2013 වසරේදී සිදුව ඇතැයි කියන ආන්දෝලනාත්මක ශ්‍රීලන්කන් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන්
පරීක්ෂණයකට ඇමති චමල් රාජපක්ෂගේ පුත්‍රයන් දෙදෙනා රහස් පොලිසිය (CID) වෙත කැඳවා ඇතැයි කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මාධ්‍ය හමුවකදී කරනු ලැබූ ප්‍රකාශය මුලුමනින්ම සාවද්‍ය හා නොමඟ යවන සුලු බව ඌව හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසිය.
තමන්ගේ සහ පියාගේ ප්‍රතිරූපයටත්, තම දේශපාලන අනාගතයටත් හානි කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශය කර ඇති බව පැවසු ශෂීන්ද්‍ර රාජපක්ෂ, තමන් සහ තම සහෝදරයා කිසිඳු අවස්ථාවක එයාර් බස් ගනුදෙනුවක් පිළිබඳ පරීක්ෂණයට අදාළව රහස් පොලිසිය විසින් කැඳවා නොමැති බව ද අවධාරණය කළේය.
කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හා එම ප්‍රකාශය ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ද නිත්‍යානුකුලව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සබැඳි පුවත් :
ශ්‍රීලන්කන් එයාර් බස් ගනුදෙනුවේදී නීතිපති උපදෙස් පිළිගෙන නැහැ !
ශ්‍රී ලන්කන් ගුවන් යානා අල්ලස් මගඩිය: ඩොලර් ලක්‍ෂ 08ක් මුදලක් ගත් ප්‍රබලයකු මාට්ටු !
කපිල චන්ද්‍රසේන, රන්ජන් රාමනායක සිටින වාට්ටුවේ !
ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍රසේන සහ බිරිඳ පොලිසියට බාරවේ - චෝදනා මෙන්න
ශ්‍රීලන්කන් ගුවන් යානා මගඩිය : පොලිසිය සොයන කපිල චන්ද්‍රසේන කාගේ කව්ද ?
ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය : කපිල චන්ද්‍රසේන සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් - කතාව මෙන්න
ශ්‍රී ලන්කන් ගුවන් යානා මගඩිය :අල්ලස් ගෙවූ සමාගමෙන් වන්දි ගැනීමට ජනපතිට අවස්ථාවක් !
පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුත් මාට්ටු !!
'ශ්‍රී ලංකන්' ගනුදෙනුවකින් ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් කාන්තාව කවුද? ජනපති නියෝගයෙන් විමර්ශනයක්!