අලුතින් ගොඩනගන 'සමගි ජන බලවේගය' අලුත් ගමනක් යන බවත්, එය නවීන ගමනක් බවත් පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ''පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදි අප එක්ක එකතු වෙන්න'' යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනය කර සිටියි.

ඔහු එම ඉල්ලීම කරනු ලැබුවේ, කොළඹ නගරාධිපති රෝසී සේනානායක මහත්මිය විසින් සංවිධානය කළ ජන හමුවකට ඊයේ එක්වෙමිනි.

විපක්ෂ නායකයා එහිදී මෙසේද කීය.

"ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වුනේ 17වෙනිදා. අද වෙනකොට මාස තුනක්. මම පුදුම වුනා ඊයෙත්, පෙරේදාත් ප්‍රතිවාදීන් නිර්මාණය කරන කතාවක් නිසා.

පාර්ලිමේන්තුව පවත්වන අවසන් දිනයේ රජය ගෙනාවා මුදල් යෝජනාවක්. එහි පරාජය වහගන්න ආන්ඩුව ගේනවා කතාවක්. විපක්ෂය ජනතාවට අවුරුදු කන්න තියෙන අවස්‍ථාව නැති කළාලු.

මේ මොන විහිලු කතාද ?

මතක් කරලා බලන්න අපි ආව ගමන් ගෙනාවා දින සීයේ වැඩ සටහන. අපි ඒවා කරන්න අයවැයක් ගෙනාවා. සමෘද්ධි සීයට දෙසීයකින් වැඩිකළා. වැටුප් දහදාහකින් වැඩි කළා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. දහසක්  වැඩ කළා.

මෙයාලා මොකද කළේ. පාර්ලිමේන්තුව කල් දැම්මා. පෙබරවාරි ඉවරවෙනතුරු කල් දැම්මා.

ජනතාවට සහන දෙන්න හිතුවේ නෑ.

ජනාධිපතිවරණය ඉවර වෙලා අපි කීවා කියපු දේ කරන්න අයවැය ගේන්න, අත් දෙකම උස්සන්නම් කියලා. 
එහෙම නොකර මෙයාලා යෝජනාවක් ගිය සතියේ ගෙනාවා. පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන අන්තිම දවස් කීපෙ මේ යෝජනාව ගෙනාවේ.

ඒකේ යෝජනා දෙකයි. එකක් ජනතාවට සහන දීම. අනික ණය සීමාව වැඩි කිරීම. අපි කීවා ණය යෝජනාවට එකග නෑ, සංවර්ධන යෝජනාවට එකයි කියලා.

ආණ්ඩුව දෙකම අකුලා ගත්තා.

මාස තුනක් තිබ්බා අයවැය ගේන්න, ගෙනාවේ නෑ. එහෙම නොකර අන්තිම සතියේ අන්තිම දවසේ මේක ගෙනාවා.

මෙයාලා කියන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න ණය ඕනා නෑ. නමුත් මේ අය රුපියල් බිලියන පන්සීයක්,  හයසීයක් රාජ්‍ය ආදායම නැතිකර ගත්තා. sajith 24

ඉන්දියාවට ගිහින් එහෙන් ඉල්ලනවා අපෙන් ණය ඉල්ලන එක කල් දාන්න කියලා. ණය ගෙවන්න වසර තුනක් යයි කියලා එහෙට කියලා, මෙහෙට කියනවා නය සීමාව ඉහල දාන්න කියලා.

මම කියනවා මේ කතාව නොකපා දාන්න කියලා.

මිත්‍රවරුනි මම මේකම පැහැදිලි කළා පාර්ලිමේන්තුවේ දී. සමහර නාලිකා කැපුවා. මම කවදාවත් මාධ්‍යයට ඇගිලි දික් කරන්නෙ නෑ. මම මාධ්‍යයට ගරු කරනවා .

අපි නවීන විපක්ෂයක්. හොද දේට සහය දෙනවා. හැබැයි රටට එරෙහි දේට සහය දෙන්නේ නෑ.

 සාමාන්‍යයෙන් විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ කතාකරන්න නැගිටිනකොට මයික්‍රෆෝන ක්‍රියාත්මක වෙනවා. නමුත් මට ඒවා නෑ. මයිකුත් නෑ, තිරයත් නෑ.

මට හිතන්නේ මම අහන දේට උත්තර දෙන්න බෑ. මේ නිසා අපි කියන දේ පොඩ්ඩක් දානවා. හැමෝම නෙවේ. සමහර නාලිකා එහෙම කරනවා. 

ආණ්ඩුවේ ඇමති කෙනෙක් කියනවා, අපි සහන දෙන්න අකමැතියි, අවුරුදු කන එක විපක්ෂය නතර කළා කියලා. එයා තමයි දෙදාස් පන්සීකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කීවේ.

අසාර්ථක කලමණාකරණය නිසා බිලියන පන්සීයක් රටට අහිමි කරගෙන මේ අය අපිට චෝදනා කරනවා.

''අපිට තියෙන්නේ ජනතා ගිවිසුමක්''

සඟ, වේද, ගුරු ,ගොවි, කම්කරු බලවේගය අද පොහොට්ටුවේ යකඩ සපත්තුවලට යටවෙලා .අපි ඉදිරියේදි ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ලබා ගන්නවා. 

අපි සමගි ජනබල වේගය, නූතනවාදය, දේශප්‍රේමයරකින බලවේගයක්. සියලු ජාති ආගම් වලට ගරු කරන බලවේගයක්. අපි විශිෂ්ට දැක්මකින්, විශිෂ්ට ප්‍රවේශයකින් සැබෑ දේශප්‍රේමයක් තුලින් මේ රට ගොඩ නගන බව ප්‍රකාශ කරනවා .

අපි ශ්‍රීලනිපයට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා රට ගොඩනගමු කියලා.''


වීඩියෝ 

 

සබැඳි පුවත් :
''විපක්ෂය ජනතාවට අවුරුදු කන්න තිබූ අවස්ථාව නැති කළා''- අගමැති : 'පට්ට බොරු'' -විපක්ෂනායක (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්