ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්

පත්කිරීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ (12) රාත්‍රී එකඟතාවයක් ඇතිකරගෙන තිබේ. ඒ රනිල් පාර්ශ්වයෙන් නම් 05ක් සජිත් පාර්ශවයෙන් නම් 05ක් ද වශයෙනි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස, අඛිල විරාජ් කාරියවසම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අයගෙන් එම කමිටුව සමන්විතවේ.

සිකුරාදා දිනයේදී මෙම කමිටුව අවසන් තීරණයක් ගැනීමට ද එකඟ වී තිබේ. ඒ අනුව සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවේදී ඉදිරි මහ මැතිවරණයට නව සන්ධානයකින් තරග වැදීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ගෙන් කිසියම් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි සජිත් පාර්ශවයේ ආරංචිමාර්ග පවසයි. මෙම සාකච්ඡාව සදහා සජිත් ප්‍රේමදාස සමග කබීර් හෂීම් ද එක්ව තිබේ. 
 
 

 
 

සජිත් වෙනත් පක්ෂයකට ගිහින් ලු! - රනිල් ගියේ ඊට කලින්: මෙන්න සාක්ෂි'

''බොරු එපා, ලකුණේ ප්‍රශ්නයක් නැහැ. රන්ජිත් එජාප ලේකම් කරන්න" - සජිත්, 'රනිල්-අකිල-රවී' කල්ලියෙන් 'ගේම' ඉල්ලයි !

මම පඹයෙක් ද ? - සජිත් අසයි : 'ලකුණ ප්‍රශ්නයක් නොවේ'' -මංගල කියයි 

මැතිවරණ කොමිසම සමගි ජන බලවේගය පිළිගනී !

අලුත් ගමනක් : එජාපෙ නව සන්ධානයේ ජාතික සංවිධායක චම්පික !

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟයි !

'සජිත්ට මුලික අත්තිවාරම වැටුනා - වෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ' -කබීර් 

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක ! 

එජාප නායක රනිල්මයි - විපක්ෂ සන්ධාන නායක හා අගමැති අපේක්ෂක සජිත් !!

එජාප නව නායකයා ගැන 2022 න් පසු විමසන්නැයි රනිල් කියලා ! - එජාප මන්ත්‍රී හමුවේ කතාබහ මෙන්න 

සජිත්ගේ නායකත්වයෙන් නව සන්ධානයක් ! (VIDEO)

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

සජිත් එජාප නායක කියා යෝජනාවක් සම්මත කරගෙන !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්