ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) රුපියල් බිලියනයක මුදලක් වැයකර 'ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් සමාගම' වෙතින්

සුඛෝපභෝගී මහල් නිවාස ඒකක 40 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන, එම නිවාස ඒකක “නව” මාණ්ඩලික නිල නිවාස ලෙස උසස් නිලධාරීන්ට ලබා දී ඇතත්,  එම නිවාස වලට අයකරන ඉහල නඩත්තු ගාස්තු සම්බන්දයෙන් ඔවුන් නොසතුටින් පසුවන බවට වාර්තා වේ. 

 
මෙම මහල් නිවාස ඒකක ගුවන් හමුදාව විසින් මිලදී ගෙන ඇත්තේ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පතිගේ ධුර කාලය තුලය.

මහල් නිවාස 40 ක් මුළුමනින්ම මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමේ මුළු වටිනාකම රුපියල් මිලියන 800 ක් සහ රුපියල් බිලියන 1 ක් වූ බවත් ඒ නමුත් ෆෙයාර්වේ සමාගම විසින් තවමත් යම් කිසි ඒකක ප්‍රමාණයක් ගුවන් හමුදාවට තවමත් භාර දී නොමැති බවත් වාර්තා වේ.
 

නිලධාරීන්ගේ වැටුපෙන් 25,000 -30,000ක් කපලා !

කෙසේවෙතත්, ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් විසින් අය කරනු ලබන ඉහළ නඩත්තු ගාස්තු හේතුවෙන් සමහර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් තමන්ට පවරා ඇති “නව” වාසස්ථාන පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබේ.
 
නිලධාරියෙකුගේ වැටුපෙන් සැලකිය යුතු මුදලක් වන රු. 25,000 සිට රු. 30,000 ක් මෙම ගුවන් හමුදා නිලධාරීන්ගේ වැටුපෙන් මාසිකව අය කරන බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
 
ගුවන් හමුදාපති කපිල ජයම්පතීගේ කාලයේ දී මෙම මහල් නිවාස සැපයීම සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් අතර අත්සන් කලද මෙම නිලධාරීන්ගෙන් ඒ සම්බන්දව විමසීමක් නොකළ බව ඔවුන් පවසති.

(මුලාශ්‍රය - Former Chief procures luxury apartments for air force: Rs. 1 bn spent on apartments)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image