දේශපාලන පළිගැනීම පිළිබඳව සොයාබලා වාර්තා කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ විසින් පත්කළ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුව අහෝසි කර ඇතැයි වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන පළිගැනීම් සොයාබැලීමට කමිටුවක් පත්කරන ලද්දේ පසුගිය දෙසැම්බර් 10 වැනි දින කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් අනුවය. 

නිල වශයෙන් එම කමිටුවට ලේකම්වරයෙකු පත්කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණේ ජනවාරි 02දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඒ බව එම දිනට අදාළ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ නිවේදනයක්ද සඳහන්ය. 
Anida 2.1 text
මෙසේ තිබියදී ජනාධිපතිවරයා විසින් ජනවාරි 09 දා සිට දේශපාලන පළිගැනීම් සොයාබැලීම සඳහා කොමිසමක් පත්කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන පළිගැනීම් සොයා බැලීමට අගමැතිවරයා පත්කළ කමිටුව ජනාධිපතිවරයා කරනු ලැබු යෝජනාවක් අනුව ජනවාරි 27 දින සිට අහෝසි කර තිබේ.

එම කමිටු කාර්යාලයෙන් කළ විමසීමකදී එහි සේවකයෙකු ඒ බව තහවුරු කළ අතර කමිටුවේ ලේකම් නීතිඥ එස්. කේ. වික්‍රමආරච්චිගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසුවේ එම කමිටුවේ  කාලය අවසන් කර ඇති බවයි. 

එම කමිටුව සති 6ක කාලයකට පත්කල බව ඔහු පැවසු අතර එම කාලය ඉක්මවිමට පෙර අහෝසි කළේ මන්දැයි කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ වාර්තාව සකස් කිරිම සඳහා ගත් කාලයත් සමඟ එහි වැඩි වෙනසක් නැති බවයි. 

එසේම එම කමිටුව පැමිණිලි බාරගත් කමිටුවක් නොවන බවත් ඒ වෙනතෙක් තිබු තත්වයන් වාර්තා කිරීමට ඇතිකල කමිටුවක් බවත් ඔහු පැවසීය.

මේ අතර එම කාර්යාලයේ සේවකයෙක් ප්‍රකාශ කළේද අහෝසි වු කමිටුව වෙනුවට නව කමිටුවක් පත්කිරීමට සුදානමක් තිබෙන බවයි. Anida text 02 01 1

අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන පළිගැනීම කමිටුව ස්ථාපිත කිරීමේ යෝජනාව 'දේශපාලන පළිගැනීමට ලක්වු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම ' යනුවෙන් නම් කර තිබුණි. 

ඒ යටතේ කියා තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල නිළධාරීන් ඉලක්ක කර ගනිමින් චෝදනා ඉදිරිපත් කර නියමිත නෛතික ක්‍රියාමාර්ගවලින් පරිබාහිරව කර ඇති පරීක්ෂණ පිළිබඳව සොයා බැලීම් කරන බවයි. 

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයන් වූයේ  ආර්. එම්.එස්. කේ රත්නායක එස්. ස්වර්ණජෝති, උපාලි ජයවීර, චන්ද්‍ර ප්‍රනාන්දු යන අයය. එහි ලේකම් වූයේ නීතිඥ එස්.කේ.වික්‍රමආරච්චිය

ඔහුන්ට පැවරි තිබුනු කාර්යය වී තිබුණේ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් ඇතුළු රජයේ නිලධාරීන් සහ අර්ධ රාජ්‍ය රජයේ නිලධාරින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ශන කොමිසම , මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හා විශේෂ විමර්ශන ඒකකය 2015 ජනවාරි සිට මේ දක්වා කරනු ලැබු හා දැනටමත් සිදුකරමින් පවතින විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව ඇගයීමක් සිදුකර වාර්තාවක් ලබාදීමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන් සමන්විත පත්කරන ලද ජනාධිපති කොමිසමේ විෂය පථයද මීට සමාන වේ.

(ලසන්ත රුහුණගේ -anidda.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්