පසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වී ඇති බවත් මෙම තත්වය ඉතාමත් ඛේදනීය බවත්

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර සදහා ඊයේ (14) එක්වෙමිනි.

රැදවියන්ගේ වැරදි නිසාම නොව සමාජය තුළ පවතින වැරදි නිසාත් බන්ධනාගාර ගත වෙනවා ඒ නිසා අපි රැදවියන් දෙස මානුෂිකත්වයෙන් බැලිය යුතු බව පැවසු ඇමතිවරයා, දැවැන්ත පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් එළඹෙන 18 වැනිදා බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරම්භ කරන බවද කියා සිටියේය.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අධිකරණ ඇමතිවරයා මෙසේ ද සදහන් කළේය.

''පසුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා. මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි. විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.

බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කරවීමට ඉදිරියේදී කටයුතු කරනවා.ඒ සදහා අවශ්‍ය නීති රීති වෙනස් කර හෝ කටයුතු කළ යුතුයි. තරුණ වරදකරුවන් සදහා විශේෂිත වු කෙටි කාලීන පුහුණු වීම් ලබාදීම වැදගත් වෙනවා.

තල්දෙන තරුණ වරදකරුවන්ගේ පුහුණු ආයතනය මගින් සුවිශේෂි වු පුහුණු වීම් සිදු කරනවා. බන්ධනාගාර ගත වන රැදවියන්ගේ දක්ෂතාවයන් නිපුණතාවයන් පිළිබදව හදුනා ගෙන පුහුණු වීමි ලබා දිය යුතු බවත් එය සමාජයට මෙන්ම ජාතික ආර්ථිකයට ද ඉතා වැදගත් බවත් ඇමතිවරයා පැවසීය.

Paint welikada

රැදවියන් සිටින ශාලා 14 ක තෙමහල් ගොඩනැගිලි තුනක අළුත් වැඩියා හා තීන්ත ආලේප කිරීමේ කටයුතු රැදවියන්ගේ ශ්‍රම දායකත්වය මත අවසන් වෙමින් පවතියි.

දෙවන අදියර යටතේ පරිත්‍යාගශීලි ආයතනවල අනුග්‍රහයෙන් සිමෙන්ති ටයිල් ඇස්බැස්ටොස් තහඩු ලබා දී සිදු විය.

දෙවන අදියර යටතේ බන්ධනාගාර රැදවියන් ආහාර ගන්නා ශාලාවේ වහළ සෙවිලි කර බිම ටයිල් අතුරා සකස් කිරීමට ද නියමිතයි.

ඊයේ පැවති උත්සවයේදී  TOKYO සිමෙන්ති ආයතනය සියැට් ආයතනය මැක්ටයිල් ආයතනය විසින් සිමෙන්ති ටයිල් හා අනෙකුත් ද්‍රව්‍යය භාරදීම සිදු විය.

Paint welikada 1

Paint welikada 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්