වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට

අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා ඇත.

අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුධ හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

tEXT 15 1''වත්මන් යුධ හමුදාපතිවරයාගේ ජේෂ්ඨත්වය අනුව එවකට සිටි රාජ්‍ය නායකයා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති තනතුරට පත් කරනු ලැබිය.

ඉන් පසුව වත්මන් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදාපතිවරයාව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කරනු ලැබුවේ වත්මන් හමුදා සේවයේ සිටින ජේෂ්ඨතම නිලධාරියා බැවිනි.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව මෙම සංචාරක තහනම පැනවීමේ කාලය සම්බන්ධයෙන් හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානියා මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් බව" විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් කියා සිටියි.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව ඇති තොරතුරුවල මූලාශ්‍රයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් යලි සමාලෝචනය කරන්නැයි ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ නිවේදනය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන් වේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහුtEXT 15 2ට මෙම තහනම පනවා ඇති බව එම නිවේදනයේ දැක්වේ.

2009 දී උතුරේ යුධ මෙහෙයුම් අවසන් අදියරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකර ඇතැයි කියන  “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම සඳහා ඔහු සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කර තිබේ.

අප විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබූ එම නිවේදනය පහත පළවේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය යටතේ බරපතළ මානව හිමිකම් උල්ලංගනය කිරීම් හේතුවෙන් ශ්‍රීලාංකික ශවේන්ද්‍ර සිල්වාගේ නිල තනතුර සමාලෝචනය කිරීම.

රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා 2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ඔහු විසින් අණ දුන් ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතනවලට ඔහු අණ දී ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බැවින් මෙම පනත යටතේ නම් කර ඇත.

tEXT 15 37031 (c) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු පුද්ගලයින් සේ සලකනු ඇත.

එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීමට රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් නියම කෙරේ. ශවේන්ද්‍ර සිල්වාගේ පොදු නිල නාමයට අමතරව, ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇති බරපතළ  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල මෙන්ම විශ්වාසනීය ය.

ඔහුගේ නිල තනතුර මගින් ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් මානව හිමිකම් කෙරෙහි අප දක්වන වැදගත්කම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් මෙන්ම යම් කිසි ක්‍රියාවක හානිකර ප්‍රතිවිපාක වලින් නිදහස් වීමට ඇති මුක්තිය පිළිබඳව අප සැලිකිලිමත් වෙමු. එමෙන්ම එවැනි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් සදහා වගවීමේ යාන්ත්‍රණයන්   ප්‍රවර්ධනය කිරීම සඳහා අප බැඳී සිටිමු.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් රඳවා තබා ගැනීම, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සහ යුක්තිය හා සංහිඳියාව ඇති කිරීම සඳහා වන අනෙකුත් කැපවීම් තහවුරු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

tEXT 15 4ශ්‍රී ලංකා රජය සමඟ අපගේ හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ අප බෙදා හදා ගන්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපි බෙහෙවින් අගය කරමු.

එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට මෙන්ම වර්තමානයේ ඇති හා ඉදිරියට මතුවිය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීම සදහා උදව් කිරීමට අප කැපවී සිටිමු.

අප අතර ඇති ආරක්ෂක සහයෝගිතාව තුලින් ලබා දෙන පුහුණු වැඩසටහන් සහ ආධාර වල මූලික අංගයක් ලෙස මානව හිමිකම්වලට ගරු කිරීමට ඇති අවශ්‍යතාව අවධාරණය කර සිටිමු.

ලොව පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සිදු වූ විට ඒවා සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීමට එක්සත් ජනපදයේ ඇති සියලු බලධාරීන් සහ මෙවලම් භාවිතා කරනු ඇත.

 මෙම ක්‍රියාවන් මගින් ඇමෙරිකානු එක්සත් ජනපදය අවධාරණය කරනුයේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහාය දැක්වීම සඳහා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමත් වැරදිකරුවන් සදහා වගවිමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ සංහිඳියාව දිරිමත් කිරීමට බැඳී සිටින බවයි''.

 

අදාළ නිවේදනය

usa Lanka00usa Lanka 1usa Lanka 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්