නව සන්ධානයේ ලකුණ පිළිබඳ ‘දස පුද්ගල කමිටුව‘ අද (14) පස්වරුවේ රැස්වීමට නියමිත අතර එම සාකච්ඡා කුමන හෝ කාරණයක් මත

අසාර්ථක වුවහොත් මින් ඉදිරියට ඒ පිළිබඳ සාකච්ඡා නොකිරීමට සජිත් පාර්ශවය දැඩි තීරණයක් ගෙන ඇතැයි එහි නියෝජිතයකු ලීඩර් පුවත් වෙත අනාවරණය කර සිටියේය.

අද පෙරවරුවේ නව සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස විසින් එජාප මන්ත්‍රී කණ්ඩායම හා සංවිධායකවරු වෙන වෙනම කැඳවා මේ පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී සියලු දෙනාගේ එකඟතාවය වී ඇත්තේ, අලියා ලකුණ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත්, කිසිදු අයුරකින් අලියා ප්‍රතික්ෂේප නොකරන බවත් ය.

ඒ අනුව එජාප දස පුද්ගල කමිටු සාකච්ඡාවේදී අලියා ලකුණ නව සන්ධානය සඳහා ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලෙසත් එය එජාප ලේකම්වරයාට ලබාදිය හැකි බවත් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්ඡා එකඟතාවයකින් අවසන් කිරීමට නොහැකි වුව හොත් මින් ඉදිරියට සන්ධානයේ ලකුණ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද තීරණය කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්