරුම් බවට පත් කිරීමට නොහැකිව මේ වන විටත් මේ ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් එල්ල වෙමින් ඇත.

එනිසා ජනාධිපතිවරයා මතක තබා ගත යුතු වන්නේ රණවිරුගායෙන් ජනාධිපතිවරණය දිනුවට ප්‍රෝෆෙෂනල් ගායට මහමැතිවරණය දිනිය නොහැකි බවයි. මන්ද යත් ගමේ ඡන්ද ටික තවමත් තිබෙන්නේ ප්‍රෝෆෙෂනල්ලා ළග නොවන නිසාය!

(දසුන් එදිරිසිංහ | 27. 01. 2020)

 

සබැඳි පුවත් :

මහ ඡන්දයට නාමයෝජනා : ජනපතිගේ වියත්මඟ උගතුන්ට දැනටම විරෝධයක් !

'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

පරණ අය ගෙදර: මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු 100ක් !

''ජනපතිට හයිය දෙන්න අලුත් පිරිසක් මැතිසබයට පත්කරන්න'' - ගෝලීය ශ්‍රී ලංකා සංසදය

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්