නව කොරෝනා වෛරසය පිළිබඳව ආරක්ෂිතව පරීක්ෂණ සිදුකිරීම සඳහා සුදුසු නවීන තාක්ෂණයෙන් යුතු රසායනාගාර හා සාම්පල් ගබඩා කර තැබිය හැකි මෙවලම් ශ්‍රී ලංකාවේ නොමැති බව ශ්‍රි ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

ජිවානුහරණය කරන ලද නවීන බයෝ සේෆ්ටි ලෙවල් 4 නැමති මට්ටමට අයත් රසායනාගාර සහ වෛරසය වැළඳී ඇතැයි සැක කරන පුද්ගලයන්ගේ සෙම සහ ඛේට සාම්පල් ගබඩා කරන පරික්ෂණ උපකරණ, ආරක්ෂිතව ගබඩා කිරීමට යොදා ගන්නා අල්මාරි හෙවත් බයෝ සේෆ්ටි කැබිනට් වැනි පහසුකම් ශ්‍රී ලංකාවේ නොමැති බව ඔහු පැහැදිලි කළේය.

''රෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබා දී නැහැ'' 

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ, මේ වෙන තෙක් රෝගීන් ඇතුළත් කරගන්නා රෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබා දී නොමැති බවය. රෝගීන් පරීක්ෂා කිරීමට යෑමේදී රෝහල් කාර්ය මණ්ඩලයට එක් වරක් පමණක් අඳින ජිවානුහරණය කරන ලඳ ඇඟ වැසෙන ඇඳුම්, මුහුණු ආවරණය කිරීමට භාවිත කරන හෙල්මට් කට්ටල සහ කට- නාසය ආවරණය කිරීමට භාවිත කරන එන්95 නම් මුහුණු ආවරණ නොමැති බව ඔහු පැවසීය.

Kurunagala textකුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය මේ වන විට එන්95 මුහුණු  ආවරණය වෙනුවට කපාගත් ප්ලාස්ටික් කැබැලිවලින් තනා ගත් විකල්ප මුහුණු ආවරණ භාවිතා කරන බවද ඔහු වැඩිදුරටත් කීය.

මේ වනවිට චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සිසුන් ඔවුන්ගේ නිවාසවලට පිටත් කර යැවීම නිසා එම නිවෙස් වල අයටද වෛරසය ශරීරගත වීමේ හැකියාවක් ඇති බවත්, ඊට හේතුව එම වෛරසය ශරීරගත වු අයෙකු රෝග ලක්ෂණ පෙන්වීමට පෙරම වෛරසය බෝ කරන අයෙකු බවට පත්වීම බවත් රත්නප්‍රිය පැහැදිළි කළේය. 

දියතලාව වැනි රට අභ්‍යන්තරයේ ඇති ප්‍රදේශවලට චීනයේ සිට පැමිණෙන සිසුන් රැගෙන යෑමට කර ඇති තීරණයද ගැටලු සහගත බව ඔහු පැවසීය.

(රේඛා නිලුක්ෂි හේරත් -අනිද්දා පුවත්පතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්