එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30) ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තම පාර්ශවයට අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් මහ මැතිවරණයට තරඟ කිරීම බව එහිදී කී මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද එම තීරණය ලැබී ඇතැයි සඳහන් කළේය.

පක්‍ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට තම පාර්ශවය උත්සාහ කළ නමුත් රනිල් වික්‍රමසිංහ  නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් එය ලබාගත හැකි ක්‍රමයක් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි නොමැති බව ද හෙතෙම කීවේය.



සන්ධාන ලේකම් ඉරාන් !

මේ අතර සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ ලේකම්වරයා නම් කිරීම, එම සන්ධානයේ පක්ෂ නායකයින් එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි අද (30) 'සිරිකොත' එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය ඇතිව පොදු සන්ධානයේ මහ ලේකම් පත්කිරීමේ බලයද විපක්ෂනායක ප්‍රේමදාස වෙත පවරා ඇතැයි එජාප මහ ලේකම් විසින් නිකුත්කල නිවේදනයක සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් theleader.lk කළ සොයාබැලීමක දී අනාවරණය වුයේ, නව සන්ධානයේ මහ ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න නම් කිරීමේ සුදානමක් පවතින බවයි.


සබැඳි පුවත් :

'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර් 

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක ! 

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න 

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්