ගැටුම් පැන නැගිය හැකි හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි රටවල් සහ කලාප 10ක් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ICG ආයතනය (International Crisis Group) හඳුනාගෙන තිබේ.

2020 වසරට අදාළව එම ආයතනය නිකුත් කර ඇති වාර්තාව මගින් හඳුනාගෙන ඇති රටවල් සහ කලාප 10 අතර ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

අදාළ රටවල් සහ කලාප පහත දැක්වේ.

    බුර්කිනා ෆාසෝ
    කොංගෝ
    ඉතියෝපියාව
    ශ්‍රී ලංකාව
    යුක්‍රේනය
    බොලිවියාව
    ඇමෙරිකා - ඉරාන අර්බුදය
    යුරෝපා කලාපය
    ලිබියාව
    ටියුනීසියාව

අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ පැවති "ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම්" සිදුවෙමින් පවතින බවය.

HR 01 31"2019 නොවැම්බර් 16 වන දින තේරී පත් වූ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අවුරුදු 26 ක සිවිල් යුද්ධයකින් පසුව ඇතිවූ ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම් ආරම්භ කර," ඇතැයි එහි සඳහන් වේ.

"පැවති එක්සත් ජාතික පක්ෂ රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය හමුවේ පොරොන්දු වූ පශ්චාත් යුද්ධ සංහිඳියාව, වගවීම ඇතුළු ප්‍රධාන ව්‍යවස්ථාමය ජයග්‍රහණ සහ ප්‍රතිපත්තිමය කැපවීම් අතහැර දැමීම සම්බන්ධයෙන් නව රජය ඉඟි පළ කර ඇති" බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

 110719177 c252ddb9 b6de 4e86 a7cf fa1b2ad2b28f

එම ප්‍රතිපත්තිමය වෙනස, "ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ බහුතරයේ වැඩි දෙනෙකු අතර පවතින වාර්ගික - ජාතිකවාදී අදහස් මත පදනම් වී ඇති" අතර, එමගින් "ජනවාර්ගික හා ආගමික ආතතීන් වැඩි වීමේ තර්ජනයක් මෙන්ම විධායක හා රාජ්‍ය බලය සම්බන්ධයෙන් සොයා බැලීමේ යාන්ත්‍රණ භයානක ලෙස දුර්වල වීමක් සිදුවන" බව ICG ආයතනයේ විශ්වාසයයි.

මෙම තත්ත්වයට එරෙහිව යුරෝපා සංගමය සහ සාමාජික රටවල් කළ යුත්තේ, අයිතිවාසිකම්වලට ගරු කරන සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන පාලනයක් ඇති කරන බවට පසුගිය ආණ්ඩුව දී තිබෙන ප්‍රතිඥා ඉටු කරන මෙන් ශ්‍රී ලංකාවට දිගටම බලපෑම් කිරීම බව එම ආයතනය සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

විශේෂයෙන්ම වාර්ගික හෝ සුළුතර ජාතීන් නොසලකා හරින හෝ දේශපාලන මර්දනය ප්‍රවර්ධනය කරන වැඩසටහන්වලට යුරෝපා සංගමය ආධාර නොකළ යුතු බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ස්ථාවරය වී තිබේ.

HR 202004.31ඒ අනුව, යුරෝපා සංගමය සහ සාමාජික රටවල් ගත යුතු පියවර කිහිපයක් ICG ආයතනය යෝජනා කරයි:

   #  30/1 (2015) යෝජනාව අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව එකඟ වූ ප්‍රතිසන්ධාන හා වගවීමේ න්‍යාය පත්‍රයට නැවත සහයෝගය දැක්වීම සහ 2021 වසරේදී යෝජනාව කල් ඉකුත් වීමෙන් ඔබ්බට අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහයෝගය ගොඩනැගීමට කටයුතු කිරීම.

    # යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව සඳහා දීර්ඝ කරන ලද වෙළෙඳ සහන සහ තීරුබදු සහන (GSP+) පිළිබඳව අවිධිමත් සමාලෝචනයක් ආරම්භ කර ඇති බවත්, වර්තමාන ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යන්නේ නම් එම ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් අවදානමක් පවතින බවත් නව ශ්‍රී ලංකා රජයට දැනුම් දීම.

    # එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාලනය යටතේ ඇති ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සඳහා වන අරමුදල් සැපයීම සමාලෝචනය කිරීම, මුස්ලිම්වරුන් කෙරෙහි වෙනස් කොට සැලකීමක් සහිත ක්‍රියාකාරකම් සඳහා සහය වීම වළක්වා ගැනීම මෙන්ම සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් නිසි මානව හිමිකම් ආරක්ෂණයකින් තොරව සිදු කෙරෙන "පුනරුත්තාපන" වැඩසටහන් වලක්වා ගැනීම.

   # යුරෝපා සංගමයේ ගැටුම් වැළැක්වීම සහ මානව හිමිකම් අරමුණුවලට අනුකූලව දරන උත්සහයන්ට සහය දැක්වීම සහතික කිරීම සඳහා සංවර්ධන සහයෝගීතාව සහ එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛත්ව සාමය ගොඩනැඟීමේ සැලැස්ම (Priority Peacebuilding Plan) ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිබඳව පූර්ණ සමාලෝචනයක් කිරීම.

වෙළෙඳ සහන සහ තීරුබදු සහන (GSP+) :

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පසුගිය ජනවාරි 20 වෙනි දින කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වෙළෙඳ සහන සහ තීරුබදු සහන (GSP+) ගැන අදහස් දක්වා තිබුණි.

"GSP+ යනු ඉබේ හිමිවන දෙයක් නොවේ. එය පිරිනමන්නේ මානව සහ කම්කරු හිමිකම්, පරිසර සහ යහපාලනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අඛණ්ඩව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙනි. යුරෝපා සංගමය එම සාධක ක්‍රියාත්මක වන්නේ ද යන්න සමීපව අධීක්ෂණය කරයි," යනුවෙන් ද තානාපති කාර්යාලය සිංහල භාෂාවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණ.

පළාත් සඳහා බලය බෙදා හැරීම ප්‍රතික්ෂේප කර ඇති අතර එමගින් ජනවාර්ගික සුළුතරයන්ට ස්වයං පාලනයක් ලබා දීමට අදහස් කරන යාන්ත්‍රණයක් බිහි වීම උදාසීන කරනු ලබන බව ද ICG ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ අදාළ වාර්තාවේ සඳහන් වේ.

උතුරේ විශාල දෙමළ බහුතරය "අස්වාභාවික" යැයි ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද අතීත ප්‍රකාශයන් හරහා ජන විකාශන චිත්‍රය වෙනස් කිරීම සඳහා නිර්මාණය කර ඇති හමුදාමය හා රාජ්‍ය සහය සහිත ජනගහන හුවමාරුවක් පිළිබඳ බිය වැඩි කරන බව එහි දැක්වේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිදුවූ "මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සියලු ම සිංහල සැකකරුවන් නිදහස් කර ඇති" අතර ඔවුන්ට එරෙහිව "කිසිදු නඩු පැවරීමක් සිදු නොවිය හැකි" බවට එම ආයතනය අනුමාන කරයි.

"පවුල් පාලනය"

"රාජපක්ෂවරුන් තම පවුලේ පාලනය රජය තුළ තහවුරු කර ගැනීම සඳහා නාට්‍යාකාර ලෙස පියවර ගෙන තිබේ. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයාට නැවත වරක් අමාත්‍ය ධුර කිහිපයක් දැරීමට ඉඩ සැලසෙන අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ මැදිහත්වීමකින් තොරව විනිසුරුවරුන්, නීතිපතිවරයා, පොලිස් ප්‍රධානියා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කිරීමට ඉඩ සැලසෙනු ඇත." යනුවෙන් එම වාර්තාවේ දැක්වේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ, "බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ දේශපාලන අපරාධ පිළිබඳ "සංකේතාත්මක නඩු" සියල්ලේ ම පාහේ සැකකරුවන් අධිකරණය විසින් නිදහස් කරනු ලැබ ඇති" බවය.

HR 202002.31ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරය:

30/1 යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හා ආපසු හැරවීම සඳහා ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම්, යුරෝපීය කවුන්සිලයේ සාමාජිකයින් තරගකාරී ඡන්දයක් දිනා ගත හැකි සන්ධානයක් ගොඩනැගීම සඳහා උත්සහ කළ යුතු බවට ICG ආයතනය යෝජනා කරයි.

එම යෝජනාව තමන් අනුමත නොකරන බව ජනාධිපති රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් කිහිප වරක්ම පවසා තිබේ.

මාර්තු මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටීමට රජය තීන්දු කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්විණ.

ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසු, "මට ඡන්දය දුන් අය පමණක් නොව ඡන්දය ලබා නොදුන් සියලු දෙනාගේ ද, ආගම හෝ ජාතිය කුමක් වුවත් මම ඒ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම ජනාධිපති වෙමි," යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

"මෙතැන් සිට සැමට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි සාමකාමී රටක්" බිහි කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.

Screen Shot 2020 01 31 at 11.54.41 PM
(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්