මාර්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට රුපියල් දාහක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදීමට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.

එම කරුණ ගැනම ඊට පසු මාධ්‍ය වාර්තා කරනු ලැබුයේ වතු කම්කරුවකුගේ දිනක වැටුප රුපියල් දාහක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය. කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණද කියා තිබුණි.

සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ බවය.

කෙසේ වෙතත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වතුකරයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තීන්දුවක් නිසා ඒ ගැන විශ්වාසය තබන බවත්, මේ තීන්දුව සම්බන්ධයෙන් වතු සමාගම් සමග සාකච්ඡා කරන බවත්ය.

 

'සාකච්ඡාවක්වත් කර නැහැ' -  රතු එළි දල්වයි !

මෙම තීරණය ගැන වතු හාම්පුතුන්ගේ සංගමය කියා ඇත්තේ එම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තමන් සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවත්, එම වැටුප් වැඩිවීම ලබාදීමට හැකියාවක් නැති බවත්ය.

එමෙන්ම වතු කම්කරුවන්ට දැනට ගෙවන වැටුප සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් සඳහා වතු වෘත්තීය සමිති සමග ගිවිසුමකට එළැඹී ඇති බවය.

වතු කම්කරුවන්ට එම වැටුප ලබා නොදුනහොත් වතු රජයට පවරා ගන්නා බවද ආණ්ඩුව රතු එළි දල්වා ඇත.

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දාහක් කරන ලෙස වූ අරගලය ආරම්භ වූයේ වතු වෘත්තීය සමිති හා වතු හාම්පුතුන් අතර වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට පෙරය. සාමූහික ගිවිසුමේදී එම ඉල්ලීමේ උපරිමයට යෑමට නොහැකි විය.

එජාප ආණ්ඩුව එම අවස්ථාවේ කීවේ රුපියල් දාහක දිනක වැටුපට අඩු ඉතිරි මුදල ආණ්ඩුවෙන් ලබාදීමට කටයුතු කරන බවය. ඒත් එයද සිදුවූයේ නැත.

දැන් ඇත්තේ වතු කම්කරු වැටුප රුපියල් දාහක් දක්වා ගෙන ඒමේ ඉතිරි මුදල ආණ්ඩුවෙන් දැරීමේ තීරණයක් නොවේ. ජනාධිපතිවරයාගේ තීරණයක් මත එය ක්‍රියාවට නැංවීමට සුදානම් වීමකි.text 28 1

 

වතු යනු රාජ්‍ය ආයතන නොවේ ! 

වතු යනු රාජ්‍ය ආයතන නොවේ. ඒවාහි වැටුප් තීරණය කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට නැත. පෞද්ගලික අංශයේ අවම වැටුප් තීරණය කිරීම සඳහා පඩි පාලක සභා ඇත. එය ත්‍රෛපාර්ශ්වීය ව්‍යුහයකි. රජයේ නියෝජිතයන්ද, හාම්පුතුන්ගේ නියෝජිතයන්ද, සේවක වෘත්තීය සමිති නියෝජිතයන්ද එය නියෝජනය කරයි.

එහිදීත් තීරණය කරන්නේ අවම වැටුප  පමණය. ඊට අඩුවෙන් වැටුප් ගෙවිය නොහැකිය යන්න එහි තේරුමය.

වතුකරයේ හැමදාම සිදුවුණේ හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති අතර වසර කිහිපයකට වරක් ඇති කරගන්නා සාමූහික ගිවිසුමක් මගින් වැටුප් තීරණය කිරීමය. මේ ආකාරයට සාමූහික ගිවිසුම් මගින් වැටුප් තීරණය කරන වෙනත් ක්ෂේත්‍ර හා ආයතනද පවතී.

දැන් ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන කැබිනට් මණ්ඩලයේ තීරණය මගින් කියා ඇත්තේ වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දාහක් විය යුතු බවයි. එය රටේ නීතිය නොව අවනීතියයි. නීත්‍යනුකූල නොවන අණයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරුදු මිලිටරි අණයි.

(ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පතින් උපුටා ගන්න ලදී )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්