කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරට ඉදිරි මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්

නාමයෝජනා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

එම ඉල්ලීම කර ඇත්තේ කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය හා සැත්කම් නිසා අගතියට පත්වූ මව්වරුන් ඇතුළු පන්දහසක පමණ පිරිසක් බව ද එම මාධ්‍ය වාර්තා කියයි.

මේ ආකාරයට වෛද්‍ය සරත් වීරබණ්ඩාරට නාමයෝජනා ඉල්ලා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහාය.

අගතියට පත්වූයේයැයි කියන සිංහල මව්වරුන්ට සාධාරණයක් ඉටුකිරීමට සඳහා පාර්ලිමේන්තුවේ හඬ නැඟීම මෙම ඉල්ලීමේ අරමුණ බවට ඒ සඳහා ඉල්ලීම් කළ රෝහල් කාර්ය මණ්ඩලය හා මව්වරුන් පැවසූ බව එම මාධ්‍ය වාර්තා තවදුරටත් කියා ඇත. එසේම එම ඉල්ලීම ජනාධිපතිවරයාට යොමු කළ බවද දන්වා ඇත.

 

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සිද්ධියේ පාර්ශ්වීයභාවය:

මේ ඉල්ලීමත් සමග කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ ගැන වෛද්‍ය සාෆි ෂියාබ්දීන් සිද්ධියේදී අප මතුකළ පාර්ශ්වීයභාවය මොනවට ඔප්පු වේ. ඔහුට දේශපාලන සබඳතා තිබුණේ අමාත්‍ය විමල් වීරවංශ සමගය.

සිංහල මව්වරුන්ට එරෙහිව වඳ සැත්කම් වැනි ජාතිවාදීන්ගේ හේතු රහිත චෝදනා හා ප්‍රචාරයන් විද්‍යාත්මක තලයේදී හැමදාමත් බොරුවී ඇත. ඒවා පසුපස සිටින්නන්ගේ සැබෑ අරමුණ ජාතිවාදී පදනම භාවිත කර කෙටි මාර්ගවලින් දේශපාලනයේ ඉහළට රිංගාගැනීමය.

මෙහිදී මතකයට නැගෙන්නේ තවමත් හේතු නිශ්චිත නැති වකුගඩු රෝගය ගැන එදා වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමක් නාථ දෙවියන්ගේ පිහිටෙන් කී අවිද්‍යාත්මක සොයාගැනීම්ය. අද ඒ චන්න ජයසුමන පොහොට්ටු පක්ෂයේ විද්වතෙක් වී මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වේ.

(අනිද්දා)

 

සබැඳි පුවත් :

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්