ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික අයිතිය තහවුරු කෙරෙන නඩු තීන්දුවක් අධිකරණය විසින් ලබා දී තිබේ. 

ඒ අනුව, ලිංගික වෘත්තියේ යෙදීම ජීවිකාවක් වශයෙන් පවත්වා ගෙන යන්නේ නම් ඊට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර ඇත.

පසුගිය දිනක පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ තායිලන්ත කාන්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ මොහොතේ ඊට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් රංග දිසානායක පෙන්වා දී ඇත්තේ ව්‍යාපාරයක් ලෙස ලිංගික වෘත්තිය පවත්වා ගෙන යන්නේ නම් හැරුණු විට තනි පුද්ගලයකු ලිංගික වෘත්තිය ජීවිකාව ලෙස පවත්වා ගෙන යාමට එරෙහි ව නඩු පැවරිය නොහැකි බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන මුවාවෙන් ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගියේ යන චෝදනා මත අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් පිරිසකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් අදාළ නඩුව ගොනු කර ඇත.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික වෘත්තියේ යෙදීම නීතිවිරෝධී වරදක් ලෙස හඳුනා නොගන්නා අතර ලිංගික සේවා සපයන මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම නීති විරෝධි වේ.

සිදුවීමට අදාල තායිලන්ත ජාතික කාන්තාව ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් කලමනාකරණය කළාය යන චෝදනාව මත නඩුව විභාග වන අතර, ලිංගික වෘත්තියේ යෙදීම වරදක් ලෙස සැලකිය නොහැකි හා ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාම මත නඩු පැවරිය හැකිය යන පදනම මත එළඹෙන ජූනි 04 වන දින නඩුව යළි විභාගයට ගැනීමට නියමිතය.

(ceylonnews.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්