'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙබරවාරි මස 05දා යළි දිවයිනට

පැමිණීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඉරිදා වනවිට සිය කාර්යාලය සුදානම් කර තබන්නැයි ඔහු විසින් 'පොහොට්ටු' කාර්යාලයේ ප්‍රධානිට දැනුම් දී ඇති බවත් පැවසේ.

ඔහු දිවයිනට පැමිණි වහාම අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කිරීමට නියමිත බවත්, ඔහුගේ රාජකාරි වෙනුවෙන් 'අරලියගහ මන්දිර' කාර්යාල සංකීර්ණය තුළ විශේෂ කාර්යාලයක් ස්ථාපිත කෙරෙන බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉදිරි මහමැතිවරණය මුල් කරගෙන ‌ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂ තුළ තුළ මතුව ඇති ගැටලු විසදා ගැනීම සදහා බැසිල් රාජපක්ෂ ලංකාවට එන ‌තෙක් එම ‌පෙරමුණේ බොහෝ ‌දෙනා අවධානය ‌යොමු ‌කොට ඇති බවක් දැකගන්නට තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දැඩි බැසිල්වාදියකු වන මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සිය FB පිටුවේ සටහනක් තබමින් ''එදා දියසෙන් කුමාරයා එනකල් බලාගෙන හිටියා. අද ඔහු එනතූරු රටම බලා සිටිනවා!!!!'' යයි සඳහන් කර තිබේ.

"‍‍බැසිල්, ලංකාවට නොඑන තරමට හොඳයි" - මහාචාර්ය නලින් ද සිල්වා

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලීම සඳහා 'ජාතික බලවේග' මතවාදීමය වශයෙන් සන්නද්ධ කරනු ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා පවසන්නේ, වත්මන් ආණ්ඩුවට ඇති ලොකුම ප්‍රශ්නය බැසිල් රාජපක්ෂ බවයි. "‍‍බැසිල් - ලංකාවට නොයෙන තරමට හොඳයි" යයි ඔහු 'ඒෂියන් මිරර්' සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී අවධාරණය කර තිබේ.

 වීඩියෝ

 

සබැඳි පුවත් ;

බැසිල් ලංකාවට එන්නේ තමන්ටම කියල රාජධානියක් හදාගන්න ද? - මහාචාර්ය රන්ජිත් බණ්ඩාර

ආණ්ඩුව ඇතුලේ ගැටුම කරලියට : ''බැසිල් සර් ආවොත් හැමදේම හරි'' - ධනසිරි කියයි

බැසිල්ට මල පැනලා ! - ජනාධිපති කාර්යාලයෙනුත් කුඩම්මාගේ සැලකිලි ලු !!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්