මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගිරිතලේ මුදා කඳවුරේ

හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ලබන 20 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

මෙම නඩුව අද(13) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකතන ඇමතුම් දහයකට අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව අදාළ නඩුව ලබන 20 වන දා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්.රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

 

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්

Image result for එක්නැලිගොඩ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දස වසරක් ගතව ඇතත් එතෙක් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීමට කටයුතු කර නැති බවට  ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පසුගිය දා පැවසුවාය.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම පිටුපස එවක පැවති මහින්ද රාජපක්ෂ පාලනය සිටින බවට චෝදනා එල්ල වේ. නමුත් එවක පැවති ආණ්ඩුවේ ප්‍රධානීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2015 වසරේදී බලයට පත් 'යහපාලන ආණ්ඩුව' යටතේ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යළි ආරම්භ කළ ද එම පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වුණේ ද, නැතිනම් ඊට උවමනාවක් නොතිබුණේ ද යන්න තමන් නොදන්නා බව සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටී.

"2015 සිට 2019 දක්වා තිබුණ ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. කවදාහරි දවසක මේ පොළොවේ සත්‍ය සහ යුක්තිය ඉටු කර ගැනීම මගේ බලාපොරොත්තුව" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අතුරුදහන් වූ මාධ්‍යවේදියා සිහි කර සිකුරාදා (ජනවාරි 24) කොළඹදී චිත්‍ර ප්‍රදර්ශනයක් සහ ''මිනිසුන් අතුරුදන්වන ලෝකය ගැන කථිකාවක්'' සංවිධාන කර තිබිණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්