මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පසුගිය සමයේ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

යහපාලන ආණ්ඩුව ඒ හමුවේ වැටෙන්න පහර කෑවේය. 2015  මහ බැංකු අධිපතිවූ අර්ජුන් මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහ පමණක් නොව මුදල් ඇමතිවූ රවී කරුණානායක ද ඇති වෙන්න බැට කෑවේය. රජිත් කීර්ති තෙන්නකෝන් වැන්නන් උදේ හවස මාධ්‍ය නිවේදන නිකුත් කළේය. ඒ සමහර නිවේදන පට්ටපල් බොරු බව අප එදා සාක්ෂි සහිතව අනාවරණය කළෙමු.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සිට කමිටු කොමිසන් ගණනාවක් පත්කෙරිණ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දිනපතා ඒවායේ සිදුවීම් වාර්තා කළේ යහාපලනය නැත්තටම නැති කර දැමීම අරමුණු කරගෙනය.

ඒ අතර එවකට විපක්ෂය තම ප්‍රධාන සටන් පාඨය කරගත්තේ බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන බවය. කොහොම නමුත් යහපාලන බැඳුම්කර ගනුදෙනුවේ රජයට සිදුවූ පාඩුව ලෙස දැක්වුණේ රුපියල් බිලියන 11ක් ලෙස අනාවරණය කෙරුණත් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ මුදල් රඳවා ගනිමින් මහ බැංකුව විසින් ඒ පාඩුව අයකරගත හැකි ආකාරයට කටයුතු කෙරිණ.

''යහපාලන බැඳුම්කර ගනුදෙනුවේ රජයට සිදුවූ පාඩුව ලෙස දැක්වුණේ රුපියල් බිලියන 11ක් ලෙස අනාවරණය කෙරුණත් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ මුදල් රඳවා ගනිමින් මහ බැංකුව විසින් ඒ පාඩුව අයකරගත හැකි ආකාරයට කටයුතු කෙරිණ.''

එහෙත් කතාව එතනින් අවසන් වූයේ නැත. දිගින් දිහටම මහ බැංකු කොල්ලයක් ගැන කියමින් විපක්ෂය එදා යහපාලන ආණ්ඩුවට පහර ගැසීය. ආණ්ඩුවේ සිටි ඇතැම් පුද්ගලයන් ඒ හරහා කොළඹ දේශපාලනය තුළ උඩට එන්න කුරුමානං ඇල්ලීය.

අවසානයේ කියවුණේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව වෝහාරික විගණනයක් සිදුකළ යුතු බවත් ඒ හරහා චෝදනාවන්ට ලක්වූවන් අධිකරණයට පමුණුවා දඬුවම් කල යුතු බවත්ය. විපක්ෂයේ එක් ප්‍රබල පොරොන්දුවක් වූයේද එයයි.

 

මහ බැංකු කොල්ලකරුවන්ට සට සට ගා දඬුවම් දෙනවා කියූ විපක්ෂය අද ආණ්ඩුවේ !

දැන් වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ ඇත. එදා මහ බැංකු කොල්ලය ගැන කියූ, වැරදිකරුවන්ට සට සට ගා දඬුවම් දෙනවා කියූ විපක්ෂය අද ආණ්ඩුව නියෝජනය කරයි. එහෙත් ඔවුන් බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව ගැන වැඩි කතා නැත. සාක්ෂි පාදක කරගෙන කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවට දන්වන්නේත් නැත.

තත්ත්වයක් පෙළගැසෙන ආකාරය පෙන්නුම් කරන්නේ වෝහාරික විගණන වාර්තාව මත අධිකරණ ක්‍රියාමාර්ග නොගෙන එයත් කාලයේ වැලි තලාවේ වළලන්නට යන බවක්ය.

බැඳුම්කර ගනුදෙනුව මහ බැංකු කොල්ලයක් බව සිතා ඇස් අන්ධ කරගත්, ඒ කොල්ලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සිතා රැවටුණු, ජනයා නොදත් කතාව සාරාංශගත කරන්නටය. ඇත්තටම මහ බැංකුව පමණක් නොව EPF අරමුදලට පවා සුද්දෙ දුන්නේ කවුද යන්න පෙන්වා දෙන්නටය.

note1note2වෝහාරික විගණන වාර්තාවේ සාරාංශයක්.

 

සාකච්ඡාවට ලක්ව තිබෙන මේ වෝහාරික විගණනය සිදුකළේ කවුද ?

සරලව වෝහාරික විගණනයක් යනු නීති කටයුත්තක් සඳහා සෘජුවම යොදාගත හැකි විගණනයකි. එය සාමාන්‍ය විගණන කටයුත්තකින් වෙනස් වන්නේ සාමාන්‍ය විගණනයේ සිදුකරන කටයුතු වලින් ඔබ්බට ගොස් විගණන කටයුත්තට අදාළ සියලු පැතිමාන ගැඹුරින් විශ්ලේෂණය කිරීමක් සිදුවන නිසාය.

''සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව නිකුත් කළ KPMG ආයතනය ලොව විශාලතම විගණන ආයතන 04 න් (BIG 04) එකකි. ''

එම කටයුත්ත සිදුකලේ ඊට අදාළ ජාත්‍යන්තරව පුළුල් අත්දැකීමක් සහ පරිණත භාවයෙන් යුතු විශිෂ්ටතම ආයතන දෙකක් විසින්ය. එම ආයතන දෙක BDO ආයතනය යුරෝපීය ආයතනයක් වන අතර (එහි ඉන්දියානු ශාඛාව විගණනය කළේය) එය ලෝකයේ පස්වැනි විශාලතම විගණන ආයතනය වෙයි.

සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව නිකුත් කළ KPMG ආයතනය ලොව විශාලතම විගණන ආයතන 04 න් (BIG 04) එකකි. ඒ අර්ථයෙන් මේවා බාල හෝ තුට්ටු දෙකේ ආයතන කියන්න හැකියාවක් නැත.

නිදසුනක් ලෙස  KPMG සමාගම  වසර 33ක් පමණ  පැරණි සමාගමක් වන අතර එහි  අදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 29.75 ක් පමණ වෙයි. එහි  සේවකයන් සංඛාව 219,281ක් වන අතර  රටවල් 154ක් පුරා ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

ඒ අර්ථයෙන් මෙවැනි සමාගම් ස්වාධීව තම කටයුතු සිදුකරන අතර එවැන්නක් තුළ පාර්ශවීය වාර්තාවක් දෙන්නැයි කියා බල කරන්න ලංකාව වැනි රටකට කොහෙත්ම කල නොහැකිය. යමෙකු එම සමාගම් ගැන අභූත චෝදනා නගන්නේ නම් ඔහු හෝ ඇය ජනතාව නොමග යවන්නෙකුය.

 

මේ වෝහාරික විගණන ක්‍රියාවලිය සකස් වුණේ කොහොමද ?

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සඳහා මූලික පදනම සැකසෙන්නේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ නිර්දේශ මතය. එසේම බැඳුම්කර ජනාධිපති කොමිසමද සිය අවසන් වාර්තාවේ මේ සඳහා නිර්දේශ නිකුත්කර ඇත. 2015 සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ පමණක් නොව 2015 ට පෙර සිදුකර ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධවත් වෝහාරික විගණනයක් සිදුකල යුතු බවත් ඒ නිර්දේශයේ සඳහන් වින.

 

වෝහාරික විගණනය සිදුකිරීම සඳහා BDO සහ KPMG ආයතන දෙක තෝරාගත්තේ කවුද ?

මෙම වෝහාරික විගණනය සම්බන්ධ නිර්දේශය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මූලිකත්වය ගෙන ඒ සඳහා විධානය නිකුත්කර සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. අනතුරුව රජයේ ටෙන්ඩර් පටිපාටි ප්‍රකාරව දැන්වීමක් ප්‍රසිද්ධ කල අතර ලංසු කැඳවා අමාත්‍ය මණ්ඩලය පත්කළ ටෙන්ඩර් කමිටුවක් සහ එයට සහය දැක්වූ තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් රජයේ ප්‍රසම්පාදන පටිපාටියට අනුව ආයතන තෝරාගැනීම සිදුකළේය.

 

වෝහාරික විගණනය ලබාදීම සම්බන්ධයෙන් මහා බැංකුව විසින්  අදාළ රාජ්‍ය ආයතනවලින් විමසුම් කරනු ලැබුවේද?

වෝහාරික විගණනයක් සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව අදහස් ලබාගත යුතු ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. මහ බැංකුව එම ආයතන වෙතින් විමසා එකඟතාව ලබාගෙන ඇතුවා පමණක් නොව මාධ්‍ය නිවේදනයක් ඔස්සේ එය ප්‍රසිද්ධ කිරීමටද කටයුතු කර තිබේ.

මෙහිදී විගණන කටයුතු සම්බන්ධීකරණය සහ ඊට අවශ්‍ය දත්ත සහ තොරතුරු සපයාදීමද මහ බැංකුව සිදුකර ඇති අතර ඒ අදාළ තොරතුරු ඇත්තේ මහ බැංකුව සතුව වන නිසාය.එබැවින් එය අත්‍යාවශ්‍ය කටයුත්තකි.

RFP 1 : Forensic Audit / Investigation on Issuance of Treasury Bonds during the period 1 January 2020 to 28 February 2015 by Pubilc Debt Department

 නමුත්  2002 – 2004 කාල පරිච්ඡේදයට අදාල තොරතුරු වෝහාරික විගණකවරුන් වෙත මහ බැංකුව ලබා නොදීම නිසා විගණන කටයුතු  2005 – 2015 කාල පරිච්ඡේදයට සිමා කර ඇත.

 

වැදගත් නිරීක්ෂණයක් !

2008 වසරට පෙර බැඳුම්කර රාජ්‍ය ආයතන වලට එනම් Captiv Sources (EPF , BOC , PB , NSB ) වලට නිකුත්කර ඇති අතර එහෙත් 2008 න් පසුව රාජ්‍ය නොවන ආයතන වලට බැඳුම්කර නිකුත් කිරීම සිදුකර ඇත.

 එහිදී මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැත.  ඒ බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර තිබේ.

note3විමර්ශනය කරන කාලය පුරාවටම ද්විතික වෙළඳපොලේ අනුපාතියට ඉහලින් අවස්ථා 142 කදී රුපියල් බිලියන 337. 3 බැඳුම්කර ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. මෙම අවිදිමත් අවස්ථා 142 දෙකෙන් රුපියල් බිලියන 77.63ක් සෘජු ක්‍රමයට ලබා දී ඇත්තේ ද්විතික වෙළඳපොලේ පලදා අනුපාතියට වඩා ඉහළිනි එමගින් රජයට රුපියල් මිලියන 87. 1 ක අලාභයක් සිදු වී ඇත.

රුපියල් බිලියන 43.87ක සෘජු බැඳුම්කර 29ක් වෙනුවෙන් යෝජනා කරන ලද හෝ පදනම් පලදා අනුපාතියක් තිබී නොමැත. ඉන් අවස්ථා 9යකදී රුපියල් බිලියන 16.75 ක බැඳුම්කර ක්‍රියාවලිය නිසා රුපියල් මිලියන 889.81 ( = 871.1 + 16.75 ) පාඩුවක් රජයට සිදුවී ඇත.

සෘජු ක්‍රමය යටතේ අවස්ථා 195 කදී රුපියල් බිලියන 249.92 ක ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීම දින පහකට වඩා ප්‍රමාද කර ඇත. (සම්මතය දින 5කට අඩු විය යුතුය ).

සෘජු ක්‍රමය යටතේ රුපියල් 13.11 බැඳුම්කර ලබා දී තිබුනේ ද්වීතික වෙළඳපොලේ පලදා අනුපාතියට වඩා අඩුවෙන් නමුත් මුදල් ගෙවන අවස්ථාවෙදී ද්වතික වෙළඳපොලේ පලදා අනුපාතියට වඩා වැඩි අනුපාතයක් යොදාගෙන තිබිණි.

සෘජු ක්‍රමය යටතේ අවස්ථා 16 කදී රුපියල් බිලියන 8.47ක් වන බැඳුම්කර නිකුත් කර ඇත්තේ ද්විතික වෙළඳපොල පලදා අනුපාතයට ඉහලින්. ඉන් රුපියල් මිලියන 53.37 ක පාඩුවක් සිදුවී තිබිණ.

ISIN නිවැරදිව යොදා නොගැනීම නිසා රුපියල් බිලියන 63.49ක සෘජු නිකුතු 80 සඳහා යොදාගෙන තිබුනේ ද්විතික වෙළඳපොල පලදා අනුපාතයක වැඩ වැඩි අනුපාතයක්. එමගින් රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 835.49කි.

වෙන්දේසි 35කදී ගෙවන ලද පොලී අනුපාතය ද්විතික වෙළඳපොලේ පලදා අනුපාතයට වඩා වැඩි වීමෙන් රජයට මිලියන 151.07 ක පාඩුවක් සිදු වී ඇත. සෘජු බැඳුම්කර ප්‍රධාන 1073 කට අදාළ ගනුදෙනු 4670 ක් 2002-2015 අතර සිදුව් ඇත.

ISIN 581 සහිත වෙන්දේසි 306ක් සිදු කර ඇත. සෘජු ක්‍රමය යටතේ ලබා දුන් බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 5920.08 විය. වෙන්දේසිවලින් ලබාදුන් බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලයන 697.12 කි. එනම් මෙම ක්‍රම දෙකෙන් 2002 – 2015 අතර තුලදී රුපියල් බිලියන 6617.98ක් බැඳුම්කර ලබා දී ඇත.

 
කබ්රාල්ගේ හිත ගියේම සෘජු නිකුත් කිරීම් සඳහා !

බැඳුම්කර නිකුතු සිදුකරන ප්‍රධාන ක්‍රම 2කි. එක් ක්‍රමයක් වෙන්දේසි ක්‍රමයයි. අනෙක් ක්‍රමය සෘජු ක්‍රමයයි. වෙන්දේසි ක්‍රමයේදී ප්‍රාථමික ගැනුම්කරුවන් කිහිපදෙනෙකු ලංසු තබන අතර වඩාත් වාසි සහගත පාර්ශවයට බැඳුම්කර විකිණීමේ අවස්ථාව මහ බැංකුවට එහිදී හිමිවෙයි.

නමුත් සෘජු ක්‍රමය තුළ එවැනි ලංසු තැබීමක් සිදුනොවන අතර එක් ප්‍රාථමික ගැනුම්කරුවෙකුට බැඳුම්කර ලබාදීම සිදුවේ. 2015 දී අනුගමනය කළේ ඉහත වෙන්දේසි ක්‍රමය වන අතර එහිදී වංචාවක් හෝ රජයට පාඩු වන ආකාරයේ ගනුදෙනුවක් සිදුවීමට ඇති ඉඩ අඩුය. වංචාවක්, අතයට ගනුදෙනුවක් වෙනුවෙන් වැඩි ඉඩක් ඇත්තේ සෘජු ක්‍රමය තුළය.

මෙහිදී වෝහාරික විගණනයේදී හෙළිවී ඇත්තේ මෙම කාලය මුළුල්ලේ සමස්ථ බැඳුම්කර වලින් 90% කට වඩා ලබා දී ඇත්තේ සෘජු ක්‍රමයට බවය.

බැඳුම්කර වලින් රුපියල් බිලියන 5069.23ක් ( 90.15% ) රාජ්‍ය ආයතන වලට ලබා දී ඇත. පුද්ගලික ආයතන ප්‍රථමික ගැනුම්ක ආයතන 12කට රුපියල් බිලියන 553.67ක් ( 9.85 % ) ලබා දී ඇත. එසේ වුවත් 2014 දී සෘජු ක්‍රමය යටතේ පුද්ගලික ආයතනවලට දී ඇති බැඳුම්කර ප්‍රමාණය 27% ඉක්මවා ඇත.

එමෙන්ම මෙම කාලය පුරාවට ලබාදුන් බැඳුම්කර වලින් 3% කට වැඩි ප්‍රමාණයක් කොමර්ෂල් බැංකුවට ලබා දී ඇත. 38.23%ක ප්‍රමාණයක් EPF එකට ලබා දී ඇත.

 

බොහේ අවිදිමත් බැඳුම්කර ගනුදෙනු රැසක් විමර්ශනයේදී අනාවරණය වී ඇත

පලදා අනුපාතියට වඩා වැඩිපුර පොලි අනුපාතයකට බැඳුම්කර බහුලව 2013- 2014 කාලයේ මහබැංකුව නිකුත් කර ඇත.

2005- 2015 අතර කාලයේ බැඳුම්කර නිකුත්කිරීමෙන් රජයට සිදුවූ පාඩුව  රුපියල් බිලියන 10.47කි . ඉන් 61. 28% එනම් රුපියල් බිලියන 6.4ක පාඩුවක් සිදුවී ඇත්තේ අර්ථ සාධක අරමුදලටය.

 

විගණන කටයුත්තට කබ්රාල් සහය දීලත් නෑ !

(REP3 : Investment by EPF)  - KPMG ආයතනය  විසින් මෙම විශ්ලේෂණය කර ඇත්තේ 1998 – 2017 කාලපරිච්ඡේදය පිළිබඳවයි. ඔවුන් 2019 මැයි මස 7 වන දින කටයුතු අරඹා   2019 නොවැම්බර් මස 7 වන දින අවසන් වාර්තාව ලබා දෙන ලදී.

මෙම විශ්ලේෂණය කර ඇත්තේ රුපියල් මිලියන 10 වැඩි ගනුදෙනු පිළිබඳවය. මහ බැංකු අධිපති කබ්රාල් භාවිතාකළ කොම්පියුටරය පරීක්ෂා කිරීමට වෝහාරික විගණන කණ්ඩායමට ලබා දි නොමැත. එමෙන්ම පුද්ගලිත සාකච්ඡාවක් සඳහා වෙලාවක් ඉල්ලුවත් ඒ සඳහා අවකාශයක් ලබාදී නොමැත.

''මහ බැංකු අධිපති කබ්රාල් භාවිතාකළ කොම්පියුටරය පරීක්ෂා කිරීමට වෝහාරික විගණන කණ්ඩායමට ලබා දි නොමැත. එමෙන්ම පුද්ගලික සාකච්ඡාවක් සඳහා වෙලාවක් ඉල්ලුවත් ඒ සඳහා අවකාශයක් ලබාදී නොමැත.''

EPF සතුව පවත්වන්නා අරමුදල් ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 2.29 ( 2018 දී ) වේ. මාසිකව මෙම අරමුදලට  රුපියල් බිලියන 12ක් එකතු වේ . එමෙන්ම මිලියන 18.2 ක සේවක සංඛාවක් මෙම අරමුදලට දායකත්වය ලබා දේ. සේවා යෝජකයින් සංඛ්‍යා 86, 200 පමණ වේ. ආයෝජනය කර ඇති මුදල් වලින් 92% බැඳුම්කර වල ආයෝජනය කර ඇත. ඉතිරිය කොටස් වෙළඳපොල තුල හා වෙනස් ආයතන තුල ආයෝජනය කර ඇත.

 මෙම ආයෝජන ක්‍රියාවලියේදී රීති කඩකළ අවස්ථා බොහොමයක් ඇත. බැංකු හා මූල්‍ය ආයතන වල EPF  අරමුලද් ආයෝජනය  නොකළයුතු යැයි තිබු රීති උල්ලංඝනය කර බැංකු හා මූල්‍ය ආයතනවල ආයෝජනය කර ඇත. යෝජනා කමිටුවේ අනුමැතියකින් තොරව අධිපති කබ්රාල් බැංකු හා මූල්‍ය ආයතනවල මෙම අරමුදල් ආයෝජනය කර ඇත

 බැංකු පහක අර්ථසාධකයේ  අරමුදල් ආයෝජනය කර ඇත්තේ  මහ බැංකු අධිපති  කබ්රාල් ගේ උපදෙස් පරිදිය.

 එසේම  EPF විසින් පුද්ගලික ආයතන රැසක ආයෝජනය කර ඇති අතර එයින්  සමාගම් 19ක් මෙම විගණනයේදී ගැඹුරින් විශ්ලේෂණය කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එසේ ආයෝජනය කරන කොටස් විකිණීමේදී EPF අරමුලදට හානි වී ඇති බවය.  කොටස් මිල පහල යාම නිසාද EPF අරමුදලට නිරතුරුව හානි සිදුවී ඇත.

 

නිරීක්ෂණ කිහිපයක්:

ඒ අනුව වන නිරීක්ෂණ කිහිපයක් වෝහාරික විගණන වාර්තාවේ ඇතුළත්ව ඇත.

  • EPF අරමුදල විසින් රුපියල් බිලියන 150.8 සමාගම් 84ක ආයෝජනය කර ඇත. රුපියල් මිලියන 10කට වඩා වැඩි ආයෝජනයක් වශයෙන් රුපියල් බිලියන 131.2 ක ආයෝජන මෙම සමාගම් වල සිදු කර ඇත. ( විශ්ලේෂණයට ගෙන ඇත්තේ රුපියල් මිලියන 10කට වඩා ආයෝජන සිදුකල සමාගම් පමණි, ඊට අඩුවෙන් ආයෝජනය කල සමාගම් මෙම විශ්ලේෂණයේ නොමැත. ) විශ්ලේෂණය කල සමාගම් 19යෙන් 17කම යෝජනා පාඩු සිදු වී ඇත. පාඩු ලබන සමාගම් 17ක ගනුදෙනු 1561ක් හරහා රුපියල් බිලියන 52.9ක් ආයෝජනය කර ඇත.
  • Brown Company , Ceylon Grain Elevators , Galadari Hotel , Lagufs gas , Primal Glass , Colombo Dockyard , Bukit Darah , Carsoncumberbatch, Ceylon Hotel Co-Operations , The Finance , Heylyes , Raigam, saltem , Macwoods , Dialog ආදී සමාගම් රැසක EPF අරමුදල් ආයෝජනය කර ඇත.
  • ලැයිස්තු ගත නොකරන ලස සමාගම් 17ක රුපියල් මිලියන 11,042.63 ක ආයෝජනයක් 1998 න් පසුව සිදු කර ඇත. මෙම ආයෝජනයන්ගෙන් රුපියල් මිලියන 388.79ක ප්‍රාග්ධන පාඩුවක් සිදුවී ඇත.
  • ජනාධිපති කොමිසම විසින් නම් කල සමාගම් 19ක රුපියල් මිලියන 10ට වැඩි ගනුදෙනු 1705 කට අදාල ආයෝජනවලින් සමස්ත වශයෙන් රුපියල් මිලියන 9469.66 ක පාඩුවක් සිදුවී ඇතැයි KPMG විසින් සඳහන් කර ඇත.
  • අර්ථසාදන අරමුදල් යොදාගෙන අධිපති කබ්රාල් ගේ උපදෙස් පරිදි කොමර්ෂල් බැංකුවේ කොටස් 11.25% ලබාගෙන ඇත.
  • EPF අරමුදල් බහුල වශයෙන් කෙටස් වෙළඳපොල තුළ  ආයෝජනය කර ඇත්තේ 2010 යෙන් පසුවය.
  • 2006-2017 කාලය තුළ සමාගම් 84ක් තුල ( රුපියල් 10ට වැඩි ) ගනුදෙනු 4866 සිදු කර ඇත.
  • අදාල සමාගමේ ප්‍රාග්ධනයෙන්, 5% නොවැඩි වන ලෙස ආයෝජනය කල යුතු යැයි EPF රීතිවල 2001 දී සඳහන් කර ඇත. මෙම සීමාව 2011 දී 10% දක්වා වැඩි කර ඇත. මෙම 10% ද සිමාව ඉක්මවා සමහර අවස්ථා වලදී 30% කටත් වඩා වැඩියෙන් EPF අරමුදල් සමාගම් රැසක ආයෝජනය කර ඇත. මෙමගින් EPF අරමුදලට විශාල හානියක් සිදු කර ඇත.
  • සමාගම් 15ක අවස්ථා 909 කදී සිදු කරන ලද ආයෝජනය නිසා ඇති වූ සමස්ත පාඩුව රුපියල් මිලියන 9198.5කි. එම ආයෝජනයන්ගේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 455.5 ලැබී තිබිණි.
  • EPF දෙපාර්තුමේන්තු නිලධාරීන් පුද්ගලික වාසි පදනම් කරගෙන යෝජනා ගනුදෙනුවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කර තිබිණ. එවැනි ලබාදියාවන් අතර ගැටුම් තිබුන බැවු මහබැංකුවේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් වී නොතිබිණ. එමගින් එම EPF දෙපාර්තුමේන්තු නිලධාරීන් අයුතු වාසි ගෙන ඇත.
  • පාඩු ලබල තත්වය නොසලක් හරිමින් වසර ගණනාවක් තිස්සේ EPF අරමුදල් පාඩු ලබන සමාගම් රැසක ආයෝජනය කර තිබිණි.
  • කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීමේදී , අධික මිල ගණන් වලට කොටස් මිලදී ගෙන තිබිණි. මිලදී ගැනීමෙන් අනතුරු ඉතා කෙටි කාලයකදී එම කොටස්වල මිල පහල ගොස් තිබිණි. මිල පහල ගොස් ඇති අවස්ථා වලදී එම කොටස් යලි විකුඛා EPF අරමුදලට විශාල පාඩුවක් කර තිබිණි.
  • දැන් කතාව පැහැදිළිය. අප මේ අනාවරණය කර ඇත්තේ වෝහාරික විගණන වාර්තාවේ ඉතාම කුඩා සාරාංශයක් පමණි. මෙහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගනුදෙනු අරා නැගුනු  ගසද පෙන්වා නොදුන්නොත් එය අඩුපාඩුවක් විය හැකිය.

 

 කබ්රාල්ගේ ඥාති සංග්‍රහය !

note4

(උපුටා ගැනීම - newstube.lk)

 සබැඳි පුවත් :

බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කළබල කබ්රාල් විතරද? ...

මහ බැංකු බැඳුම්කර දුෂණ සෙවූ වෝහාරික විගණන වාර්තාවට කබ්රාල් කලබල ඇයි? ...

කබ්රාල් බයවෙලා ඇයි? බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව කියවූ නිසාද? ...

 EPF පාඩුව බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි ...

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි? ...

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති ...

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා: පාඩුව බිලියන ගණනක්! බරපතල අපරාධයක්! වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ! ...

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් ! ...

මහ බැංකු වෝහාරික විගණක වාර්තාවලින් 'සුදනන්ගේ' රෙදි ගැලවී ගිය හැටි මෙන්න ! ...

කබ්රාල්ගේ EPF මංකොල්ලය වෝහාරික වාර්තාවෙන් එලියට : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් ! ...

බැඳුම්කර විජිතයේ කබ්රාල්ගේ නෑයෝ!

'මහ බැංකු හොරුන්ට එරෙහිව නඩු පවරන්න' - හඳුන්නෙත්ති, ජනපතිට කියයි 

ඇලෝසියස්ගේ පර්පෙචුවෙල් ඇතුළට ගන්න 'බොන්ඩ් කින්' කබ්රාල් Call දීලා!

 රාජපක්ෂ පාලනයේ බැඳුම්කර පාඩුව කෝටි 1047යි ! - යහපාලනයේ පාඩුව කෝටි 660 -960 අතර 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...