කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය (CIFC) ලෙස නිල වශයෙන් හැඳින්වෙන කොළඹ වරාය නගරයේ

දියකඩනය ඉදිකිරීම් කාලය තුළ දෙවරක් හානි වී ඇති බව ‘The Morning’ ඉරිදා පුවත්පත වාර්තා කර ඇත.

දෙවන හා වඩාත්ම මෑත සිදුවීම සිදුව ඇත්තේ 2019 මැද භාගයේදී අධික සුළං මගින් ප්‍රබල රැළි ඇතිවීමෙන් බව ඒ පුවත්පත සදහන් කරයි.

CHEC පෝට් සිටි කොළඹ (පුද්ගලික) සමාගමේ මහජන සම්බන්දතා ප්‍රධානි කස්සප සෙනරත් ‘The Morning’ පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ අධික සුළං මගින් ඇති වූ ප්‍රබල රැළි හේතුවෙන් ඉදිකර තිබු දියකඩනයේ මීටර 50කට පමණ හානි සිදුවූ බවත් එය එසැනින් පිළිසකර කල බවත්ය.

නමුත් අවස්ථා දෙකේ දීම හානි වූ කොටස් ඉංජිනේරුවන් විසින්  නැවත යාතා තත්වයට පත් කලත් දියකඩනයේ කල්පැවැත්ම සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් මෙතෙක් කිසිදු සහතිකයක් හෝ තත්ත්ව පරීක්ෂණයක් පවත්වා නොමැති බවට එම පුවත්පත අනාවරණය කර ඇත.

මේ පිළිබඳව විමසීමට හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු සහ වර්තමාන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු බිමල් ප්‍රභාත් ගෝනදුවගේ සම්බන්ද කර ගැනීමට ඔවුන් උත්සහ කලත් ඒ පිළිබඳව අදහස් දැක්වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි.

තමා තවදුරටත් ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ නොවන බැවින් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වීමට තමාට අයිතියක් නොමැති බව ප්‍රනාන්දු පවසා ඇති අතර, මාධ්‍යයට අදහස් දැක්වීමට ලිඛිත ඉල්ලීමක් අවශ්‍ය බව ගෝනදුවගේ පවසා තිබුණි.

''ස්වාධීන ජාත්‍යන්තර ඉංජිනේරු සහ ව්‍යාපෘති කළමනාකරණ උපදේශන ආයතනයක් වන නෙදර්ලන්තයේ රාජකීය හැස්කොනිං DHV විසින් තත්ව සහතිකයක් ලබා දී ඇති බව CHEC පෝට් සිටි කොළඹ (පුද්ගලික) සමාගමේ මහජන සම්බන්දතා ප්‍රධානි කස්සප සෙනරත් පවසයි.''

කෙසේ වෙතත් ස්වාධීන ජාත්‍යන්තර ඉංජිනේරු සහ ව්‍යාපෘති කළමනාකරණ උපදේශන ආයතනයක් වන නෙදර්ලන්තයේ රාජකීය හැස්කොනිං DHV විසින් තත්ව සහතිකයක් ලබා දී ඇති බව සෙනරත් පැවසු බව එම පුවත්පත වාර්තා කර ඇති අතර වරාය නගරයේ කිලෝමීටර් 3.2 ක් දිග දියකඩනය ඉදිකිරීම අවසන් වුයේ  2019 ජූලි මස  බවත්  එවැනි මුල් අවධියේදී යම් යම් ඉරිතැලීම් හා හානි සිදුවීම දැකීම භයානක නොවන බවත් ඔහු පවසා ඇත. ඉදි කර මාස හයක් ගතවී ඇතත් කිසිදු සිද්ධියක් වාර්තා වී නැති බවද ඔහු සනාථ කර තිබුණි.

එක් සිද්ධියක් වාර්තා වී ඇති නමුත් එය දැනටමත් නිවැරදි කර ඇති බව මෙගාපොලිස් හා බටහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ද සනාථ කර තිබේ ."මෙම සිදුවීම අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා සිදුවූවක්" යැයි ඔහු පවසා ඇත.

(මුලාශ්‍ර පුවත - Cracks in Port City?)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්