ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ

මහ ලේකම් ධුරය කරු ජයසුරිය වෙත පවරා, එජාප ප්‍රමුඛ සන්ධානය 'හංසයා' ලකුණින් මහ මැතිවරණයට තරඟ කරමු යයි රනිල් පාර්ශයෙන්, සජිත් පාර්ශවයට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

එම සන්ධානයට 'හංසයා' ලකුණ ලබාදීමට රවී කරුණානායක ද එකඟ වී තිබේ.

මේ අතර 'අනිද්දා' පුවත්පත මෙවර සිය ප්‍රධාන සිරස්තලෙන් යුතුව වාර්තා කර ඇත්තේ, ''කරු ඉහලට ගෙනෙන්න රනිල් කැමති වෙයි'' කියාය.  එක්සත් ජාතික පක්ෂය තුල නායකත්ව මණ්ඩලයක් ඇතිකර එම නායකත්ව මණ්ඩලයේ නායකත්වය හා පක්ෂයේ මහ ලේකම් තනතුර කරු ජයසුරිය වෙත ලබාදී පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ එකඟත්වයට පැමිණ ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ තවදුරටත් මෙසේද දැක්වේ.

''නායකත්ව මණ්ඩලයේ නායකත්වයට අමතරව එජාපයේ මහ ලේකම් ධුරය කරු ජයසුරිය වෙත පිරිනැමීම පිළිබඳව 'සිරිකොත' පක්ෂ මුලස්ථානයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ කිහිප දෙනෙකු හා රාජිත සේනාරත්න අතර වූ හමුවක දී සාකච්ජා වී ඇත. එම යෝජනාවට රනිල් වික්‍රමසිංහ ද කැමති බව දැනගන්නට ලැබේ.

එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් ද පක්ෂයේ මහ ලේකම් තනතුර කරු ජයසූරියට පිරිනැමීම පිළිබඳව සිය එකඟතාවය දක්වා ඇත.

මෙම හමුව පෙරේදා (12 ) 'සිරිකොත' පක්ෂ මුලස්ථානයේදී සිදුව ඇති අතර ඉන් අනතුරුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සහ කතානායක කරු ජයසුරිය අතර සාකච්ජාවක් කතානායක නිල නිවසේ දී පවත්වා ඇත.

 

ජනාධිපතිවරණයට පෙරත් කරුට යෝජනාවක් කරලා !

එහිදී මෙම යෝජනාව පිළිබඳව රාජිත සේනාරත්න විසින් කරු ජයසුරියව දැනුවත් කර ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයට පෙර ද රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාවට කැමති වී සිටි නමුත්, අවසන් මොහොතේදී තම ස්ථාවරය වෙනස් කළ බවයි.

ඒ අනුව මෙම යෝජනාව පිළිබඳව කතානායක කරු ජයසුරිය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

මෙම හමුවට පසුව රාජිත සේනාරත්න හා සජිත් ප්‍රේමදාස අතර මේ පිලිබඳ තවත් සාකච්ජාවක් පැවැත්වෙනු ඇතිබව දැනගන්නට ලැබේ.

මේ පිළිබඳව 'අනිද්දා' සජිත් පාර්ශවයේ ප්‍රබලයකු ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ කරු ජයසුරිය නායකයා වන්නේ නම්, එයට තම පාර්ශවයේ කිසිඳු විරෝධයක් නොමැති බවයි. එහෙත් නායකත්ව මණ්ඩලයක් ඇතිකර එහි නායකත්ව සමග පක්ෂයේ මහ ලේකම් තනතුර පිරිනැමීම රනිල් වික්‍රමසිංහගේ කුට උපායක් වියහැකි බව බවය.''

(උපුටා ගැනීම අවසන්)

 

සජිත් පාර්ශවයේ එකඟතාවයක් නැහැ !

මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් theleader.lk කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ රනිල් පාර්ශවයෙන් ඉහත අකාරයේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතත්, සජිත් පාර්ශ්වයෙන් මේ දක්වා ඊට එකඟතාවයක් දක්වා නොමැති බවයි.

'' එජාප ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකයට පැවරී ඇති අසීමිත බලතල අනුව ඔහුට ලේකම්වරයකු පත්කිරීමේ බලය මෙන්ම ඕනෑම අවස්ථාවක පත්කල පුද්ගලයා ඉවත්කර වෙනත් කෙනෙකු පත්කිරීමේ බලය තියනවා. ඒ නිසා දැන් කරු ජයසුරිය මහත්තයව පත්කරලා මැතිවරණය ඉවරවුන ගමන් අයෙත් අඛිලව පත්කරාවි. '' යයි යයි සජිත් පාර්ශවයේ ප්‍රබලයකු  theleader.lk වෙත පැවසිය,

''රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ සජිත්ගේ ජනප්‍රියත්වයෙන්මේ මැතිවරණයේදී ගොඩගිහින් ඡන්දෙන් පස්සේ වැඩක් දෙන්න. මේ පාර අපි එයාගේ ලනු කන්නේ නැහැ'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

''අලිය හොදයි - හංසයා ටිකක් හොදයි - හදවත විහිළුවක්'' - කරුගේ බැණා කියයි

එක්සත් ජාතික පක්‍ෂය එළඹෙන මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ දැයි අදහස් දක්වමින් ඊයේ දිනයේදී එම පක්ෂයේ ප්‍රධානින් මාධ්‍ය හමු කැඳවා විවිධ මත පළ කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ 'සිරිකොත' මූලස්ථානයේ ඊයේ පැවැත්වූ එවැනි මාධ්‍ය හමුවකදි අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැවසුයේ, 'අලියා' ලකුණින් හැර වෙනත් ලකුණකින් තමා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

''හදවත හාස්‍ය ජනක ලකුණක් එක්ක අපිට තිබ්බ ඡන්ද ටිකවත් ගන්න බැරිවෙයි අලියා ලකුණින් තරග කළේ නැත්නම්”
ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

 

පවතින ගැටළු ලබන සදුදා වනවිට විසදා ගැනීමට අපේක්‍ෂා කරන බවද නවීන් දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය. 

මේ අතර කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. '

අලියා' ලකුණින් තරඟ කිරීමට කිසිවකු අකමැති නැතැයි පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පක්ෂයේ කිසිවකු ඉවත් කිරීමට තම පාර්ශවය බලාපොරොත්තු නොවන බවයි.

පාක්ෂිකයින් සිටින්නේ, සජිත් ප්‍රේමදාස සමග යයි ඔහු එහිදී අවධාරණය කළේය.

සබැඳි පුවත් :

'UNP නායකයාගේ බලතල කපන්න ෆයිට් නොකරන්නේ ඇයි?' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ විමසයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්