විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම පවසයි.


ජාතික හෙළ උරුමය මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් සහ  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනය එබව සඳහන් වේ.

''ව්‍යාජය සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කොට ඇති වත්මන් ආණ්ඩුව පරාජය කොට ශක්තිමත්, ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන  සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඇප කැපවෙන බවද නිවේදනය කරමු.'' යයි ද එම නිවේදනයේ දැක්වේ.

විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම:

විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

''ඉතා නුදුරේදී තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට නිර්මාණය වී තිබේ. වත්මන් ආණ්ඩුව මේ වනවිටත් ජනතා අපේක්ෂාවන් සියල්ලම පාහේ බිද දමා ඇති අතර දේශපාලන පලි ගැනීම් සහ ආර්ථික අවපාතයක් වෙතට රට තල්ලුකොට තිබේ.

දහසකුත් එකක් ජනතා බලාපොරොත්තු වලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම අප වෙත පැවරී තිබේ.

ඒ අනුව, මෑත කාලීනව අප එක්සත් ජාතික පක්ෂය හා එක්ව දේශපාලනික කටයුතුවල යෙදුණු අතර ඒ තුලින් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමටද අපට හැකි විය.

එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එලෙස පිහිටුවන සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම් පත්කිරීම, අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටද එකී කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දුකොට තිබේ.''

ඒ අනුව, ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන දේශපාලන බලවේගද නව සන්ධානය සමඟ අත්වැල් බැඳ ගන්නා බව එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

WhatsApp Image 2020 02 12 at 18.28.32

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්