චීනයේ වුහාන් සිට ශ්‍රී ලාංකේය සිසුන් ආපසු ගෙන්වා ගත් මෙහෙයුම හා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්
යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්රශංසනාත්මක වාර්තා පළ කර ඇත.
එම නගරයෙන් සිවු වැනි වරට තම ජනතාව ඉවත් කර ගනු ලැබුවේ ශ්‍රී ලංකාව විසින් බව වාර්තාවේ. ඊට පෙර ඇමරිකාව, ජපානය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් තම ජනතාවට ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබූ තත්ත්වයක ශ්‍රී ලංකාව වැනි ධනවත් නොවන රටක් විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ගය පැසසිය යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
මෙම මානුෂීය මෙහෙයුම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීන රජය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන හා විශේෂ නිලධාරීන් රැසක් තම උපරිම දායකත්වය ලබාදී තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය ජීව වෛද්‍ය ආධාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට එවමින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අවශ්‍ය සියලු පහසුකම් සැලසූ අතර එම සහයෝගය ද මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා විශාල පිටුවහලක් විණි.
මරණයේ නගරය වන වූහාන් (city of death)වලට ගිය ගමන :
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වික්‍රමය ගැන සිය FB පිටුවේ සටහනක් පළකර ඇති දේශපාලන විචාරක මහේෂ් හපුගොඩ (Mahesh Hapugoda) මෙසේ පවසයි.
''මීට කලින් මිෂන් ඉම්පොසිබල් දැකල තියනවා. ඊට අමතරව චිත්‍රපට වල තිබ්බ ඊශ්‍රායල් හමුදා විසින් කරපු adventures දැකල තියනවා. ස්පීල්බර් ගේ Munich චිත්‍රපටය දැකලා තියනවා වගේම ඒ ගැන ලියලත් තියනවා.
සාමාන්‍යයෙන් අනෙකා වෙනුවෙන් මරණය කරා යන්නේ 'බටහිර ආත්මය' කියල වැටහීමක් තිබුණට මෙවර ශ්‍රී ලන්කන් ගුවන් සේවය මරණයේ නගරය වන වූහාන් (city of death) වලට ගිහිල්ලා පෙන්නුවේ අපිටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ගට් එක තියනවා කියල.
මරණය දැක දැක එහෙම ගිය අපේ අය ගැන ලෝකය වර්ණනා කරලා තිබුණා. ඒ ගැන කුහක වෙන්න හොඳ නැහැ. ශ්‍රී ලන්කන් ඔයාල කළේ මාර වැඩක්. නියම මිෂන් එකක්. ලෝකයට යන්න වෙන advertisement ඕනි නැහැ. මිනිස්සු වෙනුවෙන් ඉන්නවා කියන මේ පණිවිඩය ම ඇති ඔයාල කවුද කියල පෙන්නන්න.
අනිත් කෙනා වෙනුවෙන් මරණය දැක දැක හිටගන්න එවුන් ටිකක් ඉන්නවා කියල ලෝකය දැන ගත්තම ඒකම ඇති ලෝකය දිනා ගන්න.
ඔයාලගේ කජු අප්සෙට් උනාට, ටිකට් පොඩ්ඩක් මිල අධික උනාට, සිංගප්පුරු එයා ලයින්ස් එකේ වගේ ලස්සන කැරකෙන වෙළඳ දැන්වීම නැතුවට, මේ වැඩෙන් ඔයාල ඉතිහාස ගත වෙයි. ජය!
හොඳ දේවල් කොහොමත් පොඩ්ඩක් මිළයි තමයි...